Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 35

A+ A-

“ඔයා මගෙ නම් ජීවිතේ මල්
ඔයා මගෙ නම් ජීවිතේ මල්..
ආ ශුඩු නෝනේ… කොහොමයි?”

“කොල්ලො..මොනව කරනවද මංදා”

මං සිංදුවක් කියාගෙන ගෙදෙට්ට ගොඩ වෙලා අම්ම ගාවට ගිහින් කොණ්ඩෙ තිබ්බ කට්ටත් ගලෝලා කම්මුලට චුක්කියක් දුන්නා.

“ආතරේටනෙ ශුඩු නෝනා”

“අනේද කියන්නෙ. කෝ දැන් ඔය කට්ට ගහන්න කොන්ඩෙට”

“හෙහේ… මන් දන්නෑනෙ”

“ආව් අප්පා පස්සට ගහන්න ඔට්ටු නෑ”

හැඳි කූර කියන්නෙ සුවහසක් අම්මලගෙ ජාත්‍යන්තර ආයුධේද කොහෙද. මං අම්මට කොණ්ඩ කට්ට දීලා එහෙම්ම මේසෙන් ඉඳගද්දි අම්මා ඒකත් ගහගෙන අතහෝදන් මං ගාවට ආවා.

“බඩගිනී අනේ”

“ම්.. වොශ් කරන් එන්න කමු”

“එව්නාට බත් බඩගින්නක් නෙමේනෙ තියෙන්නෙ අප්පා”

“ආ~ එහෙමද මහත්තයා?”

“නෑ නෑ අනේ විහිලුවක් අප්පා කළේ. ආයුධ ඕන්නෑනෙ. අපි මේවා සාමකාමීව විසඳගමු.”

“සාමකාමී නෑ දුවන එකයි ඇත්තෙ. ඉක්මනට එන්න අද ආස කෑමක් තියෙන්නෙ ඔයාගෙ”

“හරේ..”

මං උඩට දුවලා වොශ් එකකුත් දාන් පහළට ආවා. සෑ වාව්..

“කැකුළු බත් ද?”

“ඔව් ඔව්”

කැකුළු බතුයි අල හීනියට කපලා හාල්මැස්සො එක්ක තෙල්දාලා තිබ්බෙ. ඒකත් උණුවට තියෙද්දි ඉතින්.. මං බෙදාගෙන අම්මා එක්ක වාඩි උනා. ඇයි දන්නෑ මං මෙහෙම සිම්පල් විදිහට හදන කෑමවලට මාර ම ආසයි. ආයි ඉතින් බඩපිරෙන්නැත්තන් පිඟන් සීයක් හරි කෑවැහැකි.

“සෞ මෙහ්”

“ඕ..”

“අද මට මිස්ටර් රත්නසිරි කෝල් කළා”

“ආ ඒ මොකද?”

“මේ ටිකේ පොඩි පොඩි ඉෂූස් වගයක් ඇවිල්ලු එහෙ. පොඩ්ඩක් ඇවිල්ලා යන්න කිව්වා”

“හ්ම්.. අලුත් ස්ටාෆ් එකක් නෙ අම්මා අවුල් කරන් ඇති”

“ඔව් ඒකතමා. දැන් යන්න වෙනවා සෞ.”

“යං.. මට හෙටයි අනිද්දයි මන්ත්ලි ටෙස්ට්, ඉවර වෙලා යං”

“ආ හා ඉවරවෙලා යං”

අම්මට සීයගෙන් හම්බුන බිස්නස් තියනවා. ඉස්සර ඉඳන් ම ඒවෑ වැඩ බලාගන්න දීලා තියෙන්නෙ රත්නසිරි කියලා අංකල් කෙනෙක්ට. එයා සීයාගෙ කාලෙ ඉඳන් ම වැඩ කරපු  කෙනෙක්. අපි ඉතින් මාස තුන හතරකට සරයක් ගිහින් බලලා එනවා. දැන් ඔය කතා කරලා තියෙන්නෙ එතන මොකක් හරි අවුලක් වෙලා ඒක බලන්න කියලා තමා.

“අම්මා දැන් නිදියනවනෙ?”

“ඔව් පුතා පාඩම් කරගන්න හෙට විභාගෙ නම් මං මේ ටික අස් කරලා යන්නම්”

“හා. ඕන උනොත් කතාකරන්න හොඳේ”

මං කාමෙරේට ගිහින් හෙටට තිබ්බ බයෝ කෙමිස්ට්‍රි සබ් දෙක උඩින් උඩින් බලාගත්තා. පාඩම් කරලා ටච් එකේ යන නිසා ප්‍රශ්නයක් නෑ. නිදගන්න කලින් අයියට කතා කළහමත් හෙට විභාගෙ කියලා දූපිය නිදාගන්න කියලා එලෙව්වා. එහෙම බෑනෙ අප්පා.
.
.
“ළමයි ඉඳගන්න… පේපරේ දෙනවා තව විනාඩි පහකින්”

උදේ බයෝ එක තිබිලා ඉන්ටවල් එකෙන් පස්සෙ කෙමිස්ට්‍රි තිබ්බෙ. මිස් කිව්ව නිසා අපි ඉඳගෙන ටිහකින් මිස් පේපරේ බෙදුවා. ඒක ලියලා ඉවරවෙද්දි ඉතින් ඉස්කෝලෙ ඉවරයි. ඉක්මනට වෙලාව යන එක තමා එක්සෑම් දවස්වලට තියන එක ම හොඳේ. ගාථා කියලා ඉවරවෙලා මං යුගා එක්ක ප්‍රිෆෙක්ට් රූම් එකට ගියෙ උදේ මට මෙසේජ් එකක් දාලා කියලා තිබ්බ නිසා.

“ආ අභී අයියේ..”

“ආ මල්ලි. අන්න අයෝන් බලන් ඉන්නවා උබ එනකන්, යන්න.”

“එලම. මං එහෙනම් කැපුනා හොඳේ. සෞව්වො මං ගියා”

අද යුගා අයෝන් අයියලගෙ ගෙදර යනවලු. මට කිය කිය හිටියෙ ගෙදර කට්ටියට වශියක් කරන්නලු යන්නෙ. ඕකාව නං ශුවර් නෑ ඕවත් කරයි ද දන්නෑ. යුගා ගියාට පස්සෙ මං අයියා ළගට ගිහින් උරහිසට ඇඟිල්ලකින් ඇන්නා.

“අයියෙ”

“ම්..”

“මොකෝ කරන්නෙ ඔය?”

“පොඩි වැඩක් සෞරාෂ් තව ටිකයි. ඔහොම ඉඳන් ඉන්න”

“අලුත් ගෙයක් ඩිසයින් කරනවද?”

“මොකක්?”

“ඒ ගෙදරටත් මේ වගේ කාමරයක් නම් හදන්න එපා අයියෙ”

“මොනවද බං ඔය කියවන්නෙ? à·„à·„à·Š à·„à·„à·Š”

“ඔව් ඉතින් බලාපියකො. මං මෙතනට ආවා ගානක්වත් නෑනෙ.”

“හා හා ඉදපන් ඉතින්.”

අයියා ලියනරාල වගේ ලිය ලිය හිටපු ඉතුරු ටිකෙත් මොනාද මන්දා ලියලා දාලා ඒ ටික ෆයිල් එකකට දාගෙන කිත්මිණ අයියලටත් යනවා කියන් ආවා.

“සෞරාෂ්, ඔහොම ඉන්න ටිකක් ඉන්න මං මේ ටික ඔෆිස් එකට දීලා එන්නම්”

“හා. ඉක්මනට එන්න හොඳේ..”

“සෞව්වෝ..”

“අඩෝ කැරී උබලව දැක්කෙත් නෑ ඕයි හෙන කාලෙකින්”

“සිරාවට ඕයි. උබලෑ සෙක්ශන් පැත්තෙ එවෙන්නෑ මචෝ”

“ඒකනෙ බං. මොකෝ ඉතින් වෙන්නෙ?”

“විශේෂයක් නෑ බං. උබලට නම් මන්ත්ලි ටෙස්ට් නෙහ්?”

“සාපයක් බං. ආ මෙහ් මං යන්නම් හොඳේ බං. සෙට් උනාම කතා කරමු හොඳේ..”

“එල එල මාත් මේ මිස් කෙනෙක්ව හම්බෙන්න යන ගමන්. එහෙනං මං ගියා..”

අයියා ඔෆිස් එකෙන් එළියට ආව නිසා මං කැරීටත් සැලියුට් එකක් ගහන් ඒ පැත්තට දිව්වා.

“යමු නෙහ්?”

“යං”

ඉස්කෝලෙන් එළියට ඇවිත් අයියා එයාගෙ බෑග් එක මට දීලා හෙල්මට් එක දාගත්තා. ගෝනිබිල්ලෙක් වගේ අප්පා අර ෆුල්ෆේස් එක දාගත්තට පස්සෙ.

“දාන්නකො”

“අයියෙ! ඔලුව ගලවන්නද හදන්නෙ මිනිහො..”

බෑග් දෙක අතේ නිසා හෙල්මට් එක දාන්න කිව්ව්ම මේකා ජොහ් ගාලා හෙල්මට් එක ඔලුවට එබුවා. මේකාට ඔලුවක් නෑ කියලා ඊරිසියාව මට තියන ඔලුවත් නැති භංගස්ථාන කරන්නද කොහෙද හදන්නෙ. ද්‍රෝහියා.. හිනාවෙන්න විතරයි දන්නෙ සේරම කරලා.

“සෞරාෂ්..”

“ඕ..”

“ම්හ්ස්ග්ව්ල්ග්”

“මොකක්..හයියෙන් කතාකරන්න අප්පා ඇහෙන්නෑ හුළං සද්දෙට”

“දවල්ට කාලාද ඉන්නෙ?”

“හෙහ් නෑනෙ. අද පේපරේ නිසා කෑවෙ නෑ”

කරවෙන ගඳක් එනවා.. අපෝ මෙන්න කන් දෙකෙන් දුමුත් යනවා. හත්තික්කේ..

“ඇයි?”

“ඇයි අහන්නෙ මේකෙන් කෝමාරිකා එකක් අරන් එන්න ගිහින්.”

මං නවත්තපු කඩේට ගිහින් කෝමාරිකා බීම එකක් අරන් ආවට පස්සෙ මේ මනුස්සයා යන්නැතුව ඒක එතන තියන් ම මට ඒක පෙව්වා. නිකන් නෙමේ පින්වතුනි,

“එක්සෑම් කියලා නොකා ඉන්න ඕනෙ නෑනෙ සෞරාෂ්”
“ආපහු මං කියන්නෑ උබට. නොකා හිටියොත්, මෙතන ඊටපස්සෙ අසනීප වෙනවා.”
“නොකා ඉඳපන්කො බලන්න, හෙට ඉන්ටවල් එකේදි කෑම එක අරන් එන්න ඕනෙ උබ එතන ඉඳන් කාලා යන්නෙ”

මං ඉතින් ඔව්වට ඔලුව වන වන ඉඳලා අන්තිමට විරිත්තුවා. ශේප් කරගන්නත් එපැයි. ඒ අනුව අතිසාර්ථක ලෙස අයියා ‘උබ ඉතින් ඔහොම විරිත්තලා ශේප් වෙයන්’ කියලා ගෙදර ඇවිත් මාව බස්සලා ගියා. හෙහේ ට්‍රික්ස් හලෝ මෙව්වා.

“සෞ.. ඔයා අද නිදාගන්න කලින් බෑග් රෙඩී කරන්න මැණිකෙ. හෙට ඔයා ඇවිත් හවස ම යමු. කලින් එන්න පුලුවන් වෙයි එහෙම උනොත්”

“ආ හරි අම්මෙ”

මං පාඩම් කර කර ඉද්දි අම්මා ඇවිත් කියලා නිදාගන්න කියලා ගියා. හෙට ගියාම කවදා එයිද දන්නෑ අයි..අප්පටසිරි කියන්න බැරි උනානෙ අයියට. ඒක අමතක උනානෙ. මේසේජ් එකක් දාලා කිව්ව නම් හරි.
.
.
උදේ ඉන්ග්ලීශුයි අසාමාන්‍ය දැනුමයි පේපර්ස් ලියලා මන් කෑම එක උස්සන් ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා. පස්සෙ කට්ටියම එකතු වෙලා කාලා ඉවරකරලා මන් යන්න හදද්දි පොඩි බබෙක් මූණ ඤොරොක් කරන් හිටපු නිසා ආපහු මන් විනාඩි පහකට නැවතුනා අරුන් තුනව යවලා. එක්කෙනෙක් මං ඊයෙ මෙසේජ් එක දාලා අද යනවා කිව්ව වෙලේ ඉඳන් නයා මැරිච්ච අහිකුන්ඨික රෝල් එකක් ප්ලේ කරනවා. දැන් මං මේ නයා හොයලා දෙන්න හදන්නෙ. හික්ස්.

“අයියෙ.. මොකෝ හලෝ?”

“ම්.. මුකුත් නෑ. පරිස්සමින් ගිහින් එන්න. ගිහින් කෝල් එකක් දෙන්න”

“අම්බෝ හරි. යන්න කලිනුත් කියන්නම්. යන ගමනුත් කියන්නම්. ගිහිනුත් කියන්නම්. එහෙදිත් සැරින් සැරේට ගන්නම්. ඕක දැන් කීපාරක් කිව්වද බං අයියෙ. මං ගමරට දාලායන්නෑ අප්පා. එනවා ආපහු”

යන්තං ටිකක් හිනාඋනා. මේකාව හිනාගස්සනවට මට සුමති හරි රයිගම් හරි නෑ ඔය සේරම සම්මාන දෙන්න ඕනෙ.

“ම්.. දැන් යන්න. පරක්කු වෙයි. ගිහින් ටිකක් පොත බලාගන්න”

“හරි සර්. මං මේ පොඩි බබෙක්ව නැලෙව්වනෙ දැන් හරි. මං ගියා හොඳේ.. බායි”

ක්ලාස් එකට ගිහින් ෆිසික්ස් ටිකත් බලාගෙන පේපරේත් ලිව්වා. මේකට නං අසූවට වැඩිය ඒවා…ඒස්වාහ් පුඃ. ඉස්කෝලෙ ඇරිලා මන් ඉක්මනට ගෙදර ගියා. ගිහින් අනික්පැත්තට ආපහු ලෑස්ති වෙලා පහ හය වෙද්දි අපි කුරුණෑගලට යන්න පිටත් උනා. අතරමගදි මං අයියත් එක්ක කතා කර කර ආවා එයාලා අද ඉස්කෝලෙ, දැන් අවුරුද්ද ඉවරවෙන්න ළඟ නිසා වැඩ වැඩීලු. කොහොමහරි පැය දෙක තුනක් යද්දි අපි ඇවිත් එහෙ තිබ්බ පොඩි පොඩි වැඩ ටිකක් බලලා එහෙ තිබ්බ අපේ ගෙදරට ගියා. ගෙයක් කිව්වට ඒක පොඩියට කාමර දෙකක් එක්ක සාලෙයි කුස්සියයි වොශ් රූම්සුයි එක්ක හදලා තිබ්බෙ. මෙහෙ ආවම මෙතන තමා අපි ඉන්නෙ.

අද නං පට්ටම මහන්සියි. මං ආපු ගාන්ම චේන්ජ් කරන් ඒසී එකත් ඔන් කරලා ඇඳට පැන්නා. සනීපෙට නිදිමතකුත් එනවා වගේ. දැන් නම් කන්න බෑ වගේ නිසා මං අම්මට කෝල් එකක් දාලම කිව්වා. හෙහේ ආපහු ඇඳෙන් බහින්න කම්මැළීනෙ.

“සෞරාෂ්..”

අයියා දෙපාරක් රින්ස් යද්දිම ආන්ස්වර් කළා. මේකා ෆෝන් එක අතේ තියන්ද දන්නෑ ඉන්නෙ.

“අයියෙ”

“ම්.. මොකෝ කරන්නෙ?”

“වැඩ ටිකක් ඉවරකරලා ආවෙ අප්පා. මහන්සි අනේ. පිස්සු නටලා වගේ අකවුන්ට්වල. ට්‍රින්කොත් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ.”

“ගොඩක් දවස් යයි එහෙනං එන්න. දැන් මහන්සි නම් නිදාගන්න සෞරාෂ්. ඇහැරිලා ඉන්න එපා. ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක අසනීප වෙයි”

“අනේ ටිකක් කතාකරන්න අයියෝ. ගිය දවස්වලත් එක්සෑම් යැයි යැයි ගාලා කතා කළේ නෑ.”

“උබට මහන්සි නැද්ද දැන්?”

“කමක් නෑ.. මෙහ් අයියෙ..”

“ම්..”

“ඔයා අයිජී පැත්තෙ ගියෙ නැහ්?”

“නෑ සෞරාෂ් යන්න බැරි උනා. ඇයි?”

“නෑ නෑ ගිහාම බලන්නකො. මං පොඩි බඩ්ඩක් එව්වා”

“උබේ බඩු ගැන මතක් කරද්දිත් බයයි බං. එක පාරකුත් අර මොකද්ද එක පාට්ට සින්දුවක් අස්සෙ යටිගිරියෙන් කෑගහන එකක් එවලා තිබ්බා.”

“හෙහේ හරි අප්පා. මේ පාර එහෙම එකක් නෙමේ බලන්න හොඳේ”

“හා හා”

මෙහෙමනෙ එකපාරක් මං ඔය ලස්සනට සින්දුවක් කියන එකක් මැද්දෙ බෙල්ල මිරිකන්න වගේ එකපාට්ට කෑගහන වීඩියෝ එකක් සෙට් වෙලා ඒක අයියට යැව්වා. යවලා ‘ඕකෙ ලාවට යටින් කියන වචනත් ඇහෙනව නම් හොඳට කන් ඇහෙනවලු කියලා යැව්වා’. මෙයා ඉතින් ෆුල් සවුන්ඩ් දාන් කනට ළං කරන් අහලා අර කෑගහන සද්දෙට නැන්දත් ඇවිත් බලලා. මං කිව්ව යෑ ඉතින් ඕක සද්දෙ වැඩි කරන් අහන්න කියලා. මට බැන්නත් එක්ක කනත් මොකද්ද උනා ඤං ඤං ගාලා. අන්තිමට මං මට චොක්ලට් එකක් අරන් දීලා යාලුවෙන්න කිව්වා. එහෙම තමා අයියා තරහා උනාමත් එයා තමා චොක්ලට් අරන් දෙන්න ඕනෙ. මන් තරහ උනාමත් එහෙම තමා. මේ ලොකු මිනිස්සුන්ට අපි චොක්ලට් අරන් දෙන්න යෑ නැතුව. යසට තියෙයි. කොහොමහරි මේ පාර නම් මන් එහෙම මොකුත් යැව්වෙ නෑ. සත්තයි. අපේ කුස්සියේ ඉන්න කැරපොතු මල්ලි පල්ලා..

————————————————————

ඒ ළමයා මේ පාර එහෙම කළේ නෑලු..

කෝමද ඉතින්? ඊයෙ එන්ඩ හිටියෙ, පොඩි තාස්සණික ගැටලුවකට ලක් වෙලා හිටියෙ හලොව්😪
දැන් ශරි😁

ඔවාලට කැරී දරුවව බලන්න ඕනෙත? ඔන්නම් කියන්ඩ සැජ්ජ වෙන්ඩ එපා. 👉👈

මං යනවා අප්පහ්, මේ ශුඩු නැන්දගෙ බිසුනොස් අකවුන්ට් හදනවා. 🫠
සෞව්වා පුප උඩදාන් මල් කඩනවා ඔය ළමයි.. පුප උඩ දාන් බුදිය ගනිල්ලා 🥲💔
ආතරෙයි කැරපොත්තෙක් තරම් 🪳♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 35, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 35, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 35 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 35 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 35 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 35 light novel, ,

Comment

Leave a Reply

Chapter 37