Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 36

A+ A-

“මැඩම් මේ ටිකත් බලලා සයින් කරන්න ඕනෙ”

“හරි මිස්ටර් රත්නසිරි මං චෙක් කරන්නම්”

අද උදේ ආපහු තිබ්බ වැඩ ටිකක් බලන්න කියන්න ආවා විතරයි ඒ ඉඳගත්ත පාර තාම එහෙම්මමයි. දැන් දොළහටත් කිට්ටුයි මං හිතන්නෙ. එකක් ඉවරවෙද්දි තව එකක්. දැන් නිකන් මට හීනෙනුත් ෆයිල් පේන සීම් එකක් තියෙන්නෙ.

“සෞ මේ ටිකේ බැලන්ස් එක බලන්න පුතා”

“අහ් කෝ දෙන්න”
.
.
“මොනවද අම්මෙ මේ… අයියෝ… හර බැරවත් හරියට කරලා නෑනෙ අප්පා. ආයිශ් ආ…”

“à·„à·„à·Š à·„à·„à·Š. ඔහොම තමා අනේ. ඔයාට අමාරු නම් ටිකක් එළියෙ ඇවිදලා කරලා එන්න.”

අම්බෝ ඒක නං කනට මී පැණි වැක්කෙරුවා වගේ කතාවක්.

“හා හා ඒක හොඳයි. මං ගියා..”

මං ඉතිං සුටුස් ගාලා නැගිටලා එළියට පැනගෙන ඉඩමේ එක කොනකින් පටන් අරන් මුළු ඉඩමෙම රවුම් ගැහුවා. රවුම් කිව්වට සමහර තැන්වල කොටුවටත් ගියා හැබැයි. කොහොමහරි පැය භාගයක් විතර ගියාද කොහෙද ඇයි ඉතින් අක්කර ගානක්නෙහ්. එව්නාට මං බයේ හිටියෙ ඔලුවට පොල් ගෙඩියක්වත් වැටෙයිද කියලා. හැබැයි එහෙම වැටිලා මගෙ මොළේ යමක් සිද්ධ වෙලා මට සිං සිං ගාලා ඔය අකවුන්ට්ස් බැලන්ස් කරන බුද්ධියක් ආවොත් කොහොමද? ආයි ඉතින් ගේමක් නෑ. පස්සෙ මං ඔය බුද්ධිමය හැකියාව වර්ධනය කරගෙන ෆිසික්ස් ටිකත් ගොඩදානවා. එව්නාට එතනින් නවතින්න හොඳ නෑ. නිව්ටන් වගේ මාත් මොනා හරි ටිකක් හොයාගන්න ඕනෙ. ඊටපස්සෙ ඉන්න පොඩි උන් මටත් බැන බැන ඔව්වා කරයි. මාත් අයියට බැන බැන ඔව්වා කියලා දෙනවා උබට නම් කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ කිය කිය. මතක් කරලා ටොකු දෙක තුනකුත් අනින්න ඕනෙ. එකාතකට ඕන්නෑ අප්පා. නෑ මන් කියන්නෙ ඔය ඉස්සර ඉන්න අය ඔව්වා හොයාගත්ත එකත් හරි ඒවයින් දුක් විඳින්නෙ මේ කොහෙවත් ඉන්න අපිනෙ. දැන් බලන්න අයින්ස්ටයින් ගත්තොත් ඒ හාදයාගෙ මොළේ තනිකර වෙනස්ලු අපිට වඩා. ඉතින් හද්දෙයියනේ එහෙව් මොළේකින් කරපු මගුල් අපේ මේ සාමාන්‍ය මොළෙන් කරන්න බෑ කියන එක තේරුම් ගන්න එපැයි. අපෝ.. ඕන්නෑ ඕන්නෑ අලුත් ලෝව්ස් එපා. ඊටප්ස්සෙ ඔය පොඩි පගයො මගෙ පුප අඩුවෙයන් කියලා සාප කළොත් එහෙම මළ හත්තිලව්වයි. මගෙ රිළවට යන කල දසාව මොකද්ද එතකොට. අපෝ අනාගත ආත්මයක් ගැන උනත් රිස්ක් එකක් ගන්න ඕනෙ නෑ. ඔය රිළවත් එක්ක අඹයක් කාගෙන වලියක් දාන් ඉන්න තිව්නොත් ඇති. කෝමත් මං ප්ලෑන් කරන් ඉන්නෙ හැම ආත්මෙකම අයියා එක්ක ඉපදිලා ඌට වදදෙන්න. ඒ තරම් සතුටක් මට නෑ අයියෝ…

“ආහ්.. ආව්.. මොන à·„à·”..”

කවුද යකෝ පාර මැද පොල් ගස් හිටෝපු පරයා. සැක් මගෙ මනෝපාරත් නැවතුනා. කොහොමහරි මගේ අවසාන නිගමනය තමා මේ දඩොස් ගාලා බිඳලා බරස් ගාලා ගාන පොල් ගෙඩිය ගේන්න මෙච්චර දුක් විඳිනවා කියලා දන්නව නම් මිනිස්සු බිඳින බිඳින පොල් ගෙඩිය ගානෙ තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවක් පවත්වනවා අම්මපා.

ආපහු ඔෆිස් එකට ගිහින් අර ෆයිල් තොගේට යට වෙලා ඒ වැඩත් කරලා දාලා මං ලැප් එක දිගෑරගත්තෙ මේ ටිකේ ක්ලාස් ටික ඔන්ලයින්වලින් හරි කවර් කරගන්න ඕනෙ නිසා. හොඳවෙලාවට මේවා ඔන්ලයින් හරි දෙන්නෙ. නැත්තන් ඉතින් චුස් තමා.
ක්ලාස් එකත් ඉවරවෙලා නවතින තැනට ඇවිත් මං එහෙම්ම නිදාගත්තෙ හෙට පාන්දරම අපි ට්‍රින්කො යනවා කියලා අම්මා කිව්ව නිසා.

පාන්දර දෙකට විතර අම්මා මට කතා කරපු පාර ඇහැරිලා අපි යන්න පිටත් උනා. ඒ ඇවිල්ලත් මං කළේ වාහනේට නැගපු වෙලේ ඉඳන් නිදාගන්න එක තමා. ආපහු ඇහැරිලා බලද්දි වෙලාවත් හතට විතර ඇති.නිදිමතත් නෑ දැන් නම්. කම්මැලිත් වගේ අප්පා. සෙනසුරාදා නිසා අයියටවත් මෙසේජ් එකක් දාන්න තිබ්බා කොහෙද මේකා මට අද උදේ අර මං යැව්ව වීඩියෝ එක බලලා කෝටියක් දේවල් කියලා ඕෆ්ලයින් ගියා ගියාමයි තාම නෑ. බොරු ආටෝපෙ මුන්ගෙත්. හුහ්. ඇයි දෙයියනේ මං යැව්වෙ මොකද්ද මන්දා කුයිං කුයිං ගාන මියුසික් එකකට අර පොල්ගස් දෙකක් වගේ කොන්ඩෙ තියන ෆිල්ටරයක් දාන් පස්ස නටෝ නටෝ නටන වීඩියෝ එකක්. ඒකෙ තිබ්බා if ur boyfriend really care about u he will dance this for u කියලා. ඉතින් මං ඕක යැව්වා අයියට. මං අහන්නෙ ඕකට කියවන්න ඕනෙද? නෑනෙ නෑනෙ. ඕය පොඩ්ඩක් පුප නලෝලා නැටුවනම් මක් වෙනවද? මොකද මං ඕක තියන්..නෑ හරි කොහොමහරි මං මොකුත් කරන්නෑනෙ. කොහොමඋනත් එයාට තිබ්බා ඒක මට කරලා එවන්න. හුම්.. පස්සෙ මං ඕකට යුධ ප්‍රකාශ කළා නොකළොත් ඉස්කෝලෙ ආවම එසෙම්බිලිය මැද්දෙ තවුසෙගෙ කලිසම ගලෝනවා කියලා. මේකා කියනවා මට ලැජ්ජ නෑයිලු. හනෙහ් සමයං. කොහොමහරි දැන් මේ රිළවා ඔන්ලයින් නෑ. සැක්. එව්නාට සැලෙන්න හොඳ නෑ. මං කොයිකටත් කියලා මෙසෙජ් පොජ්ජක් මන්දො කොළා. මේ මනුස්සයාගෙ නහරයක් ගහලා ගිහින්ද කවුද දන්නෙ.

ම්හ්..ඤෑ ඤෑ රිප්ලයි ඤැහ්.  මං මිරිස් පුච්චනවා යකෝ.. ඒක කරන්නෙ ඇස් වහ යවන්නද. කමක් නෑ ඕන මගුලක් කොච්චි ටිකක් හරි පුච්චනවා. ඕං රීං කට්ටු කට්ටූ කලිසම වේවා තට්ටු බට්ටූ… ඒස්වාහ් පුඃ

“Saurash dan koheda inne? Thama giye nadda?”

හනේ… මෙයැයි තරහා නැද්ද මන්දා. හැබැයි මං තරහයි නෙ එව්නාට පව්නෙ ඔන්නොහෙ කතා කරමු, කම්මැලි කමේ ඇත්තෙ..

“Na appa thama yana gaman. Dan nam epa wenawa aiyooo🥲”

“Ekane inna thibbane, giyane uda panagena”

“Ow ow thauseda ethakota mewa balanne. Ane me hitapan aiye nikan”

“Hari hari.. Meh hetawath enne nadda bn?”

“Nathi wei. Ai? Oyata man nathuwa palutheee.. 👉👈”

“Pissuda bn. Thawa dawas kiyak nidahase inna puluwanda kiyala me baluwe”

අනේ මොකට කියනවද? දැනුත් මේ උඩපැන්නා ගියා ඤං ඤං ගාලා.

“Aaaaa ehemada. Ha ha ehenam aiye uba nidahasema hitapn man meheta wela innam thangachchiyek badagena athal eke”

“Ane paw ban e kella😪 “

පෙනේද මේ අවලං මිනිහා කිව්ව කතාව. පව්? ඒකත් කෙල්ලො? යකෝ මං ගැන ගානක්වත් නැද්ද?

“ඈ yako kelloda paw? Un neme aiye mai ube tubiya😒”

“Omg i already forgot about that Saurash.”

“Ooo really? What a කිරි රිළවා..”

“🤣 කිරි?”

ඔව් ඇයි? අම්මපා… එව්නාට මට තිබ්බෙ සංස්කරණය නොකර දාන්න. මං හොඳ උනා වැඩී.

“Ane me aiye”

“Hari hari 🤣
Call ekak ganna free una welawaka hode. Miss u mini..”

“Wooow 🤭 hako👍”

“Hmm”

උදේට කෑම කෑවෙ වාහනේ යන ගමන් ම නිසා අයියට කෝල් එකක් ගන්න හම්බුනේ නෑ. ආපහු ඉතින් දවල්ට තමා. මං ෂටර් එකෙන් එළිය බලාගෙන ආවා. පස්සෙ කම්මැළි ම තැන COD දාගෙන ඒකත් ප්ලේ කළා. මෙහෙම ඉවර කළා නම් ඔච්චර කාලයක් ලෝක යුද්ධ ඇදෙන්නෑ. කොහෙද මේ සෞරාෂ් හිටියෙ නෑනෙ. එකට විතර අපි දවල්ට කන්න කියලා කඩේක නැවැත්තුවා ඒක අර පොල් අතු වියලා දාලා ලෑලි ගහලා හදපු කඩයක්. මං ඉස්සර ඉඳන් ම ආස කොහෙහරි දුරගමනක් යනවා නම් මෙහෙම් තැනකින් කන්න. නැත්තන් ඉතින් කොළඹ කන බොන විදිහට ම රෙස්ටුරන්ට්වලට ගිහින් කද්දි ඇති වැඩේ මොකද්ද?
මං කාලා අතත් හෝදන් කඩෙන් එළියට බැහැලා අයියට කෝල් එකක් ගත්තා. අම්මලා තාම කනවා. මට ඉස්කෝලෙ පුරුද්දට කැවෙනවා නෙමේ ගිලෙනවා.

“සෞරාෂ්”

හෙලෝ කියන්න දන්නැද්ද දන්නෑ. හැබැයි ඉතින් හරි නෙහ්? හෙලෝ කියන්නෙ බෙල් අයියගෙ කෙල්ල නම් අයියාත් ඒ අක්කගෙ නම කියලා හරියන්නෑනෙ. මොකද මං හෙලෝ යෑ. එහෙම ගත්තම රිළවා හරි. අප්පේ කොල්ලා දස්සයා. කොහොමත් මං වගේ සිරිමත් කොව්වෙක් ඉද්දි අයියා වෙන වෙන අක්කලගෙ නම් කියන්න ඕනෙ නෑ. හුම්..

“සෞරාෂ්..”

“ආ..ආ ඔව් අයියෙ”

“මොන සිහියෙන්ද බං ඉන්නෙ. කෝල් එක අරන් කතා නොකර”

“නෑ හලෝ මෙහෙ මේ මෙහෙ ගහක ඔයා ඉන්නවනෙ. මං රැවටුනත් එක්ක. පස්සෙ ඌ අතේ ෆෝන් එකක් නැති නිසා මීටර් උනේ”

“මොකක්? කවුද ගස් උඩ ඉන්නෙ?”

හිකි හිකි. රිළවෙක් හලෝව්. වෙන කවුද?

“නෑ නෑ හරි. මේ අයියෙ?”

“ම්..”

“කම්මැලී අනේ.. මොනවහරි කියන්නකො”

“ම්.. මොනවහරි”

“ඔව් කියන්නකො”

“ඒක තමා කිව්වෙ”

“කෝ?”

“ඇයි දැන් මොනවහරි කියලා කිව්වෙ”

“අනේ මේ අයියෙ. තවුසෙත් එක්ක බෑ. මාව විහිලුවකට ගන්න එපා හරේ.. මං මෙහෙම හිටියට හරි දරුණු මනුස්සයෙක්”

“à·„à·„à·Š à·„à·„à·Š. හා හර්..රිහ් බං. à·„à·„à·Š à·„à·„à·Š මං..à·„à·Š බය උන්..නා à·„à·„à·Š à·„à·„à·Š..”

මේ ගොබිලියා හිනා වෙනවා නේද? යා…වට පණුවා..හොට දිග කෑදැත්තා තව තව.. සැක් නම් මතක් වෙන්නෙත් නෑ.

“….”

“අම්බෝ හරි හරි දැන් චූටි හාමු කෑවද?”

“ඔව්.”

“ම්.. කන එක හරියට කරන්න සෞරාෂ් උබ ඕක තමා නොකරන්නෙ ම”

“හරි අනේ සුට්ටක් අමතක් වෙනවා අප්පා. ඔව්වා ඔහොම තමා. මෙහ් ඒක නෙමේ..”

“මොකද්ද?”

“අර අර කලින් කිව්ව එක ආපහු කියන්නකො”

“මොකද්ද?”

“අර අනේ කලින් කිව්වෙ”

“මොකක් ගැනද බං කියන්නෙ?”

“අයියෝ.. අර චූටි හාමු කිව්වෙ”

“ආ.. à·„à·„à·Š à·„à·„à·Š. ඒකද? ඇයි චූටි හාමු එහෙම කියනවට ආසද?”

“….”

“හ්ම් හ්ම්.. උබත් වෙස් පෙරලනවා සෞරාෂ් නියමෙට. මේ වලි මේ හුරතල් වෙන්න එනවා”

“එහෙම තමා.”

“හා හා”

“ආ මේ අයියෙ අම්මලා ආවා එළියට මං තියන්නම් හොඳේ. මං එහෙට ගිහින් ගන්නං ඔයාට”

“හරි. පරිස්සමෙන් සෞරාෂ්. මහන්සි වෙන නිසා හරියට කාලා බීලා රෙස්ට් කරන්න”

“හරි අයියෙ බායි”

මං කෝල් එකත් කට් කරන් ගහේ හිටපු යාළුවටත් ඇහැක් ගහන් ආවා. නැතුව හොඳ නෑනෙ. දැන් ආපහු නිදාගැනිල්ලක් තමා. නිදිමතයි කෑවත් එක්කනෙ. ඒකට හරියන්න කට්ට අව්වත් සෙට් වෙද්දි ඒසී එක නිසා මැරිලා වගේ නින්ද යනවා.

————————————————————

කුඩු නෝනලා මාත්තයලා මං ආවා ඩරුවනේ.. හරියටම දොළහයි හෙහේ..

මුලින්ම මං මේ අවස්තාවේ ප්‍රකාශ කරන්න කැමතී ඊළඟ චැපියෙන් සෞව්වව ආපහු කොළඹ යවන්නම්. කම්මැලී වගේ ද මේ ගමන් යන එක? 🥲

තූති හාමු දොයියන්න හදන්නෙ කාලා බීලා ඔය තූති චුක්කා චුක්කිලත් දොයියන්න කාලා බීලා තූ දාලා.
හර්තේ..

ඒනම් මං කොම්ලො මං ගියා.. ආ මේ කෙම්ලනේ මං ගියා හොඳේ..
පොල් කෙන්දක් තරම් ආදරෙයි අප්පාවේ..♥️
උම්වාහ් 😚♥️♥️♥️♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 36, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 36, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 36 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 36 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 36 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 36 light novel, ,

Comment

Leave a Reply

Chapter 38