Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 31

A+ A-

මේ දවස් ටික නෝමලි ගෙවිලා ගියා. දැන් සමහර සතියෙ දවස්වලට මට නොතේරෙන පාඩමක් එහෙම තිබ්බොත් අයියා වීඩියෝ කෝල් එකක් එහෙම අරන් ඕක එවෙලෙම කියලා දෙනවා. එන දවසට තව වැඩ කරන්න පුලුවන් නෙහ් කියලා. දැන් නම් සිරාවට ම ඒලෙවල් වගේ ෆීල් වෙනවා මට. මෙහෙමනෙ කලිනුත් මං වැඩ කළා ෆිසික්ස් නැතත් අනික් සබ් දෙක ම එලකිරි එකේ හිටියා. එව්නාට දැන් අයියා ගොඩක් වෙලාවට රෑට මාත් එක්ක ඇහැරිලා ඉදන් පාඩම් කරවනවා. ගනන් එවනවා හද හද එවන්න කියලා. මං දන්නෑ අයියා මගෙ ඉගෙන ගන්න දේවල්වලට මාර සපෝට් එකක් දෙන්නෙ. මං ට්‍රැක් අවුට් යනවා වගේ නම් ‘සෞරා..à·‚à·Š..!!!” කියනවා. හෙහේ.
දැන් මේ දවස්වලට අපේ වයසෙ උන්ට අලුත් වැඩක් සෙට් වෙලා. ඇයි සීනියර් බෝඩ් එකට ඇප්ලයි කරන්න කිව්වනෙ. මේ පාර ප්‍රින්සිපල්ලා මාරු උන ඒවත් එක්ක ටිකක් පරක්කුයි. යුගා නම් ඉල්ලනවා කිව්වා. මං හිතන් ඉන්නෙ ඉල්ලන්නෙ නැතුව ඉන්න. එහෙම විශේෂ හේතුවක් මත නෙමේ නිකන් බෑ වගේ හිතුනා. එව්නාට යුගා කියනවා අපරාදෙලු. කොලිෆිකේශන් තියෙන එකේ ඉල්ලනලු. අනේ මන්දා බලන්න ඕනෙ ඉතිම්.

“ආයුබෝවන් ළමයි”

“ආයුබෝවන් ටීච“

“ඔයාලට රිලීෆ් දාලා ඉන්නෙ මං. ඔයාලා සද්ද නැතුව වැඩක් කරගන්න ළමයි.”

පස්සෙ ටිකක් වෙලා යද්දි මිස් මාවයි යුගාවයි පේපර්ස් ටිකක් බලන්න කියලා කතා කරගත්තා. අද ශෙයලා නෑ. මොනවද සාහිත්‍ය මාසෙ කියලා තරඟවලට ගිහින්. ඌ නං පට්ට ආසයි මේ පේපර්ස් බලන වැඩවලට. මිස් පේපර්ස් ටික දුන්නට පස්සෙ අපි බැලුවා. අට නවය පී.ටී.එස්. ටිකක් තිබ්බෙ. දැන් මේවා මොනාද වගේ උනාට ඒ වයසෙ හැටියට ලොකු දේවල් නෙ ඉතිං. එව්නාට සමහරු එම්.සී.කිව්ත් හිස් තියලා. මං කියන්නෙ නිකම් ඉරක් ඇඳපන් කනාවට හරි හරිගියොත් කියලා. ලියන එකක් නම් හිතහදාගත්තැහැකි. හැබැයි මං පොඩි කාලෙ ඉඳන් අද වෙනකන් ලියපු කිසිම පේපරේක කිසිම දෙයක් නොලියා ඉඳලා නෑ. සෙකන්ඩ් එකක් උනත් මොකක් ම හරි ලියනවා. එහෙම ලියලා හරියන වෙලාවල් තියනවා. මං කියන්නෙ හිස්තැන් තියන එකට වඩා උත්තරයක් ලියන්න ට්‍රයි එකක් හරි දෙන එකයි හොඳ.
ඒ වැඩෙත් ඉවර කරලා දීලා පීරියඩ් එකේ තව වෙලා තිබ්බ නිසා යුගාට එක පාට්ට නැති චූ බරක් ලෝඩ් වෙලා මාවත් ඇදන් එළියට ආවා. මුගෙ ටොයිලට් එක තියෙන්නෙ ප්‍රිෆෙක්ට් රූම් එකේ හැබැයි.

“ආ ඇටයො දෙන්නා මොකෝ මෙහෙ. උබලට උගන්නන්නෙ නැද්ද දන්නෑ”

“හැපෝ උවින් අයියේ මහ පෑලියාව ඕයි තමුසෙගෙ.”

යුගා කිත්මිණ අයියා ගාවට පුටුවක් ඇදන් ඌ කරකර හිටපු එකටත් බෙල්ල දැම්මා. මාත් ඩෙස් එකට බර වෙලා හිටියා.

“අනේ වැඩේමයි මේ කොහෙද යන දොඩම් ගෙඩි දෙහකට මට ඊරිසියා කරන්න. ආ අනික තොපිලගෙ මහ උන් නෑ මෙතන”

“සිරාවට? කොහෙද අයියෙ ඩබල ගියෙ?”

“උබලා දෙන්නව විකුණන්න කරෝල වාඩියක් බලන්න ගියා”

“අනේ පලයන්න කිත්මිණ අයියෙ. තවුසෙට නම් සිරාවට ම පෑලියාව තමා”

“කිව්වයි කිය.. ආ ඔය ඔන්නෙ මිනිස්සු දෙන්නා. අපෝ පල දැන්වත් වද නොදී”

“අනේ තවුසෙට වද දෙන්නම වැඩේ අපිට”

අයෝන් අයියා ඇවිත් යුගා ගාවට පුටුවක් ඇදන් වාඩි උනා. අභී හාමුත් මටත් එක්ක පුටුවක් උස්සන් ඇවිත් අර මේසේ වටෙන් ම ඉඳගත්තා.
කිත්මිණ අයියා මොනාද මංදා ලියනවා ලියනවා ඉවරයක් නෑ.

“මොනාද හලෝ ඔය ලියන්නෙ?”

“උබලගෙ ප්‍රිෆෙක්ට් ඉල්ලන එකේ වැඩ තමා. තොපිලගෙන් නම් මාර වදේ ඕයි”

“ආ තොපිලා නෙමේ. මං නෑ ඕවට”

“ඔව්නෙ අයියෙ මේ පිට්ට වෙත්තලයා ප්‍රිෆෙක්ට් ඉල්ලන්න බෑලු”

“සෞරාෂ්?”
“පිස්සුද් යකෝ?”
“මල්ලි ඇත්තද?”

ඕක ඔච්චර පුදුම වෙන්න දෙයක් යෑ ඉතින්. තව කොච්චර ළමයි ඉන්නවද ඉල්ලන්නෙ නැතුව.

“ඇයි සෞරාෂ් ඉල්ලන්නෙ නැත්තෙ?”

“ඒකනෙ යකෝ. මොකෝ ප්‍රශ්නෙ?”

“එහෙම අවුලක් නෑ. නිකන් ඉල්ලුවෙ නැත්තෙ”

“ඉල්ලපං මල්ලි. උබල මේ ගන්න පුළුවන්කම තියෙද්දිත් ඉල්ලන්නැතුව ඉන්න එපා”

“මාත් කිව්වෙ ඒක තමා අයියෙ. ඇහුනද තොට?”

“හා අයියෝ බලමුකො”

“බැලිලි නෑ ඇටයො. අභියො මෙන්න මූට මොළේ පෑදෙන්න ටොක්කක් ඇනලා කියපන්”

“සෞරාෂ් එන්නකො”

අයියා නැගිටලා ප්‍රිෆෙක්ට් රූම් එකේ බැල්කනි එක වගේ කෑල්ලට ගියා. රූම් එකක් කිව්වට මේක තට්ටු දෙකකට විතර හදලා තියෙන්නෙ. පහළ බ්ලේසර්ස්, අචීව්මන්ට්ස්, ෆොටෝස් අරවා මේවා ගහලා හදලා තිබ්බෙ. උඩ තමා මෙහෙම ඉන්න පුළුවන් විදිහට තියන්නෙ. මන් අයියාගෙ පස්සෙන් ගිහින් එයාට එහා පැත්තෙන් හිටගෙන මෙතන්ට පේන ග්‍රීන් හව්ස් එක දිහා බලන් හිටියා. ඒකෙ ගෝවා එහෙම හැදිලා ලස්සනට පේන්වා.

“ඇයි සෞරාෂ් ප්‍රිෆෙක්ට් ඉල්ලන්නැත්තෙ?”

“නිකන් ඉතිං. එහෙම හේතුවක් නෑ”

“පාඩම් වැඩ මග ඇරෙයි කියලා බය වෙන්න එපා සෞරාෂ් හරිද?”

“නෑ එහෙම අවුලක් නෑ. කොහොමත් ඉතින් එක්කෙනෙක් අවුලක් වෙන්න දෙන්නෙත් නෑනෙ”

අයියා මං දිහා බලලා ලාවට හිනා වෙලා ආපහු ඉස්සරහ බලාගත්තා. ඊටප්ස්සෙ ආපහු මාව එයාගෙ පැත්ත හරෝ ගත්තා.

“ඉස්කෝලෙ කාලෙ විතරයි සෞරාෂ් මේ දේවල් තියෙන්නෙ. ඒලෙවල් එක්ක කීයටවත් ලේසි දෙයක් නෙමේ අමතර වැඩ කරනවා කියන එක. එව්නාට අපි හැමදේම බැලන්ස් කරන් කරන්න පුරුදු වෙන්න ඕනෙ තේරුනාද? ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලා පස්සෙ කාලෙක උබට මතක් කරන්න ඉතුරු වෙන්නෙ ඔය දේවල් තමා.”

“පුළුවන් වෙයිද?”

“හ්ම්.. ඔව්. අමාරුයි තමා. එහෙමයි කියලා ලේසි පාරම තෝරගන්න යන්න එපා. වැඩ මග ඇරෙන්න යනවා ඕන තරම්. ඒ දේවල් බැලන්ස් කරගන්න ට්‍රයි කරන්න. මං උබට හෙල්ප් එකට ඉන්නවනෙ. තව අම්මා, යුගාන් මල්ලි, උවින්, අයෝන් ඔය හැමෝම උබ වටේට ඉන්නවා. ඒ හයිය උබට අරන් ඉස්සරහට යන්න.”

“හ්ම්..”

“හිතලා බලලා හොඳයි කියලා හිතෙන දේ තෝරගන්න. ම්..? අපි කිව්වට නෙමේ.”

මං ඔලුව වනලා හා කියලා හිනාවක් දුන්නම අයියා හිනා වෙලා මගෙ කොන්ඩෙ අවුල් කළා. හරි වදයක් අප්පා මේ මනුස්සයා මගෙ කොන්ඩෙට දෙන්නෙ.

“ආ මේ අයියෙ ඒක නෙමේ, කොහෙද තවුසෙ පාචාවෙ ගියෙ?”

“පා..චා.. මොකක්?”

“පාචාවෙ අප්පා”

ඒ පාර ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා. ඇස් ගෙඩි දෙක හැලෙයිදත් මන්දා.

“ඒ මොකද්ද බන් ඒ හරුපෙ. උබ සිංහල හදනවද?”

“ඊයා හලෝ ඒකවත් දන්නැද්ද. පාචාවෙ කියන්නෙ පාද චාරිකාවෙ. මොකද්ද අප්පා තවුසෙ”

“à·„à·„à·Š à·„à·„à·Š. උබට ම ගැලපෙන වචන තමා ඕවා”

“ඇයි?”

“කොටයිනෙ”

“අනේ මේ අයියෙ මගෙන් කුනුහර්ප අහගන්නැතුව හිටපිය. කියපිය තවුසෙ කොහෙද ගියෙ. ඔච්චර කියන්නැත්තෙ මට නොදී කැන්ටිමෙන් කෑවා නෙහ්?”

“à·„à·„à·Š à·„à·„à·Š.. උබට කන්න ඕනෙ කියලා කිව්වා නම් ඉවරනෙ බං. ඔච්චර මගුල් කියවන්නෙ”

“අනේ මට ඕනෙ කැමක් නෑ. කොහෙද අප්පා ගියෙ කියනවකො.”

“ඔෆිස් එකට බං. වෙන කොහෙ යන්නද?”

ඔය ගිහින් එන ගමන් මට කිඹුලෙක් උස්සන් ආවානම් ගෙවෙනවනෙ. හුහ්. අයියා මගෙ ඔලුවටත් තට්ටුවක් දාන් ඇතුළත ගිය නිසා මාත් යද්දි මේකා මට බෑග් එක ඇදලා චොක්ලට් දාපු උළුදු වඩයක් දුන්නා. à·„à·’à·„à·“…

“වටෙන් ගොඩෙන් කියන්නැතුව එකපාර කිව්ව නම් ඉවරනෙ බං.”

“ආ.. මේ බලහංකො අයෝන්. මුට අන්තිමට මේ කොහෙන්වත් ආපු එකෙක්ව ලොකු වෙලා. අපිව අමතක වෙලා. පලකො පලකො ඔහොම.”

අයියා බෑග් එකෙන් තව ඩෝනට් ටිකක් අරන් තිබ්බම කිත්මිණ අයියා කට උල් කරලා අයියට කිස් එකක් එව්වා. මං ඉතින් පොතක් අරන් අනික් පැත්තට හුලන් ගැහුවා. එනවා මෙතන මගෙ ටුබියට චුක්කි දෙන්න. පස්සෙ ඕකටත් ‘තොට කලින් මූ මගෙ එකා’ ‘තෝ පොඩි ඇටයා බෝල කරලා විසික් කරනවා’ කිය කිය දාහක් දේවල් කියද්දි මං අයියගෙ අතක් බදන් දිවක් දික් කළා. හුහ්.
පස්සෙ කිත්මිණ අයියාත් අර කොළ ටික ලියලා ඉවර කලාම කට්ටිය ම කෑවෙ. නැත්තන් ඔය එක කොළේක හරි චොක්ලට් ගෑවුනොත් මුං ටික ඉඳලා හමාරයි.

ඔහොම දවස් දෙක තුනක් යද්දි මං ප්‍රිෆෙක්ට් එකට ෆෝම් එකක් ෆිල් කරලා දැම්මා. අයියා කිව්ව කතාවත් ඇත්ත තමා. ලේසි පාත් එකට වඩා අමාරු පාත් එකක ගියාම කවදා හරි හැරිලා බලද්දි අපිට අපිගැනම සතුටු වෙන්න පුළුවන්. සැප්තැම්බර් අග වගේ බැජ් සෙරමනි තියනවලු. ඔය ලං කරලා වගේ තමා ඉතින් තෝරගත්ත අයවත් කියන්නෙ. කොහෙද ලොකු ඈයො දැනගත්තට නිකන්වත් කියන්නෑ නෙ. ඒක එතකොට බලාගන්නලු. මං එවින් අයියගෙනුත් ඇහුවා ම ඌ කියනවා ඔක්තෝම්බර් මුල වගේ කියන්නම්ලු. යකෝ එතකොට මාත් දන්නවනෙ ඉතිං.

කොහොමහරි සැප්තැම්බර් විසි ගනන් වෙද්දි බුක් ෆෙයා එකත් පටන් ගත්තා. මං චූටි කාලෙ ඉදන් ම ඕකට යනවා නිකන් ඇවිදලා එන්න හරි කියලා. ගිහින් අර මැද හයියට චොක්ලට කෑල්ලක් තියන මොකද්ද අයිස්ක්‍රීම් එකක් අනිවා කාලා එනවා. ඒක තමා මං බුක් ෆෙයා ගිහාම කන ජාතික කෑම. මේ පාරත් මං අම්මට යන්න ඕනෙ කිය කිය ඉද්දි අයියා කිව්වා එක්කන් යන්නං කියලා. මං ඉතින් එහෙම කරදර කරන්න බෑනෙ අනේ කියලා බෑ කිව්වෙ…නෑ!!! පිත්තු හැදෙයි ඒයි මං ඒම බෑ කියන්නෑ. හෙහේ. අම්මත් හා කිව්වා. එයා ඉතින් උඩින් ම ශුවර් නෙ එයාගෙ අභී පුතාවයි අනික් පුතාලවයි. සේරමත් හරි දවසක් මටකිව්ව සුදුපුතාවත් මට වඩා ශුවර් ලු. ඒකට නම් මගෙ පුපත් හිනා උනා. මංනෙ දන්නෙ ඔය ගොම් බෙට්ටාගෙ හැටි.
කොහොමහරි කට්ටියම යන්න දවසකුත් දාගත්තා වැඩිකල් නොයවා. ඇයි බැජ් සෙරමනි එකත් තියනවනෙ පස්සෙ. ඒකත් තිස්වෙන්දට තියනවලු. තාම තෝරගත්ත කවුද කියලා කිව්වෙත් නෑ. හෙට අනිද්දා කියයි කියලා තමා අයියා කිව්වෙ.

ඔහොම දවස් ගිහින් හරියට ම අපි බුක් ෆෙයා යන්න දාගත්ත දවසෙම උදේ ඉස්කෝලෙ ගිහාම අලුත් සීනියර් බැජ් එක අනවුන්ස් කලා. කොහොමහරි මාවත් තේරිලා තිබ්බා. මං අයියට කිව්වා ම ඒකෙ සතුටට මට මොනා හරි අරන් දෙන්න කියලා මේකා කියනවා මාව යැව්වෙ එයා නිසා එයාට මමලු තෑගි දෙන්න ඕනෙ. මං ඉතින් හා කියලා අත අරන් හව් ගාලා හපලා දුවන් ආවා. ආතරේටනෙ ඉචිම්.

අපි ඉස්කෝලෙ ඇරිලා අයෝන් අයියලගෙ ගෙදරට ගිහින් චේන්ජ් කරන් ගියෙ. එහෙ හිටියෙ අයෝන් අයියගෙ ආච්චිඅම්මා. එයා හරි සෝයි අප්පා. චූටියි කියුට්. වාහනවල ගිහාම මේ කාලෙට ට්‍රැෆික් එකත් එක්ක අමාරු නිසා අපි බයික්වල ගියෙ. එතකොට මායි අයියයි එකක යුගයි අයෝන් අයියයි එකක කිත්මින අයියයි එවින් අයියයි එකට. අපේ කිඹුල් අයියලා එකක. ඒකත් ජොලි ඉතින්. කට්ටියම එක පේළියට බයික් ටිකෙන් යද්දි. කොහොමහරි මේ ළඟ කාලෙක ඉඳන් මන් පහුගිය කාලෙටත් හරියන්න මාරම සතුටකින් නිදහසේ ඉන්නවා. මං ඇත්තට ම ඒකට ආදරෙයි, ගොඩක්…

————————————————————

මං ආපහු ආවා හලොව්😁

ඔය සමයිත් දැන් ඡන්ද භීසනේද ඉන්නෙ? මටත් දැන් බෙට්ටකින් හරි ඡන්දෙ ඉල්ලන්න හිතිලා තීන්නෙ අෆ්ෆා.😪 ඔයැයිලා ඒම උනොත් මට දෙන්න හොජේ..💩❌

අර ඩරුවො බයික්වල බුක් පෙයාර් යනෝ පෙයා පෙයා. ඔය ඩරුවොත් යම්ඩ. පෙයා යන්ඩ බැරි උනාට කමල්ලෑ ඒයි සිංගල් ජීවිතෙ සැපක් 😌✋

මේ… සූටි පස්නයක් තියේ අහන්න. බාල්දි තියෙන්නෙ මොකටද හලොව්? 🤔
නෑ මේ නිකං ඉතින් දැනගන්න වගේ ඇහුවෙ. හෙහෙ😁
චුක්කා චුක්කිලා කලබල නොවී කාලා බීලා සූ දාලා දොයියගම්න. 😴

ඒනම් මං යන්නං සමයිනේ…
බෙට්ටක් තරම් ආතරෙයි 💩♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 31, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 31, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 31 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 31 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 31 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 31 light novel, ,

Comment

Leave a Reply

Chapter 33