Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 34

A+ A-

“අම්මේ!!! අම්මේ!!! කෝ ඔයා… අනේ මගෙ අර කලු පාට ටී එක නෑනෙ…අම්මේ!!!”

“මොකද සෞ කෑගහන්නෙ. මොකද්..”

“ආ හරි හම්බුනා. හෙහ් ඔයා ආවද ඉතින්, මට හම්බුනා”

අම්මා මං දිහාවට හැඳිමිට දික්කරලා ඔලුවටත් පාරක් දීලා ගියා. හෙට මං ඉස්කෝලෙ ඇරිලා එහෙම්ම යුගාලගෙ ගෙදර යනවා. ගිහින් අඳින්න නෙමේ ඉරිදට අයියලගෙ ගෙදර යන්න ඇඳුමක් මේ හෙව්වෙ. එහෙ ඉද්දි අඳින්න ඇඳුම් එහෙ ඕන තරම් තියනවා. ඇඳුමත් බෑග් එකට ඔබලා පහළට ගිහින් රෑටත් කාලා අම්මා එක්ක කයියක් ගහලා ඇවිත් මං පේපරයක් කරන්න ගත්තා. ඒකත් කරලා විවරණත් බලලා මං නිදාගත්තා.

“පරිස්සමින් යන්න සෞ”

“හරේ.. අම්මා හවසට ආච්චිලගෙ ගෙදරට ගිහින් කෝල් එකක් දෙන්න හොඳේ”

“හරි බායි”

මං අම්මට ටටා පාරක් දාන් ඉස්කෝලෙ එන්න ආවා. මං සති අන්තෙ ගෙදර නෙමේ නිසා අම්මා කිව්වා එයා ආච්චිලගෙ ගෙදර යනවා කියලා. යුගා ම ගොඩක් වෙලාවට අපේ දිහා එන්නෙ මං එහෙ ගියොත් අම්මා ගෙදර තනියම නිසා. අපේ අම්මා යුගාලෑ දිහා යන්නෙ එයාගෙ යාළුවා ඉද්දි විතරනෙ. එතකොට නම් මන් කැලේ.
ඉස්කෝලෙ ඉවරවෙලා අපි ක්ලාස් ගියා. අද සර් ඉවර කළේ අටටත් කිට්ටු කරලා.

“ඒ යුග්ගො අපි පයින් යමුකො ඕයි”

“ආරේ වාහ් යං යං.”

අපි දෙන්නා කියෝ කියෝ පිස්සු නට නට ගෙදරට එද්දි කොහොමහරි අටයි පනහයි. බස් එකේ එනවට වඩා පොඩි ආතල් එකකුත් තියනවා ඉතින් මෙහෙම එද්දි.

අපේ ගෙදරට පස්සෙ මං වැඩියම ඉඳලා ඇත්තෙ මෙහෙ වෙන්නෝනෙ. මෙහෙ කෑම හදන්න, අස්කරන්න ආන්ටි කෙනෙකුයි තව සිකූටි අන්කල් කෙනෙකුයි ඉන්නවා. අපි කෑමත් කාලා පාඩමුත් කරලා මොනපොලි බෝඩ් එක දිගෑරගත්තා. මං පට්ටම් ආසයි මේක ප්ලේ කරන්න. අර කාඩ් එක දාලා සල්ලි ට්‍රාන්සර් කරන වැඩේ එහෙම හෙන ම ආතල්.

“තෝ මොකෝ යකෝ මගෙ ඉඩමෙ ගෙවල් හදන්න එන්නෙ. පල අහකට”
.
.
“ආ..උබ හිරේ..”
.
.
“යකෝ මටයි සල්ලි එන්න ඕනෙ උබට නෙමේ. අනික් පැත්තට දාපන් උබේ කාඩ් එක”

සෙනසුරාදා දවසෙත් ඔහොම ගෙවිලා ගිහින් ඉරිදා උදේ ම අපි ඩබල අයියලගෙ ගෙදර ගියා.

“කෝ අයියෙ අයෝන් අයියා?”

“තාම ආවෙ නැද්ද අයියෙ?”

“පොඩි වැඩකට ගිහින් එන්නම් කිව්වා මල්ලි. තව ටිහකින් එයි.”

“හ්ම්..”

යුගා ෆෝන් එකෙන් අයෝන් අයියට වෙන්නැති කෝල් එකක් ගන්න ගමන් එහාට ඇවිදන් ගියා. යකෝ පරක්කු වෙනවා කියලා කිව්වෙ එන්නෑ කියලා නෙමේනෙ. මොකෝ මේකා මේ මූන අවුල් කරන්.

“ඒ මොකෝ බං මේ? අයියා එනවනෙ ඕයි. පරක්කු වෙනවා කියලා විතරනෙ කිව්වෙ”

“හ්ම්..”

“මොකෝ යුගා මේ. උබ මොකක් හරි අවුලකද ඉන්නෙ.”

“ම්හ් නෑ සෞව්වො ශේප්”

“උබ මටනෙ ඉතින් බොරු කියන්නෙ හිවලා.”

මං යුගාගෙ ඔලුවට එකක් ගැහුවම ඌ මගෙ දිහා බැලුවා. ඒ බලන් ඉද්දිම උගෙ ඇස්වලට කඳුළු පිරුනා. මං මොකුත් නොකියම ඌව හග් කළේ මේ වගේ ඌ අවුල් යන වෙලාවට යුගාව කම්ෆර්ට් වෙන හොඳම විදිහ මේක නිසා. ටිකක් වෙලා එහෙම ඉඳලා ආපහු යුගා හරියට ඉඳගත්තා.

“ඔය මනුස්සයා එක්ක මන් තරහයි. ඇයි අප්පා තව ටිකක් වෙලා නිදගන්න තිබ්බ වෙලාවනෙ ඕයි කෑවෙ.”

යුගා හිතල ම වගේ කතාව වෙනස් කළේ. මූයි අයෝන් අයියයි වලියකවත් දාගෙන ද මන්දා. එව්නාට එහෙමත් නෙමේ වගේ. හිතාගන්න බෑ. වැඩිය අහන්න බෑනෙ ඒක උන්දෙන්නගෙ දෙයක් නෙ. එව්නාට යුගා පොඩ්ඩැත්තන් අවුල් වෙන නිසා මං ටිකක් ඌ ගැන ඇලට් එකේ ඉන්න එක හොඳයි. නැත්තන් මේකා අයෝන් අයියව මරලා හංගන්න බැරිත් නෑ. එහෙව් එකා මේකා.
විනාඩි පහක් දහයක් යද්දි අයෝන් අයියා ආවාහ ම අපි වැඩ පටන් ගත්තා. අරකාත් අඬලා දැන් බොරුවට ගනන් උස්සනවා.

“අයියෙ..”

“ම්..”

“කම්මැළී අනේ.”

“එහෙනම් ඕක නවත්තලා ගානක් හදපන්”

හෙන ගහපිය මගුල. ශික් මං කතා කළාට මේකා නෙමේ ඔලුවවත් ඉස්සුවෙ. අර රිසෝස් එකක ඔලුව ඔබාගෙන ඉන්නවා. කිව්ව හැටි විතරක් ගාඤක් හජපන් ගාලා. මං අතේ තිබ්බ පෑනෙ ක්ලිප් එක ගලෝලා ප්‍රහාරයක් එල්ල කළා. සැක් මේකගෙ ස්නායු ක්‍රියාකාරිත්වය අඩපණ වෙලාද කොහෙද?

“මොකෝ ඒ පාර?”

“ටියුබ් ලයිට් ද හලෝ”

“නෑ සී එෆ් එල්. මොකෝ දැන් ක්ලිප්වලින් ගහන්නෙ”

“මම? නෑ… පිස්සුද අනේ මං එහෙම කරනවද?”

“හ්ම්..”

අනේ මේ මිනිහා තාපස බැබුනෙක් ද අප්පා. කලහකාරී ගතියක් නෑනෙ කිසිම. ඕවා බෑ මාත් එක්ක.

“සෞරාෂ් කකුල පාගන්න එපා.”

“මම පෑගුව කකුලක් නෑ. තවුසෙට පිස්සු හැදීගෙන එනවද අයියෙ”

මං ඉතින් එකේක මගුල් කළාට කොහෙද මේ මනුස්සයගෙන් කිසි ප්‍රතිචාරයක් නෑනෙ. මිනිහො! අවධානෙ දියම් මට!! බැරි ම තැන මං නැගිට්ටෙ කුස්සියට යන්න. අනෙහ්, ගනං ගන්න බැරි නම් දීගන්න එකයි ඇත්තෙ. අර අර පේනවනෙ ඔලුවවත් උස්සලා බැලුවෙ නෑ. අම්මපා මේකාව මම…

මං කුස්සියට ගිහින් වතුර එකකුත් බීලා එද්දි එකපාර ම මාව කෑම කාමරේ බිත්තියකට ඇදිලා ගිහින් තද උනා. එකාපාට්ට උන නිසා මාව ගැස්සුනාට මගෙ ඉස්සරහ හිටපු කෙනා නිසා මං ආයෙත් නෝමල් උනා. එව්නාට ගනං ගන්න හොඳ නෑ. මං ඒ නිසා ම මූන හරවන් පැත්තක් බලන් හිටියා.

“මොකෝ මේ ම්… සෞරාෂ්…”

“මුකුත් නෑ. ඉන්න තිබ්බනෙ අර පොතේ ම මූණ ඔබන්. මොකටද ආවෙ”

“බට්න් එකක් කරවෙන ස්මෙල් එකක් ආවානෙ”

“අනේ මේ යනවා හලෝ යන්න.”

මං අයියව එහාට කරලා යන්න හදද්දි අයියා මගෙ දෙපැත්තෙන් අත් දෙක තියලා මගෙ ළඟට ආවා. ළඟින් ඉන්න නිසා මං ටිකක් ඔලුව උස්සලා අයියගෙ මූන දිහා බලද්දි අයියා කට කොනෙන් හිනාවක් එක්ක මං දිහා බලන් හිටියා. තප්පර පහක් දහයක් නෑ ඊට වැඩිත් ඇති අයියව එකපාට්ට ගැස්සුනේ ඔරලෝසුවෙන් ආපු සද්දෙට.

“උබ මට ඉන්න බැරි කරනවා. මෙහෙ එන්න.”

ආපහු වැඩ කරන තැනට ආවට අයියා පොතක් මොකුත් ගත්තෙ නැති පාර මං බලද්දි අයියා පුටුව අරන් මගෙ එහා පැත්තෙන් ඇවිත් ඉඳගත්තා.

“දැන් මොකෝ කලින් කතා කළේ?”

“පොල් ගාන්න. ඇයි අප්පා. ඔන්න ඔය පොතක් ගන්න”

“බෑ දැන් බෑ. මෙහෙ බලන්න, සෞරාෂ්.”

“….”

“ඔහොම පුපුරන්න එපා බං. බලන්න මූනත් රතු වෙලා. à·„à·„à·Š à·„à·„à·Š”

“අනේ මේ මමනෙ පුපු..”

මං කියන්න ගිය එක එහෙම්ම නතර උනේ අයියා මාව ළඟට අරන් මගෙ ඔලුවට අර වෙනදා වගේ ලාවට හාද්දක් දුන්න නිසා.

“දැන් හරිනෙ”

“නෑ”

“එහෙනම් මේ පාඩම් බලාගනිං”

ඊ… ගෝත ගොබිලියා.  එව්නාට මට හිනාගිය නිසා තරහ රෝල් එක කන්ටිනිව් කරගන්න බැරි උනානෙ. අපරාදෙ නැත්තන් තව චුක්කියක් ඉල්ලගන්න තිබ්බා. කොයිද මේ මනුස්සයාගෙන් චුක්කියක් ගන්න දහඅට වන්නමක් නටන්න ඕනෙ නෙ.

හවස් වෙලා වැඩ ඉවරඋනාම අයියලා දෙන්නම ඇවිත් අපි දෙන්නව යුගාලෑ ගෙදරින් දාලා ටිකක් ඉඳලා ගියා. හරියට ම ටිකයි හිටියෙ. විනාඩි පහක් හිටියා ම හෙන වෙලාවක් කියන්නැ යෑ. ටිකයි තමා. ටික ම ටික ම ටිකයි. ටික් ටික්.

ටික්

“à·„à·‘.. මූද ඒ සෞව්වො?”

“මූද නෙමේ මේ සතෙක්”

“අනේ බම්ලො කියපියකො”

“ඔව් ඔව් යකෝ”

අපි එළියට ඇවිත් ගාඩ්න් එකේ බෙන්ච් එකක ඉඳගද්දි මේසේ උඩ හිටපු සතෙක්ව අයින් කරන්න කියලා අතට ගද්දි ඌ ටික් ගාලා පැන්නා. ටික්කෙක්. පස්සෙ ටික්කා සීන් එක ඉවර උනේ යුගාට ටික්කගෙ අම්මා මුත්තා කාලෙ ඉඳන් විස්තර කියන්න වෙලා.

“අඩෝ ශෝක් අප්පා ඌ. ටික් ටික් ටික් ටී…ක් ටික්”

මුට පිස්සු. ටික්කාට කිව්ව නම් හරි ඌ වෙනුවෙන් මෙතන එකෙක් මැරෙන්න හදනවා කියලා. එතකොට මුට පුලුවන් ටික්කෙක් බැදන් සතුටින් කල් ගෙවන්න. ටික්කාබාහු. අයෝන් අයියා ලෙප්ට්. සොරි අයියෙ කරන්න දෙයක් නෑ. ඕවා ඔහොම තමා. ඔවාගෙ හිටපු බෝයියා කියනවා වගේ ජීවිතෙ කටුකයි.

විශේෂ වැඩක් නොතියෙද්දිත් ඉස්කෝලෙ යන්න කම්මැළී වගේ. මේ සති දෙක තුන ම එහෙමයි. ආ එක හොඳ ආරංචියක් නම් ආවා. අපේ ට්‍රිප් එක යනවලු. ගිය පාර යන්න කියලා ප්ලෑන් කළාට ගියෙ නෑනෙ. මේ පාර නම් කොහොමහරි යන්න ඕනෙ.  හොඳම වැඩේ තමා අපේ ලොකු අයියලත් අපි එක්ක යනවා. මන් ඔහොම එකක් දැනන් හිටියෙ නෑනෙ ඉතින් මං අයියට කිය කිය හිටියා මං තවුසෙව දාලා ගිහින් නුවරින් ලස්සන කොල්ලෙක් හොයාගන්නවා කියලා ඊටපස්සෙ,

“ආහ් හා හා මාත් බලාගෙන ඉන්නම්කො කොහොමද ලස්සන අයියෙක් à·€ හොයාගම්නෙ කියලා. සෞරාෂ් උබ ඒ වගේ වැඩක් කළොත් මං එවෙලෙම ගිහින් උට මගෙ ශෝකය ප්‍රකාශ කරනවා.”

පෙනේද මේකා කිව්ව කතාව. ශෝකය ප්‍රකාශ කරන්න ඇයි ඒකා මාළුවෙක්ද? එතකොට මං මාළු දැලක්ද?

“තවුසෙට ප්‍රකාශ කරන්න වෙන්නෙ මං තවුසෙට ඒකාව පෙන්නුවොත් නෙහ්? හඳේ තමා ඒවා”

“පෙන්නන්න ඕනෙ නෑ මං එදාට ම බලාගන්නම්කො ඇවිල්ල ම”

ඒ කිව්ව කතාව නම් මං තප්පර දෙක තුනක් හිතුවා. ඒ කියන්නෙ මේකාත් එනවද? එහෙම වෙන්න බෑනෙ. ඇහ්?

“ඔයාලාත් එනවද?”

“ඔව් හරක් රෑනක් මෙල්ල කරන්න බෑ කිව්වා මිස්ලට”

“අනේ.. ඔව් අපිට වෙයි තවුසෙලව බලාගන්න”

කොහොමහරි අයියලත් එන නිසා ශෝක් අප්පා. හිතන්නෙ නැති දේවල් ලැබෙද්දි පට්ට සතුටක් දැනෙන්නෙ.
ට්‍රිප් එක යනවා කිව්වෙ දෙසැම්බර් ඕලෙවල් නිවාඩුව අල්ලලා. සෙක්ශන් ටික වෙන වෙන ම යන්න හිටියට හැමෝම නුවරඑළි යන්න තෝරන් හිටපු නිසා සේරම සෙක්ශන් ටික අන්තිමට යන්නෙ එකටමයි. එතකොට ක්ලාසස්වල ඩියුටි ඉන්න ප්‍රිෆෙක්ට්ලත් යැවෙනවා. අපේ ලොකු ඈයො ටිකත් යනවා.

වෙන්දා වගේම මං අදත් උදේ ආව ගාන්ම ඩියුටි කරන ක්ලාස් එකට ගියා. අද අනික් ඩබලත් නෑ. අන්තිමට බැරි ම තැන අත්ගෑව්වෙත් දෙපාරක් ගාථා කියෝනවා කියලා. යකෝ මුන් අපි කියන ඒවා කනකට ගන්නෙ නැතු හැටියක්. අද ගාථා යද්දි ස්කූල් රවුන්ඩ් එකට අපේ පැත්තට ආවෙ මිනුර අයියා. මෙයා තමා අලුත් dhp උනේ. පොර වැඩිය අපිත් එක්ක සෙට් නෑ. තාම මුල කාලෙ නිසාද දන්නෑ ඉතිං. කොහොමහරි හොඳ වෙලාවට කෑගහල හරි පන්තිය අතුගෑවෙව්වෙ. ඇයි මේ මනුස්සයා ක්ලාස් එක ගාවින් යද්දි ඇතුළට ඇවිත් රවුමක් දාලා ගියෙ. අතුගාලා නොතිබ්බ නම් අනිවා අහගන්න වෙනවා. එකදවසකුත් එකා පන්තියට බැන්නා. මේ පොඩි පගයො කියන එක අහන්නෑ අප්පා.

“ඔය මල්ලි… මෙහ් තමුසෙලාට ස්කූල් ඇන්තම් එකටවත් හරියට ඉඳන් ඒක කියන්න බැරිද බං. තමන් ඉගෙන් ගන්න ඉස්කෝලෙ ඇන්තම් එකට ගරු කරන්න ඉගෙන ගනිං සේරටම කලින්. ඒ ගෞරවේ දීපන්. උබලා පිට තැනකට ගිහාමත් ඔහොමයි නැත්තන්. ආපහු ඔහොම වෙන්න බෑ මතක තියාගනිං. හරි?”

“හරි අයියෙ”

ඩියුටිවලින් පස්සෙ ක්ලාස් එකේ වැඩ නෝමල් වෙද්දි හෙට අනිද්දා දවස් දෙකේ අපිට මන්ත්ලි ටෙස්ට් එකක් දාලා තිබ්බා. මන් අහන්නෙ එක්සෑම් එකක් නොතියා ඉන්නම බැරිද?

————————————————————

ආවා ආවා මං ආවා චුක්කිලා බලලා යන්නට මං අවා.. 😁
දවස් දෙකකින් ඤෙහ්? ලියාගන්න බෑ අනේ, මං කියන්නෙ මේ.. මට නිකන් චැපිය අවුල් වගේ ලිව්වට. 🫠

ඉටින් ශුඩූලා මේ ටික නෝ…මලි ගෙවිලා යන දේවල් එක්ක යන චැපි ටිකක් තියෙන්නෙ. ඉස්සරහට මොනා වෙයිද කවුද දන්නෙ ඉතිං. නෙහ්? මාත් දන්නෑ අප්පා. 😪

කෝ බලන්න ටික්කො දැකලා තීන අය. එයාලව ඇල්ලුවම ටික් ගාලා පනිනවා. (සත්ත්ව හිංසනය කරන්නෑ හොඳේ..)

මං යන්නාම්, ආයි එන්නාම්, කමෙන්ට් කරපාම්.
ලාව් යූව්…♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 34, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 34, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 34 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 34 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 34 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 34 light novel, ,

Comment

Leave a Reply

Chapter 36