Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 39

A+ A-

“Happy birthday to you
Happy birthday to you
Happy birthday dear chooty
Happy birthday to you..!”

Clap 👏

අපේ කට්ටියයි බට්ටිච්චිගෙ යාළුවො ටිකදෙනෙකුයි හැමෝම ආවට පස්සෙ හතට විතර නැන්දයි බට්ටිච්චියි ආවා. පස්සෙ මෙතන දැකලා සතුටට උඩපැන පැන අත්පුඩිත් ගැහුවා. ඔව් ඉතින් දන්නෙ නෑනෙ. තිබ්බ බාබි ඩෝල් කේක් එකෙන් කෑල්ලක් කපාගෙන බට්ටිච්චි නැන්දටයි අයියටයි කවලා ඊටපස්සෙ හැරුනෙ මගෙ දිහාවට.

“චූටි අයියෙ එන්නකො”

“මං?”

මං අයියා දිහා බැලුවම එයත් ඔලුවෙන් මට යන්න කියලා ඒ පැත්ත පෙන්නුවා. මං ළඟට ගිහින් කේක් කෑල්ලක් කෑවා.

“නැවෙන්නකො අනේ ඔයා උස වැඩීනෙ”

මං බට්ටිච්චි ගානට නැවුනම එයා මගෙ කම්මුළට අයිසින් සේරමත් එක්ක පෙක් එකක් දීලා දත් සෙට් එක දාලා හිනා උනා. මාත් හිතින් ඔලුව අතගාලා ඔලුවටම චූටි පෙක් එකක් දීලා ආවා. ඔය වැඩ සේරමයි තෑගියි දීලා ඉවර උනාට පස්සෙ බට්ටිචි එයාගෙ යාලුවො එක්ක කෑගගහා සෙල්ලම් කරන්න ගත්තා හතර වටේ දුව දුව. අම්මල තාත්තලත් එයාලගෙ කතාවල. අපේ කට්ටියත් පුටු ටික රවුමට තියාගෙන කියවනවා.
ආපහු කෑම කාලා ඉවර උනහමත් වටවෙලා කියවන්න ගත්ත පාර මං නැගිටලා ගිහින් කාමරේ බැල්කනි එකට වෙලා හිටියා. අපි හිටියෙ අයියගෙ කාමරේ. කට්ටියට ම ඉතින් අලුත් තැනක් කියලා නෑනෙ. වෙනසකට තිබ්බෙ දැන් මෙතන ආර්‍යන් අයියා නෑ. ටිකකින් මට එහාපැත්තෙන් අයියා ඇවිත් හිටගත්ත නිසා මං එයා දිහා බලලා හිනාවෙලා ළඟට උනා.

“මොනවද කල්පනා කළේ?”

“චූටිව මතක් උනා”

අයියා ලාවට හිනාවෙලා එයායි බැල්කනි එකේ වැටයි අතරට මාව ගත්තා. අයියා මගෙ ඔලුව අතගාන්න ගත්තා. කොණ්ඩෙ අතරින් එයාගෙ ඇඟිලි යද්දි සනීප නිසා මං ඇස් වහගෙන ම හිටියා. එයාගෙ ඇඟේ රස්නෙට වටේ සීතල අඩුඋනාම සනීපයි. මං අයියට හේත්තු වෙලාම ඉස්සරහ බලන් හිටියා. හඳ නැති නිසා වෙන්නැති අද අහස අඳුරුයි. චූටි චූටි තරු ගොඩක් පායලා තිබ්බෙ හරියට ඒ පාළුව මකලා දාන්න වගේ. එව්නාට එයාලා දන්නෙ නැතුව ඇති අහසෙ හඳ නැති පාළුව එයාලට මකන්න බැරි බව.
ඒ අතරෙ අයිය මගෙ කොණ්ඩෙ අතගාන ගමන් ඔලුවට චූටි චුක්කියක් දුන්නා. හැමදාම ඉතින් ඕක දෙන්නෙ දැනෙන නොදැනෙන ගානට.

“කොණ්ඩෙට නැතුව ඕක මට දුන්න නං ඉවරනෙ”

“මොකද්ද? කොණ්ඩෙ ෂැම්පු සුවඳ වෙනස් අද”

“ආ…. එහෙමද? හා හා.”

අයියා හිනාවෙවී මගෙ ඔලුවටත් පාරක් දීලා එන්න කියන් ගිය නිසා මාත් ගියා. අපි පහළට යද්දිත් අම්මලා කියෝනවා ඉවරයක් නෑ. මෙයාලත් සෙට් උනහම ඉතින් කෙළින් ම දේශපාලනේ ඉඳන් ආර්ථිකෙයි අරවයි මේවයි සේරම ගැන කියවනවා. පස්සෙ රෑ වෙලා අයියා අපිව ගෙදරට ගෙනත් දැම්මා. දැන් ආපහු සතියක් විතර යනකන් අභී පුතා යැයි යැයි තමා.
.
.
සති දෙක තුනක් සාමාන්‍ය විදිහට ම ඔහේ ගෙවිලා ගියා. හැබැයි ඒ කාලෙදි මායි අයියයි අතර තිබ්බ බොන්ඩ් එක ටිකෙන් ටික වැඩි උනා. ඒ කියන්නෙ මෙහෙමයි, ඉස්සර හැමදාම කතා කළාට අපි දවසේ විස්තර කියාගන්නවටත් වඩා කළේ වෙන අනං මනං කියවපු එකනෙ. සමහර දවස්වල දුකෙන් අවුලෙන් හිටියොත් ඒ ප්‍රශ්න ඒ දේවල් ගැන. දැන් වෙලාවකට මං අයියට නැගිට්ට වෙලේ ඉඳන් කෝල් එකේ ඉන්න තැනට වෙනකන්ම කියනවා. මේකයි ඉතින් ඔහොම කියන්නෙ ජොලියට වගේ. අයියා අද මොකෝ උනේ කිව්ව ම මන් කියනවා ඉතිං චූ දාන්න ගිය එකේ ඉඳන්. හෙහෙ. එව්නාට අයිය මං ඕක කියවනකන්ම හිනාවෙවී අහන් ඉන්නවා. කොච්චර කියෙව්වත් අහන් ඉන්නවා ඉතිං. එපා කියන්නෙ දැන් ඇති කියන්නෙ නෑ. කිව්වා කියල එයා කියවනවද නෑනෙ නෑනෙ. ආපහු ඊලඟට මොනාහරි කියන දෙයක් අල්ලගෙන මංම තමා කියවන්නෙ. මේකා කරන්නෙ හුම් හුම් ගගා බකමූණෙක් වගේ ඉන්න එක. වෙලාවකට සද්දයක් බද්දයක් නැති තැන මං ඉන්නවද කියලා ඇහුවමත් ‘හුම්..’ කියනවා. හනේ ඉතිං මගෙ මුකබාණා! අපිට ඉස්කෝලෙදි වැඩිය හම්බෙන්න සෙට් වෙන්නෙ නෑනෙ. නැතුවමත් නෙමේ උදේ ඩියුටි වෙලාවට හවස යද්දි සෙට්වෙනවා ඉතින්. ඒ ඇරෙන්න කන්න ගියත් හැමදාම යැවෙන්නෑ. සමහරදවස්වලට එයාලා නෑත් එක්ක වැඩ නිසා. එව්නාට දකින වෙලාවට ඉතින් අයියා ලා හිනාවක් දාන් යනවා. ඔය වෙලාවට සේරට ම හරියන්න ඉන්නෙ කිත්මිණ අයියා තමා. කෙළින් ම අපිව දැක්ක ගාන් ම ඇවිත් දඩෝං ගාලා පිටට කෙලලා අරිනවා. ඊටපස්සෙ කියෝනවා ‘පොඩි ඇටයයි බෙලෙක්කෙයි වටේ යනවා වැඩී හොඳටම’ චක බක ගාලා. යනවා තමා පගෝ. දවසක් ඔහොම කියලා මේකා කුළු හරකා වගේ පැන්නුවා පාරෙත් එක්ක හිටියෙ එදා. හොඳ වෙලාවට බස් එක ආපු නිසා උට මැදඟිල්ල පෙන්නලා නැග්ගා. කරුමෙ කියන්නෙ මූත් එදා අපි එක්ක නිසා බස් එකේදි පලිගත්තා. මං අයියව මැද්දට දාලා බේරෙන්න හදද්දි ‘ උබලගෙ ප්‍රශ්න බේරගනිං මං ඕවට නෑ’ කියල මාව පාවාදීලා එහාට උනා. පස්සෙ මං විශ්වාස ද්‍රෝහියාගෙ අත හපලා දණ්ඩන පැමිනුවා. ටුබියාට උනත් එහෙම ඕන ඕන විදිහට නටන්න දෙන්න හොඳ නෑ.

“මේ.. සෞරාෂ්..”

මගෙ නම කියනවත් එක්ක අපි ඉඳන් හිටපු ටේබල් එකෙන් වීදුරු බෝතල් දෙකකුයි අනං මනං ටිකක් තිබ්බ නිසා මං උඩ බැලුවා. ඔච්චර අදින්න ඕන නෑනෙ නම කියද්දි.

“මොකද?”

“ඇයි ඔයා සෞරාෂ් ද?”

යුග්ගා අර කෙල්ලො දෙන්නටත් ඔරවලා මගෙ පැත්ත බලලා ‘බලපංකො බං, පුදුම වදයක්නෙ’ වගේ සීන් එකක් දුන්නා. සහතික ඇත්ත.

“හරි දැන් ඇයි?”

“මෙතන කියන්න බෑ. ඔය එහාපැත්තෙ එක්කෙනාට යන්න කියන්න”

“පේනවද සෞව්වො මේකි..අම්මපා..මං යන්නෑ කියපන්, ඒකිට ඔන්නං ඕන තූත්තුකුඩියක පලයන් කියපන්”

ඒ අස්සෙ යුගා මගෙ කනට කර කර කුටු ගානවා. හිටපං යකෝ උබව යවන්නෑ කොහොමත්.

“සොරි යුගාන් කියන්නෙ මගෙ යාළුවා, ඌ කොහෙවත් යන්නෑ. ඔයාට මොනාහරි කියන්න තියනවනං මෙතන මෙහෙම කියලා යන්න”

“That’s it!”

ඔය ඉතිං ඒ අස්සෙ මේකා මැද්දෙන් ඇඩ් දානවා. යකෝ උප්ටො මට හිනායනවා ඕයි.

“Oh my.. ok then fine! Ah..you’re so annoying man!”

“ඇනෙනවනං පලයං මෙතනට වෙලා ඉන්නැතුව, රෙද්ද. සෞව්වො මට මේ කුණ්ඩවාලෙට දෙක තුනක් කියන්න දීපන්”

“ප්ලීස් උබේ කට වහන් හිටපන් මැනිකේ.. තෝ ඔය කට ඇරියොත්.. නෑ එපා. කට වහන් හිටපන්”

මේ මිනුච්චි කියන දෙයක් කියලා යන්නෙ නෑනෙ මගුල. මෙතන්ට වෙලා ඉන්නවා බහිරව රූපෙ වගේ. ආ මිනුච්චි කියන්නෙ මං දාපු නම. සිරා නම දන්නෑනෙ, Actually මට මතක හිටින්නෑ. මිනුච්චිගෙ යාලුවා මිනු ද මොකද්ද මංදා කියද්දි මට මතක් වෙන්නෙ අර අවුරුද්දට ඉන්නෙ මීන රාශිය, අන්න එයාව.

“මොකද්ද කියන්න තියනවා කිව්වෙ?”

ඒ පාර මිනුච්චි ඇස් දෙක කරකෝලා කොණ්ඩෙ කන අස්සෙ ගහගෙන හෙන විකාරයක් කළා. අර තොවිල්වල යකාගැහුවාමත්.. මං කිව්වෙ යකා වැහුනමත් ඔහොම ඇස් උඩ යනවා.
සේරම කරලා ඉවර වෙලා මිනුච්චි මට කොළයක් අතට දුන්නා. යකඩෝ කොළේට පැපොල හැදිලා. හාට් පැපොල ද කොහෙද හැමතැනම හාට්. මං යුගාට කනට කරලා කිව්වම ඌ මෙතන මොකාද එකා වගේ හිනාඋනා. අර ඩබල කන්ෆියුස්. එව්වා අපේ රහස් මිනුච්චියො වුබර්ලා දන්නෙ නෑ. කිරි අප්පට ඩෝග්ස් පැනපි කිව්වලු යකෝ මං කියන්නෙ අර අම්මා කියනවා වගේ මුංට සැප වැඩී. හරිම නාස්තිකාරයි. ඇයි මගුල වචන තුනක් ලියන්න CR විතර සයිස් කොළයක් ඒකත් පාට එකක්. තව මේ දිලිසෙන පෑන්, ජෙල් ඒවත් තියනවද කොහෙද තව එකේක දිලිසෙන ගලුත් තියනවා. ගල් කිව්වෙ අර..නෑ හරි හරි අභූත රූපයක් මැවුනා හික්ස්. අවසාන නිගමනය තමා මේ ළමයි හරිම නාස්තිකාරයි. සෙන්ටිමීටරයක් පළල සෙන්ටිමීටර පහක් දිග කොළේක මේක ලියන්න තිබ්බනෙ. අනික දරුවෝ…කාලය! සැක් හරිම ඛේදනීයයි.

“So?”

මං කොළේ දිහා බලාගෙන අයවැය කප්පාදු කරද්දි මිනුච්චි සොහ් ගෑවෙ. සොහ් ගාන්නෙ ඉතිං ෆේල් වැඩේ. හරි දැන් සීරියස් වෙමු. හැබැයී…..පොඩ්ඩක්. දැන් අර අපේ අක්කා ඇවිත් හැමතිස්සෙම කියන අර කවුද සීනි කොල්ලාව ආවේස කරගමු. මොකද්ද නම….සුගා. Yeah.. Savage king. O yeah!
මං මිනුච්චිගෙ මූන දිහා හෙන unbothered ලුක් එකකින් බලං හිටියා.

“Why?”

“හ්ම්..Nice art, keep going.
යුගා යමන් clz එකට”

මං කියන් නැගිටිද්දි මේකා හෙන ගේමක් දීගෙන හිනාව කාගෙන ඉන්නවා. එව්නාට ඔබගෙ දෙඋර චලනය වෙනවා දරුවා.

“Give me an answer man!”

“For what? It’s not a question at all”

“Oh god. I love you so?”

“Oooh yeah I love me too.
යුගා යමන් බං පරක්කු වෙනවා”

අර කෙල්ලට මව්බස කතාකරද්දි ඉංග්‍රීසි ඇක්සන්ට් එක එන්නෙ ඇයි දන්නෑ. නෑ මං කියන්නෙ වෙලාවකට නෝමල් වෙලාවකට එන ටහිකෙන ඇක්සන්ට් එව්වා. අපි ක්ලාස් එකෙන් ඇවිත් වාඩිවෙද්දි ම වගේ සර් ආව නිසා යුගාගෙ මූන කළු වලාවකින් වැසී ගියා. උගෙ කට නළියනවා ඇති දැන්. ක්ලාස් එක ඉවරඋන ගාන්ම දැන් ඕකා ඕක ගැන කියවන්න ගන්නෙ. සර් ආවට පස්සෙ මිනුච්චියි යාළුවයිත් අපේ පැත්ත බලලා ගස්සගෙන ඔරවගෙන ගියා. අනේ අපි නං සැලෙයි ඔව්වට.

————————————————————

හලෝව්..

පොඩි පස්න ටිකක් තියනවා අහන්ඩ. ශරිද? මේකයි,
චැපිය තව ලොකුවට ඕනෙද? මට එච්චර ඒක මීටර් වෙන්නෙ නෑ. ලියන් යද්දි හෙනට කියවන නිසා.🥴 එහෙම නං කියන්න.🧐

අනික තමා… කයේල් වෙන ඕතර් කෙනෙක්ගෙ කතාවක් එක්ක යනවා වගේ නම් මට කියන්න. හරිද? එහෙම උනොත් හරි නෑනෙ. 🙂

ඉතිං හලෝ… කියවන්න මොකුත් මතක් වෙන්නෙ නෑ. මෙහෙම බෑ ඔය ළමයි කියවන්න ඕන. සහෝදර සහෝදරියො හැටියට ඔහොම ලැජ්ජ වෙලා බෑ. තේරුනාද? 😌✋

කතාවෙ ඉස්සරහට….එක්කො කියවද්දි ම බලන්න. හිකි හිකි. කිව්වාම වැඩක් නෑනෙහ්.

ඒනම් මං යනවා.. 🚪🚶
සූට්ටක් ආතරෙයි, කතා කළොත් ගොඩක් ආතරෙයි. ම්හුක් 🙃♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 39, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 39, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 39 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 39 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 39 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 39 light novel, ,

Comment

Leave a Reply

Chapter 41