Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 32

A+ A-

“වොහ්, හාඩි බෝයිස් නේද ඔය?”

“හ්ම්.. ඒක ලස්සනයි. මන් මේ කොටස හොය හොය හිටියෙ.”

“මාත් චූටි කාලෙ ඕක කියෙව්වා. සේරම හොයාගන්න හම්බුන්නෑනෙ ඉතිං”

“දැන් මං ගාවතියනවා කියවන්න පුළුවන්”

බුක්ෆෙයා එකට ආපු ගාන්ම අයියලා අපිව පාස්ට් පේපර්ස් පැත්තට ඇදන් ගිහින් ඒවා අරගත්තා. ඊටප්ස්සෙ තමා මේ කතාපොත් තියන පැත්තට ආවෙ. අතරමැද්දෙන් කෑම කඩ පැත්තටත් ගියා. නැතුව බෑනෙ. ශක්තිය එපැයි. අනික් කට්ටියත් තැන් තැන්වලට වෙලා එකේක පොත් බලනවා. මං අනික් පොත් රැක් ගාවටත් ගිහින් ඒවෑ තිබ්බ පොත් බල බල හිටියා. මං මෙහෙම පොත් අස්සට වෙලා ඉන්න හරි ආසයි. ඒ කියන්නෙ අර එතකොට පොත්වලින් එන සුවඳ හොඳට දැනෙනවා. මං ඒ සුවඳට මාරම ආසයි. අදටත් ලියන්න හරි කියලා අලුත් පොතක් ගත්ත ගාන්ම කරන්නෙ සුවඳ බලන එක. ඔහොම බල බල ඉද්දි මං එක පොතක් දැකලා ඒක උස්සන් අයියා ගාවට ගියා. මං මේකක් හොය හොය අප්පා හිටියෙ.

“අයියෙ මේ..”

“මොකද්ද?”

“…..”

මං අයියා පැත්තට පොත දික් කරන් බලන් හිටියා. අයියා ටිකක් වෙලා පොත දිහා බලන් හිටියා. මං හිතන්නෙ ලෝඩ් වෙනවා ඇති. ඊටපස්සෙ මං දිහාමොකෙද්ද එකෙක් වගේ බලන් හිටියා.

“උබට දහඅටක් ම කියලා ශුවර් ද සෞරාෂ්?”

“ඇයි දහඅටක් උනාම මේක පාටවෙන්නැද්ද? අනේ මේ මං මේක ගන්නවා.”

“හා හා කොහොමත් උබේ පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නෑනෙ”

මේකාගෙ කටවැඩී හොඳට ම දැන්. දෙන්න ඕනෙ දෙකක්. මං අර ගත්ත රූප පාට කරන පොතත් අයියා ගාව තිබ්බ කූඩෙට දැම්මා. එතනින් පොත්වලට පේ කරලා අනික් තැන්වලටත් ගිහින් පොත්, කොළ අරවා මේවා සේරමත් උස්සන් අපි ආවෙ අයිස්ක්‍රීම් හට් එකක් ළඟට. හ්ම්.. දවසේ වැදගත් ම අංගය.. කොහොමහරි බුක්ෆෙයා එකෙන් එළියට එද්දි එකළහත් කිට්ටු වෙලා. ඊටපස්සෙ කඩේකට ගිහින් කාලා බීලා අපි ගෙවල්වලට ආවා. ඇවිත් මං සුටුස් ගාලා වොශ් කරන් කාමරේ පුටුවෙන් ඉඳගත්තෙ පොඩිවැඩක් පටන් ගන්න හිතන්.

අයියා මට බුක්ෆෙයා එකේදි පෙන්සිල් ආර්ට් කරන්න පුළුවන් බුක් එකක් අරන් දුන්නා. මං ගාව මෙච්චර කල් තිබ්බ පොත ඉවරවෙලා තිබ්බෙ. ආපහු ගන්න තරම් වෙලාවක් හම්බුනේ නෑ. මේ වැඩ එක්ක ඒ දේවල් ටිකක් මගඇරුනා. අයියා කිව්වෙ වැඩ තිබ්බට ඒ දේවල්වලින් ඈත්වෙලා නිදහස කියන දේ නැතිකරගන්න එපා කියලා. ඇත්ත තමා, මං ස්කෙච් එකක් කරද්දි හිත මාරම විදිහට නිදහස් වෙනවා. ඒක කියාගන්න තේරෙන්නෙ නැති හරි අමුතු විදිහෙ නිදහසක්. මං පොතත් පෙරලන් ආට් එකක් ඇන්දා. ඒ පැය දෙක ඇත්තට ම අර කිව්වා වගේ හරි නිදහස් ; කාම් වයිබ් එකක් ඇතුළෙ මං හිටියා..

ඊළඟ දවසෙ ඉදන් ඉස්කෝලෙ ගිහාම දවසෙන් දවස බැජ් සෙරමනි එකේ වැඩ එන්න ගත්තා. ඊයෙත් ඒකෙ ප්‍රැක්ටිස් ඉවර වෙලා යද්දි හවස් වෙලා. ඒකත් ස්ටේජ් එකට නැගලා බැජ් එක ගහන එකත් හරි කොහෙන් හරි බෝඩ් එක භාර මිස් දැනගෙන මට සින්ග් කරන්න පුළුවන් කියලා මාව බලෙන් ම දැම්මා සින්දුවක් කියන්න කියලා ප්‍රිෆෙක්ට් කෙනෙක් උනහම ඔහොම ඉන්න ඕනෙ අරවා මේවා කියලා.
හෙට සෙරමනි එක නිසා අද කොහොමත් ගෙදර යද්දි කීය වෙයිද දන්නෑ. ඇයි මේ හෝල් එකේ ඩෙකරේෂන්වලට යනවා හෙන වෙලාවක්. අපේ බැජ් සෙරමනි එක තියන්නෙ පිට. නැතුව බැනෙ ඉතිං. හෙන ලොට් එකක් ඉන්නවානෙ. ඒකත් හෙන ග්‍රැන්ඩ් විදිහට කරන්නෙ. ආයි කතා දෙකක් නෑ ඉතිං. හොඳ ම වැඩේ කියන්නෙ මේකට වියදම් වෙන සතේ ඉඳන් හැමදේම අපිට ම හොයන්න උන එක. ඕකනිසා ගිය ටිකේම ප්‍රිෆෙක්ට් බෝඩ් ටික එකතු වෙලා ඉස්කෝලෙ ෆුඩ් ෆියෙස්ටයි අරවා මේවා හෙන ගොඩක් තිබ්බා. එව්නාට පස්සෙ ප්‍රින්සිපල් සර් ගානක් දීලා තිබ්බා. මං හිතන්නෙ මහන්සි උනත් එහෙම අපිට ම ඒ දේවල් කරගන්න දුන්න එක හොඳයි. මොකද කවදාහරි එළියට ගිය කාලෙක අපි වැඩක් කරද්දි කවුරුත් ඒකට සල්ලි දෙන්නෑනෙ. අනික මෙහෙම වැඩ කරපු නිසා බෝඩ් එක ඇතුළෙ මාර ම විදිහට කට්ටිය එකතු උනා. අදත් මේ අලිපත ප්ලේස් එකේම අපිට ඩෙකරේෂන් කරන්න වෙලා තියෙන්නෙ. ඒ අස්සෙ රියර්සලුත් කරනවා..

“සෞරාෂ්..”

“ඕ..”

“උවින් එක්ක ඔයයි යුගානුයි ඉස්කෝලෙට ගිහින් එනවද? මේ ඕබී එකෙන් දේවල් ටිකක් එවලා තියනවා. අපි කාටවත් යන්න විදිහක් නෑ”

“ආ..හා යන්නං. දැන්ද?”

“තව ටිකකින් යන්න උවින් ඇවිත් කතා කරයි”

“හා”

“පරිස්සමින් ගිහින් එන්න”

“හා”

මං එල්ල එල්ල හිටපු බෝඩ් එකත් ඉක්මනට එල්ලලා ඉවර කරලා කිත්මිණ අයියා ආවම ඌයි යුගා එක්කයි ඉස්කෝලෙට ගිහින් ඔය කිව්ව ලට්ට ලොට්ට ටික උස්සන් ආවා. බැජ් ටිකත් ඕබී එකෙන් ද කොහෙද දෙන්නෙ මට පේන්නෙ.
කොහොමහරි වැඩඉවර කරලා ගෙදරගිහින් ටිකක් නිදාගෙන් අනික් පැත්තට ආපහු ඉස්කෝලෙ ගියා. අද දෙකහමාරට සෙරමනි එක පටන් ගන්නෙ. අම්මත් ඒ වෙද්දි එන්නම් කිව්වා. අපි ඉස්කෝලෙ ඉවර වෙලා එතනට ගිහින් තිබ්බ ඉතුරු වැඩත් බල බල කරලා දැම්මා.

“මල්ලි, උබලා ගිහින් ලෑස්ති වෙයන් දැන්. මේ ටික අපි බලන්නං”

සීනියර් අයියා කෙනෙක් ඇවිත් අපිට යන්න කිව්ව නිසා අපි ඇවිත් මූන අතපය හෝදන් කෝට් දාගෙන ලෑස්තිඋනා. ස්කූල් බැජ් එක පැත්තකින් ප්‍රින්ට් කරලා තිබ්බා කෝට් එක ඇඟට දාගත්තහම ඒ දැනෙන හැඟීම, ඉස්කෝලෙ වෙනුවෙන් දැනෙන හරි ආඩම්බර ගතියක්.. මායි යුගයි ලෑස්ති වෙලා තව වෙලා තිබ්බ නිසා අම්මලා ඉන්නතැනක් හොයාගන්න කියලා ගියා. විනාඩි පහක් විතර බලද්දි කට්ටිය ඉන්නවා ඉඳගෙන කයිය ගගහා. ශෙයලයි අයාසයයිත් අපි එක්ක ම ආවා අම්මලා ඉන්න තැනට. එතන ගත්තොත් දැන් අපි හතරගෙ අම්මලයි අයියලා හයගෙ අම්මලයි ආච්චියි හිටියා. ආච්චිත් කෙල්ල වගේ අප්පා. ඔසරියක් ඇඳලා හෙම සෝක් අප්පා. අපි කතා කර කර ඉද්දි අයියලාත් සැරින් සැරේ ඇවිත් බලලා බලලා ගියා. මේ කට්ටිය ඉතින් කොහොමත දැන් ගජමිතුරු සංගමේ වගේ තමා.

උත්සවේ පටන් අරන් මුලින්ම ගර්ල්ස් එකේ කෙල්ලො ටිකක් පූජා නැටුමක් කරලා ඊටපස්සෙ ප්‍රයිමරි ප්‍රිෆෙක්ට්ලට බැජ් පැලැන්ඳුවා. ඊටපස්සෙ ජූනියර්ස්ලට. ඔය අතරමැද්දෙ නැටුම්, සින්දු එහෙමත් තිබ්බා. මට ගානට ම අපේ බැජ් පළන්ඳන්න කලින් අයිටම් එක ම සෙට් උනේ. මං හිතේ තිබ්බ කලබලේටත් එක්ක බැක්ස්ටේජ් එකේ එහා කොනටයි මෙහා කොනටයි ඇවිද ඇවිද හිටියා.

“සෞරාෂ්.. බය වෙලාද ම්..?”

“හ්ම්.. ටිකක් විතර”

“අව්ලක් වෙන්නෑ බං. හරිනෙ? මං බලන් ඉන්නවා.. ගුඩ් ලක්”

මගෙ අයිටම් එකට කතා කරනවත් එක්කම අයියා මගෙ පිටට තට්ටුවක් දාලා එතනින් ගියා. මං ස්ටේජ් එකට ගිහින් එතන තිබ්බ උස ස්ටූල් එකෙන් ඉඳගෙන කකුලක් නමලා උඩින් තියාගත්තෙ එතන හේත්තු කරලා තිබ්බ මගෙ ගිටාර් එකත් අතට අරන්. විනාඩියක් විතර යද්දි කර්ට්න්ස් දෙක දෙපැත්තට වෙන්න ගත්තහම ඊට වඩා මාර වේගෙකින් මගෙ පපුව ගැහෙන්න ගත්තා. මට ස්පොට් ලයිට් එක වැටිලා සින්දුවේ මියුසික් එක ඔකෙස්ට්‍රා එක ප්ලේ කරද්දි මං ගිටාර් එක ප්ලේ කරන්න ගත්තත් මගෙ ඇස් කලබලෙන් එහෙමෙහෙ ගියෙ අයියව හොයාගන්න. බලන් ඉන්නම් කිව්වට කෝ..

(🎶පුළුවන් නම් සින්දුව අහන්න🎶)

“ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ

පායන්න දෑස මානේ උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ..”

මගෙ කටහඬ ලාවට වගේ වෙව්ලනවා. ඒක් අනික් අයට එච්චර නොදැනුනාට මට දැනුනා. ඉඳන් හිටපු හැමෝම මං දිහාවට අවධානෙ දීලා තිබ්බට මගෙ ඇස් තාම එහෙ මෙහෙ දිව්වෙ අයියව හොයාගෙන. කලින් මං මෙහෙම ඕනතරම් සිංදු කියලා තිබ්බට අද ටිකක් වෙනස්. සමහරවිට තැන වෙනන් නිසාවත්ද?.. ටිකක් වෙලා මං හොයද්දි ඒ ඇස් දෙක මට හම්බුනා. ඔව්, අයියා ලාවට හිනාවෙලා තම්බ්ස්අප් එක්ක මට කිව්වෙ කලබල වෙන්න එපා කියලා. ඒ තත්පරේට ම අර මගෙ වටේ තිබ්බ බය ගතිය අඩුවෙලා යද්දි මං සිංදුවේ ඉතුරු ටිකත් කියන්න ගත්තා.

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමනක් ශේෂය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා හිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක් ගෑනු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ

ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක් ගෑනු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ

පායන්න දෑස මානේ උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ

ආ..~ ආ..~
ආ..~ ආ..~
ආ..~ ආ..~
ආ……~

අන්තිමට මං කියලා ඉවර කළේ අම්මා දිහා බලලා හිනාවෙන ගමන් ම අයියා දිහාත් බලලා හිනාවෙලා..
මං බැක්ස්ටේජ් එකට යද්දි ඒ විනාඩියට අයියා මං ගාවට දුවන් ආවා.

“Well done Saurash.. It’s so good. උබට කරන්න බැරි දෙයක් නෑ බං. I’m so proud of you mini..”

අයියා මගෙ ඔලුවට තට්ටුවක් දාලා එහාට උනේ ඊළඟට අපේ බැජ් පළන්ඳන එකට ළමයි එතනට එකතු වෙද්දි. මුලින් ම අපේ බැජ් ටික පලන්දලා අපි ඉද්දිම එහෙම්ම ආෆ්ටර් ඒලෙවල් සීනියර් බෝඩ් එකත් ස්ටේජ් එකට ගත්තා. ඊටප්ස්සෙ Hp බැජ් එක මුලින් ම කිත්මිණ අයියට පැලැන්දුවා. ඊළඟට තිබ්බෙ ප්‍රශ්නෙ තමා කවුද අනික් DHP කියන එක.. විනාඩියක් යද්දි ඊගාව DHP විදිහට ටෙක් එකෙන් හිටපු අයියා කෙනෙක් DHP විදිහට තෝරලා ඒ බැජ්සුයි GC & DGC බැජ් ටිකයිත් දීලා අනික් සීනියර් බැජ් ටිකත් පළන්ඳලා දිවුරුම් දීලා ඉවර කරලා කිත්මිණ අයියගෙ කතාවකින් පස්සෙ ජාතික ගීය කියලා සෙරමනි එක ඉවර උනා.

ඊටපස්සෙ අපි කට්ටිය අයියලා එක්ක ෆොටෝස් ගන්නයි අරවා මේව කරන්න ගත්ත නිසා අම්මලාව යැව්වා. ඒවත් ඉවර වෙලා අයියා මාව ගෙදරට ගෙනත් බැස්සුවෙ. ඒ එන්න කලින් අයියා මාත් එක්ක බීච් එකට ගියා. එතනට වෙලා අපි දෙන්නා මුහුද දිහා බලන් කතා කර කර විනාඩි විස්සක් සමහරවිට ඊටත් වැඩිය වෙලා බයික් එකට වෙලා ඉඳන් හිටියා.

“දන්නවද සෞරාෂ්?”

“මොකද්ද?”

“උබ අද ස්ටේජ් එකට වෙලා සින්ග් කරද්දි මට උබව අරන් හංගගන්න හිතුනා. ඒක ආත්මාර්ථකාමී විදිහට නෙමේ හිතුනෙ. උබව පරිස්සම් කරන්න ඕනෙ කියලා හිතුනා. උබ ඒ විදිහට හිනාවෙලා ඉද්දි ලෝභ හිතෙනවා සෞරාෂ්..”

“ඔයා දැනටමත් මං ළඟින් ඉඳන් මාව පරිස්සම් කරනවා අයියෙ..”

“ම්.. උබ ඔය දේවල් එක්ක කවදාහරි හොඳ තැනකට එන්න ඕනෙ සෞරාෂ්. හැමපැත්තකින් ම ලස්සනට අඩිය තියලා ඉස්සරහට යන්න. මං උබට පිටිපස්සෙ ඉඳන් පාර කියන්නම්. උබ උබේම ගමනක් යන්න ඕනෙ..”

මං ඔලුව වනලා අයියා කියන එක අහන් හිටියා. මට ඇත්තට ම මාර සතුටුයි අයියා කවදාවත් මගෙ ඉස්සරහට හිටගෙන මගෙ පාර එයාට ඕන විදිහට හරස් කළේ නෑ. එයා හැමතිස්සෙම මංගාව ඉඳන් මට යන්න ඕන පාරවල් මතුකරලා පෙන්නනවා. මට ඒවගෙ යන්න දෙනවා. එයා මට දවසින් දවස අලුත් අත්දැකීම් ගන්න දෙනවා. මං කියන්නෙ අයියා කවදාවත් මාව කන්ට්‍රෝල් කරන්න හදලා නෑ. එයා මට මගෙ දේවල් කරන්න දීලා බලන් ඉන්නවා. ඕන තැනදි ඒ දේ වෙන්න ඕනෙ විදිහ කියලා දෙනවා. මං මාව ගොඩක් දුරට අයියා නිසා දැනගත්තා වගේ.. මට මගෙ මග ඇරුනු ගොඩක් පැති එයා ආපහු සුද්ද කරලා මගෙ අතට දුන්නා..

“ඒ ගිටාර් එක උබට ගැලපෙනවා. ලස්සනයි”

“කින්ග් ඔෆ් ද නයිට්”

“….?”

“එයාගෙ නම ඒක, කින්ග් ඔෆ් ද නයිට්”

“හේතුව?”

“ම්..මං මොහකට හරි අවුල් උනාම ඉස්සර ඉඳන් රෑට එළියෙ පුටුවක් තියන් අහස දිහා බලන් ඉන්න දවස් තියනවා එතකොට අර වත්තෙ පිපිලා තියන කඩුපුල් මල්වල සුවඳත් එක්ක හරි කාම් වයිබ් එකක් මගෙ වටේට දැනුනා. මට ගිටාර් එක ප්ලේ කරද්දිත් ඒ වගේ ම දැනෙනවා. පස්සෙ පස්සෙ තාත්තා ගැන මතක් වෙද්දි හැමවෙලේම වගේ මං මෙයාව ප්ලේ කළා. ඉතින් මුලින් මෙයාට මගෙ ෆේවරිට් ම මලේ නම ක්වීන් ඔෆ් ද නයිට් දුන්නා පස්සෙ අර නිසා කින්ග් ඔෆ් ද නයිට් උනා..”

“තාත්තා නිසා?”

අයියා ඒක ඇහුවෙ එයාගෙ ඇස් දෙකේ මහ ගොඩක් හැඟීම් පුරවගෙන මං දිහා අර ලා හිනාවත් එක්ක බලාගෙන.

“හ්ම්..”

මං ඒක කියද්දි අයියා මගෙ වටෙන් කරට අතදාලා එයා ගාවට අරගත්තා. මං අයියත් එක්ක සමහරදවස්වලට කතාකරද්දි ගෙදර දේවල් ගැන කියනවා. අයියා ඒ වෙලාවට ඒ දේවල් අහන් ඉන්නවා. ළඟ ඉන්නව නම් අනිවාරෙන් ම මෙහම ළඟට අරගන්නවා. නැතත් අහන්ඉඳලා ඒවට හරියන්න එයා මොනවම හරි කියලා ආපහු මාව හිනස්සනවා. දැනුත් මං කියලා ඉවර උනහම මගෙ කොන්ඩෙ උඩට ලාම ලාවට තොල් දෙක තියලා මාව එයා ළඟට තුරුල් කරගතහම මාත් ඒ උණුහුමට ළං උනා.

“උබ ගැන මං කියවලා ඉවරකරන්නෙ කොහොමද සෞරාෂ්. හැමදවසක්ම ඉවරවෙද්දි අන්තිමට මාව උබට තවත් බැඳෙනවා බං…”

————————————————————

මං ආවා අලෙව්..

පිංතූර පාට කරන පොත් හරි සෝක් අප්පා.. 🤭♥️🎨

ඔවාලා ඡන්දෙ දාලා ඇඟිලි පාට කරන් ද ඉන්නෙ ඉතිං.. එහෙම නැති සුට්ටි චුක්කා චුක්කිලත් ඉන්නෝ නෙහ්? ඔවාලා බික්කට් එකක් කකා රෑට ඡන්දෙ රිසල්ට්වත් බලම්න අනෙව්. මාත් මේ බලන්න ඉන්නෙ🫠✋

King of the night නම හැදුන විදිහ ගැන මොකෝ හිතන්නෙ..

සෞරාෂ් ගෙ ස්කෙච් එක. කාගෙ කාගෙ ඇස්ද මේ ඉචිම්… ගෙස් කරන්න බලන්න..🤔
කියලා කමෙන්ටුවක් දාන් යන්න හොඳේ. මං ඔවාලගෙ කොමෙන්ටු ආසාවෙන් බලන්නෙ ඒයිලා. 🙂♥️

මං දැන් ගොහිං එඤ්ඤං
ආතරෙයි 😘♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 32, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 32, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 32 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 32 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 32 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 32 light novel, ,

Comment

Leave a Reply

Chapter 34