Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 40

A+ A-

ගිය ටිකේ ම ඉස්කෝලෙ වැඩ වැඩ වැඩ පිරිලා. නිකන් ඇවිද්දත් මොළේ හෙල්ලිලා පාඩම් වැටෙන්න වගේ. ඇයි ඉතින් ටර්ම් ටෙස්ට් කියලා මිස්ලත් උගන්නනවා, පොඩි පොඩි පේපර්ස් දෙනවා ඒ අස්සෙන් ක්ලාස්වලිනුත් එක්සෑම් තියනවා. ආර්හ්හ්. කොහොමෙන් කොහොම හරි ටර්ම් ටෙස්ට් එකත් තියලා ඉවරඋනාට පස්සෙ තමා පුංචි අපේ ළමා හිතට සහනයක් ලැබුනෙ. එව්නාට දැන් සහනෙ තව වැඩි වෙනවා ලකුණු දෙන්න ගියාම. එව්නාට මං අර කව්ද මංදා කිව්ව විදිහට ‘A single sheet of paper can’t decide my future’ න්‍යාය අනුගමනය කරන්න හිතුවෙ. ඊටපස්සෙ මගෙ පජාත අතිජාත මිත්‍රයා කියන එකා කිව්වා ඒ සින්ගල් නෙහ් අපේ පේපර්ස් සිංගල් නෙමේ කෙලින්ම පත්තර නිසා ෆියුචර් එක ඩිසයිඩ් කරන්න පුලුවන් ලු. ඉහික් ඉහික් ඇඬෙනවා අම්මෙ. ඇයි මේ මැරෙන ජීවිතේ වෙනුවෙන් මෙච්චර දුක් විඳින්නෙ. බලන් ගියාම කන්නනෙ මේ සේරම කරන්නෙ. එකාතකට බඩගින්න කියලා දෙයක් නොතිබ්බ නං මේ ලෝකෙ ගොඩක් වෙනස් වෙන්නත් තිබ්බා. හත්වලාමේ..! හිතනකොටත් සුන්දරයි.

“ආව් යකෝ ඔලුවට ගහන්නෙ”

“ඔලුවට නෙමේ මන් තොට ගහන්නෙ. කාපන් ඔතන පිළිකුල් භාවනාව වඩන්නැතුව.”

පේනවනෙ කන්න තමා දුක. මට ආපහු කාලා අත හෝදන්න යන්න තිබ්බ කම්මැළිකමට මං යුගාට ඇනලා ‘ආ..’ කිව්ව පාර මූ අලිපත තෝසෙ තොගයක් කටට එබුවා. හැබැයි රසයි.. එකාතකට මෙහෙම කටපුරෝලා කාපු එක තමා හරි මොකද එකපාරයි කට්ටිය තෝසෙ මුලට නැමුනෙ ඉවරයි. අර පොඩි කාලෙ කියනවා වගේ කපුටම තමා අරන් යන්නෙ. පොඩි එකෙක් හිටිය නම් අන්තර්ජාතික මට්ටමෙන් කන්ෆියුස්. අපි ඉතුරු කෑම ටිකත් කාලා ඉක්මනට ආපහු පහළට දිව්වා. අද පොඩි පන්තිවලට පේරන්ට්ස් මීටින්ග්. එතකොට ග්‍රේඩ් දෙක දෙක වගේ අරන් හෝල් එකේ සබ් සේරටම A තියන අයට මැඩම්ගෙ අතින් රිපෝට් එක දීලා යවනවා. පස්සෙ මැඩම් මීටින්ග් එක ගන්නවා. ඔය අතරෙ තව ග්‍රේඩ් දෙකකට ක්ලාස්වල පේරන්ට්ස්මීටින්ග් එක මිස්ලා එක්ක. ඊටපස්සෙ මේ අම්මලව ක්ලාස්වලට යවලා එයාලව මෙතනට ගන්නවා. අද දවසම ඉතින් මෙතන වැඩවලට ම අපි එහෙමෙහෙ දුවනවා. ස්ටේජ් රිපෝට් ගන්න පොඩිඋන් ටික බලන්නයි, මිස්ලා නැති ක්ලාස්වල ඩියුටියි, ඇතුළට එම අම්මලව සයින් කර කර ගන්නයි, අම්මලට ක්ලාස් පෙන්නන්නයි.. එපා වෙනවා දැන්නං කකුල් දෙක සපත්තු අඩියෙ ගෑවෙද්දිත් රිදෙන සයිස් එකක් තියෙන්නෙ. කොහොමහරි එකට විතර වැඩ ටික ඉවර උන නිසා මායි යුගයි කැන්ටිම පැත්තට ගියා. අද එතනත් පිරිලා. අම්මලයි ළමයිනුයි. එව්නාට තිබ්බ මහන්සියත් නිසාම මොනාහරි බොන්නත් එක්ක කියලා අපි කැන්ටිමට ගිහින් ලයිම් කප්ස් ටිකක් අරගත්තා. අයියලටත් එක්ක ගත්තෙ ඉතිං එයාලත් අද දවසෙම එහෙමෙහෙ දුවන එකනෙ කරන්නෙ. මෙහෙම වෙලාවකට ලයිම් එකක් බොනවා කියන්නෙ. ආයි සුපිරී. නැචුරල් ද ආටිෆිෂල් ද මන් දන්නෙ නෑ එව්නාට අපේ කැන්ටිමේ තියන ලයිම් එක සුපිරි. කූල් එකත් එක්ක ගහලා දැම්මම මහන්සි කැලේ.

“ආවා…. ඔබ සොයා….
මා ප්‍රියේ…. ඔබ සොයා….”

යුගා කෙළින් ම ප්‍රිෆෙක්ට් එකේ දොර ඇරන් ඉදන් ම උගෙ කොවුල් හඬින් හිටිවන කවියක් කියන්න ගත්තා. මුට අද අව්වට තවත් ට්‍රැක පැනල ද කොහෙද.

“ආ කිත්මිණ බොසා. සැපෙන් ඉන්නවා නෙහ්?”

“අම්මාහ් කියලා වැඩක් නෑ මල්ලෙහ්. මාර සැපක් දැනෙන්නෙ. ගංජා කාලක් ගහලා ප්ලේන්ටියක් බිව්වා වගේ”

මොන හරුපයක් ද යකෝ ඒ කිව්වෙ. එකාතකට මං වගේ හැදිච්ච අහිංසක ළමෙක්ට මේ වගේ මිනිස්සු එක්ක වසන්න බෑ තමා. මං මේ ඉන්නෙ මගෙ තියන සත්ත්ව කරුණාව නිසා.

“ආ එහෙනං ඔය ගහපුවටම මේකත් ගහල දාන්න”

“අඩෝ උබල දෙන්නට මොළේ තිබිලනෙ. රෙන්ට් එකටවත් ගත්තද බං”

“ඔව් ඔව් උවින් අයියෙ අපිට ඒ ගාන්ම උබේ මොළෙත් හම්බුනා වැටිලා තිබිලා. හැබැයි ගොඩක් කල් එළියෙ තිබ්බ නිසා සෙට්වෙයිද දන්නෑ”

“අනෙප් පල පොඩි පගයා එනවා මෙතන. දීපන් මෙහෙට ඕක”

“දෙන්නෑ ඩෝ ගනිං බලන්න…”

යුගා කිත්මිණ අයියා එක්ක වලියක් දාගද්දි මං ශේප් එකේ අයියා ගාව ආවා. අපි ආවා කියලා දන්නෙත් නැද්ද මංදා ඩෙස් එකට ඔලුව තියන් නිදි. මං එහා පැත්තෙ තිබ්බ පුටුවෙන් වාඩිවෙලා මගෙ ලේන්සුවෙන් අයියගෙ නළළෙ තිබ්බ දාඩිය ටික පිහිදැම්මා. මේ ලෝභයො ටික මෙච්චර ඒසී එකක් තිබිලනෙ මේ ෆෑන් එක දාන් ඉන්නෙ. මං අයියගෙයි මගෙයි ලයිම් දෙක තියලා නැගිටලා ගිහින් ඒසී එක ඔන් කරලා ටිකක් එතනට වෙලා හිටන් හිටියා. අම්මෙහ් සනීපයි.. බෙනිෆිට්ස් ඔෆ් හැවින්ග් සල්ලි ගොඩක් තියන ඕබී එකක් තමා.

“මේ තවුසෙ පැත්තකට වෙලා ඉන්නවකො අයියෙ වලි මැද්දට එන්නෙ.

උවිනයෝ දීපන් මෙහෙට ඕක. තොට දෙකක් නෑ ඕක මගෙ මිනිහගෙ යකෝ.

බෑ බෑ මගෙ එක වෙනයි මිනිහගෙ එක වෙනයි”

තාම අර වලිය තමා. පව් අර අයෝන් අයියා අප්පා බැනුනුත් අහනවා. යුගයි කිත්මිණ අයියයිත් ආයි සුපිරි ඩයල් දෙක තමා. ඕක තව ඉවරවෙන්නැති වලියක්..
ඒ අස්සෙ මේ මනුස්සයත් නිදි ආයි අච්චර අර ඝණ්ඨාර ගහන සද්දෙටත් ඇහැරෙන්නෑ. මාත් ඉතින් ටිකක් එහෙම්ම ඉඳන් බලන් හිටියා. අයියගෙ මූන මහන්සි පාටයි අව්වත් එක්ක ලාවට රතුත් වෙලාද කොහෙද. පස්සෙ එකයි හතළිහ විතර නිසා මං අයියට කතාකළා.

“අයියෙ.. මේ හලෝ.. අයියෙ නැගිටිනවකො.. එකයි හතළිස්පහයි..”

“ම්හ්.. නින්ද ගියා බං. දැන්ද ආවෙ”

“ටිකක් වෙලා. මූන ටිකක් හෝදන් එන්න මේක බොන්න ඊටපස්සෙ”

අයියා නැගිටල වොශ්රූම් එකෙන් මූණත් හෝදගෙන අර ලයිම් එකත් කටේගහන් හිටියා. දැන්නං අර වලිය සමාදානවෙලා. හැබැයි යුගා කට පුප කරන් හිටියෙ අයෝන් අයියා දෙකක් දීලද කොහෙද. කිත්මිණ අයියත් අරූව අවුස්සද්දි අයෝන් අයියා උටත් බයිනවා.

“ලකුණු දුන්නැද්ද සෞරාෂ්?”

“නෑ තාම. දන්නවනෙ මිස්ලා ඕවා දෙන්නෙ අන්තිම මොහොතෙනෙ. ඊටපස්සෙ මාක්ෂීට් එන්ටර් කරන්නයි ලැබ් අස්සෙ රිංගන්නයි යන්න ඕන අන්තිම මොහොතෙ.”

“ඔහොම තමා බං ඉතිං. දැන් කට්ටිය රෙඩීද ට්‍රිප් එක යන්න එහෙම”

“ගිය ටිකෙත් අපේ උන් කතා වෙවී හිටියෙ හොඳේ. සිරාවට ම අරහෙ ගන්න පුළුවන්ද අයියෙ?”

“ඉස්කෝලෙ එකෙක්ගෙ හින්දනෙ බං නැත්තං දෙන්නෑ. හොඳ වෙලාවට හැබැයි. උබලගෙ සල්ලි ඉතුරුයි ඕකට යන ගාන”

“ඔව් නෙහ්. මෙහ් තවුසෙ අපේ බස් එකට එනවා හොඳේ. හානෙ?”

“ඒ මොකටද? අනික සෞරාෂ් බස් ගොඩක් නෙහ් මොකකට යන්න වෙයිද කවු..ආව් ආව් හපන්නෙපා බං..ඉතින් ඇත්තනෙ කිව්.. ආව් යකෝ රිදෙනවා..හරි හරි එන්නං බං අතෑරපන්කො..ආ..රිදුනා සෞරාෂ්. “

“රිදෙන්න තමා හැපුවෙ. නැතුව කුචි කැවෙන්න යෑ.”

“උබ නම් මහ..මේ බලපන් පාරත් හිටලා”

“මොකටද නිකන් වටේ ගියේ ඉතින්. මේ යන්නැද්ද දැන් ගෙදර මටත් එන්න කියලා මෙතන නිදාගෙන තවත් ඉන්නද හදන්නෙ”

“ඔව් ඔව් මං මේ ඉන්න කල්පනා කළේ. බලු පැටියෙක් ඇවිත් හපනවා හැමතැනම පුදුම වද්..දයක් නෙමේ. ඒක තමා යං යං. ඔහොම බලන්න එපා බං උබ නිකන් සීරියල් කිලර් කෙනෙක් වගේ”

එනවා මෙතන වදේ ගාන්න. එව්නාට මට සීරියල් කිලර් කිව්ව්ම මැවෙන්නෙ අර උදේට කන පාට පාට සීරියල් මාල ටිකක් ඇඟ වටේ එල්ලන් ඉන්න හෙන සීනිබෝල මනුස්සයෙක්ව. පොඩි එරර් එකක් වෙන්නත් පුළුවන් එව්නාට වැරැද්දක් නෑනෙ ඉතින්..
.
.
“සී සීකඩ විසිරුනු සිතුවිලි
දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ..නැතිව
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ..නිමක් නෑ

මේ ටිකේ මොකුත් වැඩක් කෙරෙන්නෙත් නෑ ඉතිං ටර්ම් ටෙස්ට් ඉවර නිසා. උදේ ෆිසික්ස්වල ලකුණු දීලා ගියාට පස්සෙ මුකුත් ආපහු තිබ්බෙ නැති නිසා අපේ ක්ලාස් එකයි එහා එකයි සෙට් වෙලා සින්දු කියන්න ගත්තා. මේ දවස්වලට හැමඑකාම ඉස්කෝලෙ එන්නෙත් නෑනෙ. ආපු උනුත් ටිකක් රවුම් ගහන්න ගිහින් තව ටිකක් එළියෙ ක්‍රිකට් ගහනවා අනං මනං.

“මොහොතින් මොහොතට
ගෙවෙනා කාලය..
දැනෙනව කාටාත් එක විදිහට..
ගිනියම් ඉර..සද සිසිලස..
අතරේ හොයනව හොයනව මේ
අපි කවුරුද..

ගීයකි ලොව..සිතුවම් කළ..
අතරේ අහනව බලනව මේ
අපි කවුරුද ..

ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන
කලු ආකාසේ..

“ඔඔව් ඕ”

එකපාට්ට එකෙක් මැද්දෙන් පැනලා ඔඔව් ඕ ගාලා කෑගැව්වෙ. ඌ අත්දෙකත් දෙපැත්තට කරන් පුටුව උඩත් නැගගෙන. පස්සෙ ඌ ඒක ස්ටේජ් එක කරන් සින්දුවට රඟපානවා..

“ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතින් ඈතට පා..වී..සුලග සේ..

මොහොතින් මොහොතට
ගෙවෙනා කාලය..
දැනෙනව කාටාත් එක විදිහට..
ගිනියම් ඉර.. සඳ සිසිලස..
අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද..”

ආපහු මිස් කෙනෙක් ආපු නිසා අපේ සින්දුව මැද්දෙන් නතර උනා. දුකක් තමා දැන් ඊට වඩා දුකක් වෙන්න යන්නෙ. ලකුණූ..!බයෝ නිසා බය වෙලා ඉන්නෙ.. බලහන් බයෝ වචනෙම තියනවා බය කියන එකත්. දෛවයේ සරදම් මෙව්වා.
.
.
“හෙලෝ”

“ම්..ගෙදර ආවද?”

“ඔව් ඉතින් තවුසෙ රවුම් ගහන්න ගිහින්නෙ. මං අද තනී..යම ආවා. එව්නාට හලෝ මං මේ කියන්න හිටියෙ අද මං ලස්සන නංගි කෙනෙකුත් දැක්ක අප්පා බස් එකේදි”

“ඇත්තට? ඉතින් ඉතින් නංගි අයියට මොකෝ කිව්වෙ?”

අම්මෝ අම්මෝ ජෙලි උඩින් වැලි දැම්මට ජෙලි කියලා පේනවා හලෝ. හික්ස්. ළඟ හිටිය නම් බලාගන්න තිබ්බා දැන් රිළවගෙ ඤොරොක් වෙච්ච මූණ. අද රිළවට අසල්වැසි පාසලක මොකද්ද එහෙකට යන්න වෙලා ඉස්කෝලෙ.හිටියෙ නෑනෙ. ගෙදර එද්දි ඉතින් මං තනියම ආවෙ. බස් එකේ එද්දි මං ගාව හිටියා චූටි බට්ටියෙක් රෝස පාට කම්මුල් දෙකත් පුම්බන් එයාට වඩා ලොකු බෑග් එකකුත් උස්සන්. එක වසරෙ විතර ඇති. මාත් එක්ක යාලු වෙලා කියෝ කියෝ ආවෙ එනකන් ම මග දිගට. ඕකතමා ඉතින් මං මේ එක්කෙනෙක්ව අවුස්සන්න කිව්වෙ. කොහෙද ඉතින් මේ කලබලේනෙ ඒ ළමයට. බොරූ..වට ජෙලි වෙලා. හෙහේ..

“මාව ගෙදර ගෙනියන්න ඕනෙයි කිව්වා. මාත් හා කිව්වා”

“අහ් ඉතින් යන්න එපැයි ආවෙ”

“මේ යන්න ඇඳුම් ලෑස්ති කරගන්න ආවෙ අනේ. ලස්සනට ඇඳලා කරලා ඉන්න එපැයි”

“ඔව්නෙ නේ. හ්ම් හ්ම් එහෙනං වැඩේ කරගන්නකො. දැන් නංගිලා ඉන්නවනං අපිව ඕන්නෑනෙ”

“ඒකනෙ හලෝ. බෝනික්කෙකුත් අරන් යන්න ඕනෙ”

“ඇයි නංගිට අයියා ගානක් එහෙම කියලා දෙන්න. අපරාදෙනෙ”

“එක වසරෙ පොඩි බට්ටෙක්ට ගනන් කියලා දෙන්න පිස්සුද හලෝ”

“දැන් උබේ නංගි එකේද?”

“ඔව් ඇයි?”

“ආ හා හා. මේ මන් තියනවා පොඩි වැඩක් තියනවා”

“හැපෝ.. ඊයා හලෝ. à·„à·„à·Š à·„à·„à·Š. බලාගෙන ජෙලි බිමත් එක්ක ඇති. ලිස්සලා වැටෙයි හොඳේ”

“….”

“à·„à·„à·Š à·„à·„à·Š. මේ අයියෙ”

“….”

“ආ.. දැන් එහෙමයි නෙහ්? එහෙමනෙ තියනවා හැබැයි හොඳේ”

“හා හා කියහන් ඉතින්. උබත් අන්තිමට කොහෙන් ගියත් ගනං උස්සනවා”

“එහෙම තමා. මේ දන්නවද වැඩක්. අද ෆිසික්ස් මාර්ක්ස් දුන්නනෙ”

“ම්ම් හ්ම්.. කොහොමද ඉතින්”

“බිංදුවකුත් තිබ්බා තව අටකුත් තිබ්බා”

“……..ම්හ්..à·„à·„à·Š..”

“අයියේ..? හිනාවෙනවද තවුසෙ? ඇහ්”

“ම්.. නෑ නෑ සතුටුයි මගෙ කොල්ලා ගැන. උබට පුලුවන්නෙ ඉතින් පේනවනෙ. ඔහොම වැඩ ටික කරන් යමු ම්ම්..”

“ඔයා නිසානෙ ඉතින්”

“මං නිසා නෙමේ සෞරාෂ්. ඔය උබේ වැඩ. මං කළේ උබට කරන විදිහ පෙන්නන එක විතරයි.”

“කොහොමහරි ඔයා තමා.. හරි මේ හෙට එනවනෙ?”

“ඔව්. දැන් නිදාගන්න වැඩ කරලා. හෙට හම්බෙමු”

“හරි බායි. ගුඩ්නයිට්”

“හ්ම් බායි. පරිස්සමෙන් වැඩටික කරගන්න”

දැන් ඉතින් වැඩ තමා. මං කෙමෙස්ට්‍රි එම් සී කිව් ටිකක් අරගෙන ඒව කර කර ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට විවරණ ලියන් ලියන් ගියා. මෙහෙම විවරණ ලියද්දි නෝට් එකත් ආපහු මතක් වෙන නිසා යූස්ෆුල්. උත්තර පහට පහ ගානෙ ප්‍රශ්න දහයක් කළත් කොටස් පනහක් නෙහ්. මොකක් හරි කොටසකට ලියන්න මතක නෑ වගේනම් ඒක එවෙලෙම නෝට් ටික බලලා පාඩම් කරගෙන ලියනවා. කරන්න හුරුවෙද්දි ජොලි වැඩක් ඉතින්. සබ් එකක් උනත් එන්ජෝයි කරන්න ගත්තම ඒකට ආස හිතෙනවා. ගොඩක් ම අපි බෑ කියන කොටස් එහෙම පට්ටම ට්‍රයි එකක් දීලා පුළුවන් කරගත්තම ඒක ගොඩක් වෙලාවට අපේ ආසම කොටසක් වෙනවා. ඉස්සර ඕලෙවල්වල මවුලත් මට මුල් කාලෙ බෑ. පස්සෙ හදලා කරලා සෙට් උනාට පස්සෙ මන් පේපරේ බැලුවෙම මවුල ගාන එකකන්. අර කන්ෆිඩන්ස් එකයි ආසවයි දෙකම එක්ක ලියද්දි කොහෙට කරකැව්වත් හැදෙනවා ඉතින්. එහෙම තමා අපිට ඉන්ටරෙස්ටින් නැත්තං අපි ඒක අපිට නොදැනෙන්න ඉන්ටරෙස්ටින් කරගන්න ඕනෙ. ඒකයි කියන්නෙ වෙන අයගෙ මෙතඩ්ස්වලට නෙමේ තමන්ගෙ මෙතඩ්ස්වලට පාඩම් කරන්න. අනික් අයට එයාලගෙ ක්‍රම හරිගියාට අපේ විදිහට ඒක හරිනොයන්න පුළුවන්. අපි අපි ගැන දැනං අපේ විදිහට කරන්න ඕනෙ..

“අම්මේ..මං යනෝ”

“පරිස්සමින් ගිහින් එන්න සෞ..”

“හරී..”

මං ගේට්ටුවත් වහන් පාරට ඇවිත් බස් එකෙන් ඉස්කෝලෙට ඇවිත් උදේ ඩියුටි යන්න කලින් වොශ් රූම් එක පැත්තටත් ගියා. මං මගෙ සුපුරුදු වොශ් රූම් එකට යද්දි ඒකෙ කවුද ඉන්නවා. මෙච්චර වොශ්‍ රූම් තියෙද්දි මේකටම ගිහින් නෙහ්. බෑනෙ ඉතිං.
මං හදිස්සියටත් එක්ක උඩපැන පැන ඉදලා දොර ඇරුන නිසා හරියට මනුස්සයෙක් වගේ හැසිරෙන්න ගත්තා. අම්මටසිරි ඩීඑච්පී බොසා. à·„à·‘.. පොඩ්ඩක් ඉන්න මූ ඒ මටහිනා උනාද? වෙන්න බෑ. ඒ කියන්නෙ මුට හිනාවෙන්න පුළුවන්. වා…ව්.
පස්සෙ මං වැඩෙත් කරන් ඉක්මනට ඩියුටි ක්ලාස් එකට දිව්වෙ නැත්තන් ඔය හිනාඋන ගිනිපුග්කාරයම අපි ඩියුටි යන්න පරක්කු උනාම බෙල්ල මිරිකන් කෑගහන්න ගන්න නිසා.

“ස්… ස්… ඕයි.. බං”

“අයියෙ ඔයාටද කොහෙද”

මල්ලි කෙනෙක් කතා කරලා කිව්ව නිසා බලද්දි අපි පන්ති කබරයා. මූ ඉතින් පුස් පුස් ගෑවට මං දන්නවෑ මට කියලා. මං අර අතුගගා හිටපු මල්ලිට අනික් උන්ට උදව් කරන්න කියලා අරූ ගාවට ආවා. මුන්ට අතුගාන්න ඩෙස් ඇද ඇද කරලා දිදී බලන්න එපැයි අපි. නැත්තන් මුං ඔහොම්ම උඩින් අතුගාන් යන්නෙ.

“මොකෝ උබ මෙහෙ?”

“උබව බලලා යන්න අනේ ආවෙ. මනාප නැතෙයි?”

“එච්චර ආතරයක්..! මගෙ පිත්තාශෙට දරාගන්න බෑ සුදුමහත්තයා.”

“අනේ උබෙ පිත්තාශෙ. මෙහ් කියන්න ආවෙ ඩියුටි ඉවර වෙලා කැන්ටිම හරියට වරෙන් ට්‍රිප් එකේ වැඩ ටිකක් තියනවා බන් බලලා කරලා දාලා අද මිස්ට දෙන්න ඕනෙ.”

“ආ හා හා එල. කන්න දියං හොඳේ මේවට”

“ඔව් මට උබලට කන්න දෙන්න වෙන්නෙ කුට්ටම විකුණලා තමා. පල පල ඩියුටි කරහන් එනවා මෙතන කියවන්න.”

මං අරූටත් හිනාවෙලා මැදගිල්ල දික්කරලා ආපහු අතනට ඔලුව දාලා බැලුවා. මං කිව්වෙ! මං කිව්වෙ! මුං බලන්නෙම අයිස් පිටින් උඩින් ඇදලා දාලා බේරෙන්න. අම්මපා මුංට..

“මොකද්ද බං මල්ලි හරියට අතුගාපන්කො. උබලට ඕකත් කියලා දෙන්න ඕනෙද? ආ.. ලිස්ට් එකේ උන් එකේකාව ගෙන්නං මෙතන නලවන්න ඔන්නෑනෙ අතුගාහං හරියට. මේ පහන හදපං තවඑකෙක්. සේරම කියන්න ඕනෙ උබලට”

සුපුනට නැගලා.. යකා යකා ඉතිං. ඌ තමා මාත් එක්ක අපේ වයසින් මේ ක්ලාස් එක බලන්න ඉන්න අනික් එකා. ඌ සාමාන්‍යයෙන් කෑගහන්නෑ කියලා කරෝගන්නව මිසක් වැඩක්. හැබැයි කෑගන්නැතුව නෙමේ. ඒ වෙලාවට ඉතිං ආපහු මං තියා ඉන්න අනික් අයියා ඕනෙත් නෑ මූ ගානට වැඩේ කරනවා. ඩියුටි ඉවර උනාට පස්සෙ මං අරුං දෙන්නටත් කියන් පොතත් අත්සන් කරන් කැන්ටිම පැත්තට ආවා. අද පොත අත්සන් කළේ එක ඩීඑච්පී අයියෙක්ලු ඉතිං. හෙන හිනාවක් දාන් මට අත්සන් කරලා දීලා ආපහු බුම්මන් අනික්වා අත්සන් කළා. මන් දැන් ඉන්නෙ රයිගම් සම්මානෙ ඉල්ලලා හරි මුට අරන් දෙන්න.

“අම්බෝ වරෙන් වරෙන් එනකන් හිටියෙ උබ. මේක අදවත් ඉවරයක් කරලා දාලා මිස්ට දෙන්නෝනෙ බං”

මං ගිහින් යුගාගෙයි ශෙයලගෙයි කරවල්වලට අත්දෙකත් දාන් ඉඳගත්තා. ගොඩක් උන් සල්ලිත් දීලා ඉවර වෙලා තිබ්බෙ. ඕවා ටික ෆයිනලයිස් කරලා තව ඔය අනං මනං ටිකත් හදලා දාන්න තිබ්බෙ. අපි වැඩේ පටන් අරන් කරන්‍ යද්දි අනික් ක්ලාස් වල උන් ටිකත් ඇවිත් සෙට්වෙලා වැඩේ කරන්න ගත්තා. අතරමැද ආහාරවේල් නම් එමටයි ඉතින්. එකේකා සල්ලි දදා එකේකේවා ගන්නවා. කැන්ටිම ගාව නිසා ඒකත් හොඳයි. මෙහෙම කරද්දි නම් ඉතින් ට්‍රිප් එක තව දැනෙනනවා වගේ..
කොහොමහරි පැයක් දෙකක් යද්දි අපි සේරම හදලා ක්ලාස් ටීචලටයි ග්‍රේඩ් හෙඩ්ලටයි සෙක්ශන් හෙඩ්ලයි ගිහින් කොපීස් ටික දුන්නා. වගකීමක් තියනවා කියලා අපේ වගකීම් සහගත අයියලටත් කොපීස් දුන්නා. මොකට කියනවද ඉතින් වගකීම. මං ඉන්නෙ කුක්කු බෝතලයක් හදන් ඇවිත් සූප්පුවක් ගහලා අයියට දීලා තියන්න. නම්ගිලා එහෙම ඉදියොත් බොරුවට රිස්ක් එකක් ගන්නෝනෙ නෑනෙ. මෙහෙමයි ඉතින් එහෙම උනොත් මං හරි දරුණු ගණයෙ සෞව්වෙක් වෙනවා. එව්නාට මං හරි සාමකාමී පැත්තට බර මනුස්සයා නිසා තමා ඔය වගේ අවිහිංසාවාදී විදිහක් අනුගමනය කරන්න හිතුවෙ. කොහොමහරි රිළවා ආරස්සා කොරගන්න එක මා සතු කාර්‍යභාරයක්. මගෙ රිලෑ පුංචා…

————————————————————

ඔන්න ඉතිං මං ආවා හර්තේ..
මං මේ කතුටින් පිනා ගිහින් ඉන්නෙ😌🤭
දැන් මගෙ චුක්කා චුක්කි බබාලා මාත් එක්ක කතා කරනවලුනෙ ඉතින් 😁♥️

ඉතිං හලෝලා අපිට දැන් ට්‍රිප් යන්ඩත් වෙලා තින්නේ.. යන්න ඕනෙ තැනක් එහෙම තීනව නම් කියන්න.
ජංගි කොට එහෙම ලෑස්ති කොරගන්න ඉතිං. 🩳👕 අපි එනවා~…

ඔවාලට අලුත් ඩීඑච්පී අයියව බලන්න ඒම ඕනෙත👉👈 එයා සෞව්වට හිනා වෙලා අනේව්🙈♥️

මං යනවා දැන්. මට හරී..යට වැඩ….. නිදාගන්න තමා ඉතිං 😴
ආතරෙයි ජංගි කොටයක් තරම් ♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 40, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 40, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 40 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 40 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 40 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 40 light novel, ,

Comment

Leave a Reply

Chapter 42