Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 33

A+ A-

“සෞව්වෝ.. මං ගියෝ..”

“හරේ මාත් යනවා..”

දැන් ඉතිං උදේ ආපු ගාන්ම කෙලින් ම ඩියුටි දුවන්න ඕනෙනෙ.
මාව එකොළහේ කොල්ලොන්ගේ ක්ලාස් එකක ඩියුටි වැටිලා තිබ්බෙ තව අයියා කෙනෙකුයි අපේ වයසෙ එකෙකුයි එක්ක. මං ඩියුටි පොතත් අරන් පෑනකුත් සාක්කුවේ ගහන් ක්ලාස් එක පැත්තට ගියෙ උන් ටික නැත්තන් බුදුපහනවත් නොතියන නිසා. අපි ක්ලාස්වල ඩියුටි කරද්දි ටොප් බෝඩ් ඈයො ස්කූල් රවුන්ඩ් යනවා. එතකොට තුන් හතර වතාවක් විතර කවුරුහරි එනවා ඉතිං. ගාථා කියන වෙලාවෙ රිළවෙකුත් මේ පැත්තෙන් ගියා.

ඩියුටි ඉවර කරලා පොතත් අත්සන් කරන් ලැබ් එකට එද්දිත් බයෝ මිස් පාඩමත් පටන් අරන්. දුවලත් මෙහෙම නම් මට ජෙට් එකක්වත් ඕනෙ අප්පා. මන් එක්සියුස් කරලා ඇවිත් යුගාට එහාපැත්තෙන් ඉඳගත්තා. ටිකක් වෙලා යද්දි මට නිදිමතකුත් ලෝඩ් උනා. ඊයෙ රෑ පාඩම් කරලා නිදියද්දි පරක්කු උනානෙ. හයියූ..

“හ්වා…à·„à·Š. නිදිමතයි යුග්ගො”

“අර අර කෑවා ඉතින් තෝ ඈනුමක් යවලා. හ්වා…à·„à·Š. මන් තද කරන් ඉද්දි තෝ කෑවා බේසමා. හ්වා..à·„à·Š.”

“ඕවා තියෙන්නෙ යවන්න තමා.”

“පල යකෝ දැන් මට නවත්තගන්න බෑ.”

“ඔතන වෙන ම කතාවක්ද? ආ?”

හරිනෙ. දැන් නිදිමත නෑ හැබැයි. අනික් උන්වත් ඇහැරිලා ඒ පාර නම්. මිස් අපි දෙන්නා දිහා කන්න වගේ බලන් ඉන්නවා. ස්වොරි අයියෝ මිස්..

“කටවල් වැහිලද දෙන්නගෙ දැන්? නැගිටිනවා බලන්න”

අයියෝ ටීච නී එනක්කු වේණ්ඩාම්. අපි පව් අප්පා. මිස් කිව්ව පාර නැගිටින්න ගිහින් ඩෙස් එකට කකුල හිරවෙලා යුගාව ආපහු ඉන්දෙව්නා දඩබඩාං ගාලා. ඒ අස්සෙ හිනාත් යනවා. පකුනේ හිනාව නවත්තගනිල්ලා!!!

“හා හා මොකෝ හිනාවෙන්නෙ? මෙතන හිනාවෙන්න දෙයක් උනාද? මාව විහිලුවකට ගන්න එපා ළමයි.. ඔය දෙන්නා, මොකෝ ලකුණු අරගත්තහම සේරම හරිද? අහන් ඉන්න ඕනෙ නැද්ද? ප්‍රිෆෙක්ට්ලත් වෙලා ඔහොමද හැසිරෙන්නෙ ආ?.”

මායි යුගයි බිම බලන් හිටියා. නිදිමතට කතා කළාට මායි යුගයි එහෙම ක්ලාස් එකකදි මිස්ලට අපහසුවක් වෙන විදිහට හැසිරිලා නෑ. කවදාවත් ම. ෂිට්! යුගාත් බිම බලන් ඉන්නවා මිසක් ඔලුවවත් උස්සලා බැලුවෙ නෑ. වටපිටාවත් සයිලන්ට් නිසා මිස්ගෙ සද්දෙ හොඳට ඇහෙනවා.

“මොකද්ද මේකෙ තේරුම කියනවා ළමයි. කට්ටියක් නිදි, තව කට්ටියක් වෙන වෙන ලෝකවල, තව කට්ටියක් කියෝනවා. තමුන්ලට කිසිම ඌමනාවක් නැද්ද මේක පාස් වෙන්න? ලකුණු තියනවා කියලා හැමදේම හරිද? ඔය මැද හිනාවෙන කෙනා තමුනුත් නැගිටිනවා බලන්න”

අද නම් මිස්ට හොඳට යකා නැගලා වගේ. අරූව නැගිට්ටපු පාර පන්තියේ ලාවට හරි තිබ්බ කුටු කුටුවත් නැවතිලා ගියා. එතකොට අර එන සයිලන්ට් එකට තවත් අමුතුයි.

“කෝ පොත තමුන්ගෙ?”

“ගෙනාවෙ නෑ මිස්. ශෙයා කරන් බලන්නෙ”

“තමුන්ලාට කියලා වැඩක් නෑ ළමයි. හැමදාම ගේන්න බැරි නම් කබඩ් එකට දාලා යනවලා පොත් ටික. ශෙයාකරගෙන ම කරනවනෙ නේද? පස්සෙ ගේන එකත් කියෝනවා අනිකත් කියෝනවා. මොකද්ද මේකෙ තේරුම ආ? නැගිටිනවා බලන්න පොත් නැති අය, හැමෝම.
මාව ළඟට ගෙන්න ගන්න එපා ළමයි නැගිටින්න ඊට කලින්”

පන්තියේ ළමයි එකා දෙන්නා නැගිටින සද්දෙ ඇහෙනවා. මන් හැරෙන්නවත් නොගියෙ මිස්ව තවත් කේන්ති අව්ස්සන්න ඕනෙ නැති නිසා.

“ඔය කියෝපු ඩබල. පොත් තියනවද?”

“ඔව් මිස්”//

“පන්තියේ භාගෙකට වඩා පොත් නෑ. ආ? තමුන්ලට මන් මොකද කරන්නෙ කියනවා මුලින්ම?…….
එකෙක් ක්ලාස් එකේ ඉන්නෑ යනවා එළියට!.. මූන දිහා බලන්නෙ යනවා එළියට. ඔය දෙන්නා මීට කලින් මෙහෙම අහුවෙලා නැති නිසයි ඔතනින් බේරුනේ කියලා මතක තියාගන්න. එළියට යන්න. පේළියට.. පේළියට..අර පැත්ත හැරිලා ඉන්න. උගන්නන ඒවා එපා නිසානෙ පොත් නැත්තෙ.”

ක්ලාස් එකේ විස්සකට වැඩිය ලැබ් එකට එළියෙ පේළියට හිටන් හිටියෙ. ක්ලාස් එක නම් ටිකක් හරි ශේප්. ලැබ් එක තියෙන්නෙත් පහළ තට්ටුවක නිසා කවුරුහරි ගියොත් අනිවා පේනවා. කොහොමහරි දැන් එළියෙ ම පළවෙනි පීරියඩ් එක ඉවර වෙලා දැන් දෙවනි එකෙත් භාගයක් විතර ගිහින්.

“සෞව්වො ඔහොම්ම බිම බලන් හිටපන් නිකන්වත් ඔලුව උස්සන්න එපා. ඔන්න කිව්වා”

“ඇයි?”

“ඇත්තු දෙන්නෙක් එනවා..”

කාපන් මාව. හරිනෙ අමාරුව. මන් බෙල්ල කැඩියන් කියලා හරි බිම ම බලන් හිටියා. දැක්කොත් දැන් මුකුත් කියන්නෙ නෑ ඉතිං. පස්සෙනෙ අහගන්න පුළුවන් වෙන්නෙ. ටිකක් වෙලා යද්දි අපි හිටපු තැන පහු කරලා ගියා වගේ තේරුන නිසා මන් ලාවට ඔලුව උස්සලා බැලුවා. හම්බොහ් යනවා. එච්චර ගානක් වෙන්නෙ නැතුව ඇති සමහරවිට. ඒ දෙන්නා අපෙන් අනික් පැත්තට ඉස්සරහට යද්දි අනික් පැත්තෙන් කිත්මිණ අයියා ආවා. පොර අපි ඉන්න පැත්තත් ලාවට බලලා ආපහු අයියලා දෙන්නත් එක්ක කතාවක් පටන් ගත්‍තා.

“ෆුහ්! යන්තං හොඳේ සෞව්වො”

“ආයිත් අහලා”

ඒ කියලා අයියලා ගිහින් ද බලන්න ඔලුව උස්සද්දි… නෑ හරි මං අහන්නෙ ඇයි අයියෙ ඕම බලන් ඉන්නෙ? හුවෑ…

“යුග්ගො.. මට සූ බරයි”

“තේරෙනවා සෞව්වො..ජීවිතේ කටුකයි තමා”

යුගා මගෙ උරහිසට තට්ටුවක් දැම්මා. මං අයියා දිහා බලන් ඉද්දි බෙල් එක ගැහුව නිසා මිස් එළියට එනවත් එක්කම මන් ඒ පැත්තත් බලලා ආපහු අයියා දිහා බලලා යුගාවත් ඇදන් මිස් ගාවට දිව්වා. හීල්ස් දාන් කෝමද අප්පා මෙච්චර වේගෙන් ඇවිදින්නෙ?

“මිස්.. එක්සියුස් මී මිස්.”

අපි දුවන් ගිහින් මිස්ට කතා කරද්දි මිසුත් හැරිලා අපි දෙන්නා දිහා බැලුවා.

“කියන්න පුතා”

“මිස් අර වෙලාවෙ කතා කරපු එක ගැන… එක්ස්ට්‍රීම්ලි සොරි මිස්. අපි එහෙම හිතලා කළේ නෑ. මිස්ව ඉග්නෝ කළා නෙමේ මිස්.. ඇත්තටම ඒ ගැන සොරි මිස්”

“ඔව් මිස් ප්ලීස් අපි දෙන්නා කතා කරපු එකට සොරි.”

ඒක කියලා මිස් දිහයි බිමයි මාරුවෙන් මාරුවට බල බල ඉද්දි මිස් ලාවට වගේ හිනාඋනා.

“අයි නෝ පුතා. ඔය දෙන්නා ගැන දන්නවා බට් ඇත්තට ම මට ඒ වෙලාවෙ අවුල් ගියා. ඔයාලගෙ අනාගතේනෙ නේද පුතා?”

අපි දෙන්නා ඔලුව වැනුවා මිසක් මොකුත් කියන්න ගියෙ නෑ.

“මෙහෙම ඇවිත් කතා කරපු එකම හොඳයි. ම්.. අනික් ළමයි ටිකත් එක්ක ක්ලාස් එකට යන්න දැන්. හැබැයි ආපහු මෙහෙම දේවල් බැහෑ.. ok?”

“Yes miss, ආපහු වෙන්නෙ නෑ. Thank you miss”

අපි දෙන්නා මිස්ටත් වැඳන් ලැබ් එකට ගිහින් අනික් උන් එක්ක ක්ලාස් එකට ගියා. දවසෙ ඉතුරු පීරියඩ් ටිකත් සේරම ඉගැන්නුවා. ඉන්ටවල් එකෙත් අයියලාව හම්බුනේ නෑ කොහොමහරි. බයයිත් වගේ අප්පා අර බලන් හිටපු විදිහ මතක් වෙද්දි. ගාථා කියලා ඉවර වෙලා මායි යුගයි බස් එකට ගියා. බස් එකෙත් අයියා හිටියෙ නෑ. සමහරවිට වැඩකට ගිහින් ද දන්නෑ.

“සෞව්වො..මෙහ්?”

“කියපන්”

“ආ නෑ හරි හරි.”

“මොක්.. මැද්දෙන් නවතන්න එපා බල්ලො. කියන මගුලක් කියපන්”

මං කියද්දි ම යුගා එකපාට්ට මොකාද එකා වගේ හිනා උනා. මේකාට මොනවා වෙලාද?

“මොකද වුට්ටො වෙලා තියෙන්නෙ? පිස්සුද උබට?”

“මට නෙමේ උබට පිස්සු හැදෙයි දැන්”

“ඇයි?”

යුගා මොකුත් නොකියා බස් එකේ දොර පැත්ත පෙන්නලා ටිකක් වෙලා යද්දි අයියා නැග්ගා. හරිනෙ ඉතිං. මං යුගාට කවර් වෙලා වගේ හිටගත්තා. වැඩක් නෑ කොහෙද අරකා උසට ඉඳන් වටේ ම ස්කෑන් කරලා ගානට අපි හිටපු තැනට ආවා.

“හෙහ් ලොකු අයියෙ. කොහොමද?”

“ම්.. යුගාන්ටයි මේ යාළුවටයි හොඳ ඇති අද නං නෙහ්?”

“à·„à·™ à·„à·š නෑ එක්කො මං අර පැත්තට යන්නං. ඔයාලා ඔය තියන දෙයක් කතා කරගන්නකො. සෞව්වො මං අපේ උන් ඉන්න හරියට යනවා හොඳේ”

කො..කොයිද යන්න යකෝ. මෙහෙවර මිනිහො. සුනඛ වැඩ කරන්න එපා ඕයි. යුගා නොපෙනී ගියාට පස්සෙ මං අයියා දිහා හැරිලා අහීං….සක හිනාවක් දැම්මා.

“බෑග් එක උඩට දාලා අල්ලගන්න. වැටෙන්නද ඕනෙ?”

“මං වැටෙන්නෑ”

“නෑ නෑ. බලන්න තිබ්බා දවසකුත් වැටෙන්න ගියා. පණ්ඩිතකම් නැතුව ඕක තියලා හරියට අල්ලගන්න”

හැව් හැව් තමා. මං බෑග් එකත් උඩ රැක් එකට දාලා ශීට් එකකින් අල්ලගත්තා. එව්නාට තාම අරකට බැන්නෙ නෑනෙ. හරි නම් මෙලහට බනින්න ඕනි නෙ. මොනාහරි වෙලාවත්ද බලන්න මං අයියාගෙ මූන දිහා බැලුවා.

“මොකෝ?”

“ආ නෑ නෑ නිකන්”

“පස්සෙ බයින්නං ඔහොම ඉඳහන්. මෙතන බෑ”

“ඈ?”

“ඒකට නෙ ඔය දැන් බැලුවෙ”

“පිස්සු හැදෙයි. පලයං අයියෙ යන්න. අනික මොකටද බයින්නෙ?”

ඉල්ලගෙනද බෙදාගෙනද මං ඒ කෑවෙ. අයියා ඔලුවත් වනලා ආපහු ජනේලෙන් එළිය බලාගත්තා. නුගේගොඩ මහරගම විතර වෙද්දි බස් එකේ ශීට් ආවා නිසා අපි වාඩිඋනා. යුගා බැහැලත් බිමඉඳන් මට ගොඩ් බ්ලෙස් කියලා ගියෙ. අල්ලගන්නංකො පරයව මන් හෙට. විශ්වාසද්‍රෝහී පාප මිත්‍රයා.
මං ශටර් එකත් හොඳට ඇරගෙන එළිය බලන් ආවා. අද දවසෙම මං කට නිසා තමා නහින්නෙ. ඒ නිසා මෙහෙම හොඳයි.

“මොකෝ අද කටවැහිලා? උදේ මිස් බැනලා කට මැහලද ගියෙ?”

“ඇහ්? තවුසෙ කොහොමද දන්නෙ? අනික මොකටද කට මහන්නෙ. තවුසෙටත් ඕන්නැති ඕපදූපයක් නෑනෙහ්?”

“à·„à·„à·Š à·„à·„à·Š. කතාව ඇත්තනේ සෞරාෂ්. අපෝ..ලැජ්ජාවෙ බෑ.”

“අනේ මේ යනවා හලෝ යන්න. අනික අපේ ක්ලාස්වල ඒවා කොහොමද උබ දන්නෙ. වැඩක් නැද්ද ඕවා හොයන්නෙ”

“කොහොමහරි දන්නවනෙ. කතාව ඇත්තනෙ. à·„à·„à·Š à·„à·„à·Š”

“තව එකපාරක් හරි හිනාඋනොත් උස්සලා විසික්කරනවා අයියෙ මෙතනින් උබව අම්මපා”

“à·„à·„à·Š à·„à·„à·Š…එව්නාට සෞරාෂ් මං කිය.. ආව් බන්. උබට කොනිත්තනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද?”

“නෑ ඇයි? වෙන වැඩක් හොයල දෙන්නද?”

“නෑ නෑ හරි.”

එනවා මෙතන පිට්ට වෙත්තල කුරුමිණියා චික් චික් ගගා හිනාවෙන්න. අම්මපා පොල් කොලයක් කාගෙන ඉන්නැතුව.. උස්සලම දාන්න හිතයි මේකාව මෙතනින්. බැන්න නං තව එකක් මේකා ඉඳන් මට හිනාවෙනවා.
ගෙදර ගිහිල්ලාත් මන් පාඩම් කරලා පොත් බෑගුත් හදලා කලින් ඉවර කළා. අදනං නිදිමත එනවා උදේ උන වැඩේ මතක් උනාම.

එව්නාට අර මිනිහා ඕක මතක් කර කර මාව චාටර් කරනවා. මන් අහන්නෙ ඕක හිනාවෙන්න දෙයක්ද?නෑනෙ නෑනෙ. හොරෙන් කතා කරන්නවත් දන්නෑලු. මං අන්තිමට බැනලා මට කරපු අපහාසවලට මූනෙ මැද කුරුලෑවක් වරෙන් කියලා මතුරලා මතුරලා තිබ්බා. ඇයි අප්පාහ්. ශෝක් DHP.

ඊලඟ දවස්ටිකේ ආපහු පරණ සාමාන්‍ය විදිහට ම උගන්නන්න පටන් ගත්ත නිසා මට අයියව හම්බුනේ උදේ එයා අපේ ඩියුටි ක්ලාස් පැත්තන් ගියොත් එහෙමයි ආපහු හවසට බස් එකේදියි තමා. ඒකත් ඉතින් සමහර දවස්වලට එකපාරක්වත් හම්බෙන්නෙ නැති වෙලාවල් තියනවා. එව්නාට ඕකටත් හරියන්න මේ මනුස්ස ප්‍රාණියා මාව හවස ඉඳන් මරන් කනවා. අර ගාන මේ ගාන මේ රචනා ප්‍රශ්නෙ අර නිර්වචනෙ කියකිය. අපේ අම්මත් ඕකට හෙල්ප් නෙහ් එකෙන් ම. වෙලාවකට ළඟට ඇවිත් අනේ පුතේ තව වැඩ කරවන්න මේකා වස කම්මැලියා කියලා යනවා. ඔහොම කිව්වම ඉතින් අරකා තව පැයක් විතර අල්ලන් වැඩ කරවනවා. අනේ දෙයියනේ මං වැඩ කරනවා අප්පා. ඉම්හි ඉම්හි. මේ මව් පුතු සම්බන්ධෙ හරියන්නෑ මාව කැපෙනවා මෙහෙම ගියොත්. හුහ්. පෙරට එන්නෝනෙ..

————————————————————

ඡන්දෙත් නිසා දෙන්න හිටියෙ එව්නාට මට ටයිප් කරගන්න තරම් ගතියක් ආවෙ නෑ අනේ. මේකත් නිකන් අවුල් අවුල් වගේ.. 😶

ක්ලාස්වලදි කම්මැලිකමට යාළුවත් එක්ක සුට්ටක් කතා කරන්න හිතෙනවා තමා. එව්නාට ගුරුවරු උගන්නද්දි අහන් ඉන්න ළමයි. උගන්නන එක සෙට් උනත් නැතත් ඔයාලා අහඉන්නෙ නෑ කියලා තේරෙද්දි අවුල් යනවනෙ එයාලව. නිකන් හිතලා බලන්නකො අපි ස්ටේජ් එකක කතාවක් කරද්දි කවුරුත් ඒක අහන් ඉන්නැතුව එයාලගෙ වැඩ කර කරහිටියොත්… උගන්නන වෙලාවට අහන් ඉන්න, ලියන වෙලාවට සිහියෙන් ලියන්න, ෆ්‍රී එකකදි සුට්ටක් කතා කරන එක වෙන ම දෙයක් හැබැයි ආපහු පාඩමේදි ඩිස්ට්‍රැක්ට් නොවෙන දෙයක් ගැන. 🙂♥️

ඒක නෙමේ හලෝලා මට ඊයෙ චුක්කියෙක්ගෙන් තෑග්ගක් හම්බුනානෙ අලෙව්. 🤗♥️

ඒක සෝයි හලොව්🫶
තෑම්ස් හොජේ _w_s_g_ ♥️♥️

ඒනං මං ගොහිං එන්නම්කෝ…
ආතරෙයි චුක්කා චුක්කිලාට මගේ♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 33, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 33, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 33 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 33 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 33 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 33 light novel, ,

Comment

Leave a Reply

Chapter 35