Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 38

A+ A-

“රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ..
රන්දෝලාවට නගිනවද..”

“ඒ සිරාවටම?”

“මොකද්ද?”

“නගිනවද?”

“ඇහ්? මොන හුයන්නක්ද අහන්නෙ යකෝ?”

“ඇයි දැන් උබ ඇහුවෙ දෝලාවට නගිනවද කියලා. සිරාවට නගිනවද දන්නෑ නෙහ්?”

අම්මපා මේ තිරිසනා.. සින්දුවක් කියන්න දෙන්නෑනෙ. ඇත්තටම රන් දෝලාවට නගිනවද කිව්වම තේරුම් දෙකයි. බලන්න නයනි ඒකෙත් හැටී..

“හරි ම ඒසයි නේද ඒයි?”

“ඒම්කනෙ ඒයි.. මේ සීයට උබේ හැටක් දාලා බස් එකට දියන්. මට තොගෙ විස්ස දියන් යකෝ හොර දෙටුවා.”

මායි යුගයි මේ බයෝ එක ඉවර වෙලා අපේ ගෙදර යනවා. බස් එකේ කොන්දා මාරු නැතුවාම බෙල්ල මිරිකන් කෑගහන නිසා අපි සල්ලි හදන් යන්නෙ.

“ඒ සෞව්වො අර හෝමගමේ සෙනඟ නෑ බන් යමන්”

“පිටිපස්සෙන් නැගපන් යකෝ ඉස්සරහ සෙනඟ”

මෙහෙමයි සෙනඟ නෑ කියන්නෙ මේ ශීට් හිස් කියන එක නෙමේ පොල් පටෝලා නෑ. නැත්තන් මේ හිටගෙන කට්ටිය ඉන්නවා හෙහෙ.
මහරගමින් බස් එක ගොඩක් දුරට හිස් උන නිසා  අපිට පිටිපස්සෙ ශීට් එකේ අයින් සෙට් උනා. දේව ශීට් යකෝ මේවා.

“සෞව්වො ෆෝන් එක දියන් බං අයියට කෝල් එකක් ගන්න. මගේ එක බැහැලා”

“එලියෙ පොකට් එකෙන් ගනිං”

අද නං ලාවට පොදයක් වගෙත් තිබ්බා. වහින්න නං එපා පුතෝ කුඩයක්වත් නෑ ළඟ. බස් එක ඇවිත් මාකුඹුර පාක් ඇන්ඩ් රයිඩ් එකෙන් නවත්තන් හිටියා. විනාඩි පහක් විතර. මගෙ ඔලුවට  ආවෙ දවසක් උන සීන් එක. සිරාවට ම ඒ කවුරු වෙන්න ඇද්ද?

“සෞව්වෝ!!!”

“ඔහ් මොකෝ මිනිහො බෙරිහන් දෙන්නෙ?”

“බෙරිහන් දෙන්නෙ කියන්නෙ තොට කීපාරක් කතා කළාද? මොන ලෝකෙකද යකෝ හිටියෙ?”

“නෑ බන් උබට මතකද දවසක් අර මගෙ පර්ස් එක වැටුනා මෙතනදි. අර අපේ ඉස්කෝලේ එකෙක් අරන් දුන්නෙ. කවුද දන්නෑ නේ බන් ඒ?”

“ඒ සිරාවටම නෙහ්?”

“ඒක තමා බන් මාත්  හිතුවෙ”

“හිතන්න එපා උබේ ඔය අබ ඇටේ දියවෙයි”

“අනෙප් පල යන්න”

අපි හෝමගමින් බැස්සට පස්සෙ යුගාන් නම් වූ දානපතියා බස් එකේ ගිහින් ඉතුරු විස්සෙන් හැක්ස් අරගත්තා. පස්සෙ අපි ඕකත් කකා ආවා. හැක්ස් කාලා කට ඇතුළට හුළං ඇද්දම හෙන සීතලයි.
.
.
“ම්.. මේක දාගන්න”

“ඕන්නෑ අනේ වහින්නෑ”

“ඇයි උබ වැහිදෙයියොද වහින්නෑ කියන්න. දාගනිං ඕක”

“ඔව් ඔව් දෙයියො තමා ඇයි තෞසෙ. ඕක වහින්නෑ අප්පා. ගිය ටිකෙත් ඔහොමයි අහස පොඩ්ඩක් චුරු චුරු ගාලා පායනවා”

“ඕන මගුලක් කරගනිං”

ඉස්කෝලෙ ඉවරවෙලා මායි අයියයි බට්ටිච්චිගෙ බර්ත්ඩේ එකට බඩු ටිකක් ගන්න යන්න හදන්නෙ. දහය නිසා සප්‍රයිස් එකක් දෙන්න හදන්නෙ ඉතිං. යන්න කලින් මේ වැහි අඳුරක් දැකලා මේකා මැරෙන්න හදනවා රේන්කෝට් දාගන්නලු. දෙයියනේ මං කියන්නෙ වහින්නෑ..

අපි මුලින් ම mother care එකට ගිහින් බට්ටිච්චිට ඇඳුම් දෙකතුනකුයි එතනින් ම බාබි ඩෝල් කෙනෙකුයි අරගත්තා.
පස්සෙ jiggles එකට ගිහින් ඩෙකරේෂන්සුත් අරගත්තා. ඔය වැඩ ටික ඉවර කරන් අපි පිටත් වෙලා නාවින්න හරියට විතර එද්දි එකපාට්ට වැස්සක් කඩන් හැලෙන්න ගත්තා දැන් මන් මොකද්ද කියන්නෙ. නවත්තන්න කියන්නද? ආ…à·„à·Š ඇයි යකෝ මට ම මෙහෙම වෙන්නෙ?

“අයියෙ”

“කියන්න”

“මේ..ඉස්සරහින් නවත්තන්නකො හලෝ රේන්කෝට් එක දාගන්න”

“ඇයි සෞරාෂ් වහින්නෑනෙ.”

“හරි හරි අප්පා. ඔච්චර දුෂ්ට වෙන්නෙපා මිනිහො. වැස්ස වැඩිවෙන්න කලින් නවත්‍තනවකො”

පස්සෙ ආපිකෝ එකට දාලා අයියා බයික් එක නැවැත්තුවා විතරයි විනාඩි පහක් යන්න හම්බුන්නෑ හෙන හයියෙන් වැස්සා. දෙයියො ආ යූ කිඩින් මී බන්? යකෝ කොහෙ තිබ්බ අකුණුද මේ දැන් වදින්නෙ. ඒ අස්සෙ අයියත් හෙන කින්ඩි හිනාවක් දැම්මා මට. වරදින්නෙ මිනිස්සුන්ට තමා ඉතින්. මේකා රිළවෙක් කියලා මං මොනා කරන්නද?

“අව්ව සැර වැඩී බන් යන්න බෑ. මේක ඇතුළට ගිහින් රවුමක් දාලා එමු”

හෙ හෙ හෙ හෙ හේ.. හරි හිනා.. පුපත් හිනා වෙනවා.  එව්නාට සැලෙන්න හොඳ නැති නිසා මන් ගියා. හුහ්. ගියාම ඉතින් මට කන්න අරන් දෙනවලුනෙ එක්කෙනෙක්.

“අයිස්ක්‍රීම් එකක් ගමු?”

“මේ වැස්සෙ? පිස්සුද බං”

“මෙතන කනවා යෑ. ඔන්න මං ගානෙ ගත්තා හොඳේ ඔයා සල්ලි දෙන්න.”

අයියා මට දිහා සෝ ඩන් ලුක් එකක් දුන්නා. ඉතින් අනේ සමානාත්මතාව තියෙන්න එපැයි. මං Imorich එකේ Rocky Road එකක් ගත්තා. අයියයි මායි දෙන්නම ආයි මේකෙ ටොප් ෆෑන්ලා. ගත්තොත් කෙලින් ම ගන්නෙ මේක තමා. මොනාද මේ? දිව්‍ය භෝජන.
මං අයිස් ක්‍රීම් එක ගත්තට පස්සෙ අයියා එකපාට්ට මොකක් හරි ඔලුවට ඇවිල්ලා මාවත් ඇදගෙන ගිහින් මොට්ටු කාඩ් එකක් අතට දුන්නා. මං අයියා දිහයි කාඩ් එක දිහයි මාරුවෙන් මාරුවට බලලා අයිබ්‍රෝ එක උස්සලා ඇයි කියලා ඇහුවා.

“ඇයි එදා කිව්වෙ තං..”

“තෞසෙ තව එක වචනයක් හරි කිව්වොත් මං තවුසෙගෙ.. නෑ ඒක මං කරල පෙන්නනවා. කියපිය බලන්න”

“ඉතින් බං උබමනෙ කිව්වෙ. මං මේ උදව් කරන්න හැදුවෙ”

“ආ.. එහෙමද ලොකු අයියෙ. උදව් කරන්නකො එහෙනං මාත් උදව් කරන්න”

“නෑ කමක් නෑ ඔන්නෑ.
ආ මේ අව්ව අඩු කරලා යමන්”

මේකාට.. මං ටෝන් ගාලා එකක් ඔලුවට දුන්නා. එනවා මෙතන හිනාවෙවී මට ජෝක් කරන්න. අනික යකෝ තංගච්චියෙක් උනත් කැමතිද කියලා ආතල් එකට ඇහුවට ඔව්වා එහෙම දුරදිග ගෙනියන්න ඕනෙ නෑනෙ. හැබැයි මං දෙයක් කියන්න තියනවා කියලා ඕක කිව්වම අයියගෙ අර සීරියස් ලුක් එක හබක් උන විදිය මතක් වෙද්දිත් මාර සතුටක් දැනෙනවා අප්පා.
අපි ගත්ත අනං මනං ටිකටත් පේ කරලා ආවා. ඒ ඇවිත් හෝමගමින් කේක් එකත් අරන් අයියලගෙ ගෙදරට ගියා. ඇයි ඉතින් බඩු වැඩී ගෙනියන්න බෑ කියලා මේකා අපේ අම්මටත් කියලා මාව ඇදන් ආවා. මාත් අම්මා එක්කම එන්න හිටියෙ එව්නාට ඉතින් දැන් මේ බෑග් ටික මේකාට ගෙනියන්න බෑලු හොඳේ. අනේ ඉතින් කෙළින් ම කිව්ව නං මොකද සෞරාෂ් මෙහෙම්ම අපේ ගෙදර යං කියලා. නෑ එහෙම නෑ. එලිෆන්ට් ඔලුවනෙ මුගෙ.

ගෙදෙරට ගිහින් අපි දෙන්නා වොශ් දාලා කාලා ඩෙකරේෂන් වැඩ ටික පටන් ගත්තා. අයියා ඒ අස්සෙ අර අයිස් ක්‍රීම් එකත් උස්සන් ඇවිත් ‘ඔයාට කටයි මට දෙකයි කිය කිය කැව්වා’. පස්සෙ මං ස්ටේප්ලරේ අරන් පස්සෙන් පැන්නුව ම හරියට කැව්වා.   කොහොමහරි පහමාර හය වෙද්දි අපි දෙන්නා වැඩ ටික ඉවර කළා. අපේ සෙට් එකත් එයි තව ටිකකින්. නැන්දා බට්ටිච්චිවත් එක්කන් රවුමක් දාලා එනවා කිව්වා හතට විතර.

“සෞරාෂ් ඔය ඔලුවෙ නූලක්.”

“කෝ..”

“මෙහෙ එන්න”

මෙහෙ එන්න කිව්වට අයියා එයා ම ළඟට ඇවිත් ඔලුවෙන් අර නූල් කෑල්ල අයින් කළා. එතකන් මන් අයියා දිහා බලන් හිටියා. අයියා මට වඩා ටිකක් විතර උසයි. අඟලක් එකහමාරක් වගේ. එව්නාට එක්සෑම්වලින් පස්සෙ ජිම් එහෙම යන්න අරන් මට වඩා මේකා හෙන ලොකුයි වගේ පේන්නෙ. අසාධාරණයි! අයියට තියන ශාප් ජෝව් ලයින් එක, ඒ හීනි දිග නහය, අර අමුතු ලුක් එකක් එක්ක තියන ඇස්… මං ඒ හැම දෙයක් දිහා ම එකින් එකට බලාගෙන බලාගෙන යද්දි අයියාගෙ ඇස් එක්ක මගෙ ඇස් පැටලුනා. මන් දන්නෑ ඒක තත්පර ගානක්ද නැත්තන් විනාඩි ගානක්ද කියලා. කොහොමඋනත් අපි දෙන්නගෙන් කාගෙවත් ඇස් එක මොහොතකටවත් එතනින් එළියට ගියෙ නෑ.. තත්පරේකටවත්…
අයියා එයාගෙ අතක් මගෙ ජෝව් ලයින් එක හරියෙන් තියලා මගෙ මූන ලාවට උස්සලා ලාවට හිනාවක් එක්ක කම්මුලකුත් ලාවට අතගාලා තට්ටුවක් දැම්මා.

“සෞරාෂ්..උබ..නෑ මුකුත් නෑ”

“ඇයි?”

“නෑ නෑ.දුවපිය අහකට, එනවා මෙතන”

“ආව් අප්පා. එන්නෙපා පස්සට ගහන්න. කපනවා කකුල”

අයියා හිනාවෙවී මට ඇහැක් ගහලා කොස්සක් අරන් බිම තිබ්බ අනං මනං ටික අතුගාන්න ලෑස්ති උනා. මාත් ඉතින් පුටුවල තිබ්බ පුපුරපු බැලුම් අරවා මේවත් බිමට දාලා තිබ්බ අනික් වැඩ ටිකත් බලලා කළා. එව්නාට මට හොඳට ම තේරුනා අයියා එවෙලෙ එයාව කන්ට්‍රෝල් කරගත්ත විදිහ. එයාට ඒ වෙලාවෙ කිස් එකකට යන්න පුළුවන් කමක් තිබිලත් එයා ලස්සනට එයාව කන්ට්‍රෝල් කරගත්තා. මං කියන්නෙ he is so…arghh I respect you so much aiye. ඔයා ළඟ ඉද්දි මං මට වඩා ඔයාව විශ්වාස කරනවා. ඕන ම වෙලාවක…

————————————————————

කොස් කිරන්නෑ දැන්ම😌 ඔය ළමයිගෙ හිතේ තියන දේවල් දැන්ම වෙන්නෑ යකුනේ… බුහ් à·„à·„à·Š හා…

ඒනං ඉතිං දැන් පාටි දාන්න ලෑස්ති වෙන්ඩලා.. 🎈🎊️

සෞරාෂ් තංගච්චියෙක් උනොත් කෝමතේ..🫠

ඔය ළමයි අව්වෙ තෙමෙන්න එපා හොඳේ. පරිස්සමෙන් ඉන්න.. මේ ටිකේ වයිරස් එකක් යනවා 😪

🎉️🎉️  කයේල් 5K පන්නලා.. හැමදාම වගේ තැන්ක්ස් මගෙ චුක්කා චුක්කිලාට. ආතරෙයි😘.. 🎉️🎉️

ඒනම් මන් යනවා. ආපහු කවද්ද එන්න ඕනෙ? කියන්න බලන්න 🎤
වව් යූ♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 38, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 38, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 38 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 38 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 38 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 38 light novel, ,

Comment

Leave a Reply

Chapter 40