Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 41

A+ A-

“අම්මේ..මං යනෝ..”

“පරිස්සමින්..”

අම්මපා මේකාට පොඩ්ඩක් මන් සපත්තු දෙක දාගන්නකන් ඉන්න බෑනෙ හෝන් එක උඩ ඉඳන් ඉන්නෙ. අද නැන්දගෙ කා එකේද කොහෙද ඇවිත් තියෙන්නෙ.

“මොකෝ?”

“පරක්කුයි සෞර්..”

“තවුසෙට පරක්කු උනාට මට පරක්කු නෑනෙ. පරක්කු නම් පලයන් නෙමේ පරක්කු උනත් හිටපන් ඔහොම මෙතන හෝන් ගහන්නෙ.”

“හරි හරි ආපහු හෝන් ගහන්නෑ. උබ ඕන වෙලාවක් අරන් ලෑස්ති වෙලා වරෙන්”

අන්න එහෙම. පොඩ්ඩක් බය කරලා තියාගන්න ඕනෙ ටුබියාව නැතුව බෑ. හෙට අපේ ට්‍රිප් එක යන නිසා ගන්න ඕන අනං මනං බඩු හෙන ලොට් එකක් තියනවා. කොහොමහරි ගාන්ට අද නිවාඩුවකුත් සෙට් උන නිසා පාඩුවේ වැඩ ටික කරගන්න පුළුවන්. මං ඉතිං පයින් යන්න හිටියෙ ඊටපස්සෙ අයියා කිව්වා යං එයාටත් මොනාදෝ ගන්න තියනවා කියලා.

“කොහෙටද මුලින් ම යන්නෙ?”

“කොහෙටද යන්න ඕනෙ?”

“එහෙම නෑ ඕන තැනක්”

“එහෙනං හාඩ්වෙයා එකට යං”

“ඒ මොකටද?”

“ඇයි ඕන තැනක් කිව්වෙ”

“අනේ මේ අයියෙ”

මේ මනුස්පයා එක්ක බෑ අප්පා. මං ඒත් බැලුවා හාඩ්වෙයා යන්නෙ මොකද කියලා. හැබැයි ගියානං රිළවගෙ වැටිලා තියන නට් දෙකතුනක් දාගන්න තිබ්බා.
අයියා ගිහින් ආපිකෝ එකෙන් නැවැත්තුව නිසා මං ෆෝන් එකයි වොලට් එකයි අරන් බැස්සා. අයියත් කා එකත් ලොක් කරගෙන  ආවට පස්සෙ අපි ඇතුළට ගියා. මන් හෙන ආසයි මෙහෙම යද්දිම ඇරෙන දොරවල්වලට. මේකයි මට pull & push දෙක මාරු වෙලා දොරවල් අරින්න ගිහින් අනන්ත අප්‍රමාණ චාටර් වෙලා තියනවා. අසරණයි අනේ.
අපි කාට් එකකුත් අරන් රවුම් දදා ස්නැක්ස්, බීම අරවා මේවා එක්ක හෙට උදේට ගන්න ස්ලයිස්ඩ් පාන් එකකුයි ඒව මේවත් ගත්තා. ඊටපස්සෙ නැන්දට ගෙදරට කියලා මොනාද මොනාද ටිකකුත් ගත්තා. පස්සෙ ඒ ටිකටත් පේ කරලා එළියට එන්න හදද්දි වහින්න අරන් තිබ්බ නිසා එකපාට්ට පහළ වෙච්ච ආසාවකට අපි දෙන්නා උඩ ෆ්ලෝ එකට ගිහින් ෆර්නිචස්, ඩෙකර්ස් බල බල හිටියා. මෙතන මාර ලස්සන ඩෙකස් එහෙම තියනවා.

“සෞරාෂ්”

“…..”

“සෞරාෂ්..ඇයි මේ?”

“අහ් නෑ ඇයි?”

“නෑ කියන්නෙ ඇයි ඇස්වල කඳුළු? ම්..”

මං නෑ කියන්න ඔලුව දෙපැත්තට වනලා ආපහු අර පැත්තවත් නොබලා අයියා එක්ක පහළට ඇවිත් බෑග් ටිකත් අරන් කා එකට ආවෙ වැස්ස ගැනවත් නොහිතා. එකකාලෙක සුන්දර මතක සමහර සිද්දවෙන දේවල් එක්ක වෙනස් වෙනවා..
මං කා එකට ආවත් මුකුත් නොකියා ශටර් එකෙන් එළිය බලාගෙන ඉද්දි අයියා මගෙ ඔඩොක්කුවෙන් කඩදාසි බෑග් එකක් තියලා  ඇස් දෙකෙන් ඒක පෙන්නුවා. එයා කලින් උන දේ ගැන ඇහුවෙත් නෑ. මට සාමාන්‍යයෙන් හිත ඇතුළෙ දෙයක් ඕපන් අප් වෙලා කියන එක ටිකක් අමාරුයි. විශ්වාස නැතුවවත් එහෙම දෙයක් නිසා නෙමේ මං අවුරුදු ගානක ඉඳන් ම හුරුවෙලා තිබ්බෙ එහෙම, ඒ කියන්නෙ මං මගෙ දේවල් කිව්වෙ යුගා එක්ක විතරමයි එතකොටත්. ඒ නිසා මට අර ඒ වගේ දෙයක් කියද්දි ඒක පටන් ගන්න කියන් යන්න ටිකක් අමාරුයි, තේරෙන්නෑ වගේ එකක් තියනවා. එතකොට මට ටිකක් වෙලා ඕනෙ. අයියා මුල් දවස්වල ඉඳන් ම මාත් එක්ක එහෙම කතාකරද්දි, එයා මාරම පේෂන්ට් එකකින් කතාකරන්නෙ මාව හදිස්සි කරන්නෙ මොකුත් නෑ. මාව නිකන් ස්ටක් වෙලා වගේ නං එයා මොනව හරි කියලා ඒකහරිගස්සනවා. අයියා ඒ දේවල් හරි ලස්සනට තේරුම් අරගන්නවා, when it’s about my feelings or  something he understands it crystal clear.

අයියා ටික දුරක් ගිහින් වැඩිය වාහන  නැති හරියකදි වාහනේ අයිනට කරලා නතර කළා. බැස්සෙත් නැති නිසා මං ඇයි කියලා අහන්න අයියා පැත්ත බලද්දි එයා එතකොටත්  මං දිහා බලාගෙන ඉන්නවා.

“Wanna cuddle?”

අයියා එහෙම අහද්දි මං කටතදකරන් ශීට් දෙක මැද තිබ්බ හෑන්ඩ්බ්‍රේක් එක දිහා බැලුවා. ඊටපස්සෙ අයියා හිනාවෙලා ඇතුළෙන් ම පිටිපස්සෙ ශීට් එකට ගිහින් අත්දෙක දෙපැත්තට දික් කළහම මන් ඉක්මනට එයා ළඟට පැන්නා. ගිහින් අයියගෙ ඔඩොක්කුවෙන් කකුලක් නවලා ඉඳගෙන එයාට තුරුල්වෙද්දි අයියාත්  මගෙ වටෙන් අත්‍ යවලා මාව තවත් එයාගෙ තුරුලට ගත්තා.

“ඔහොම සයිලන්ට් වෙලා ඉන්න එපා බං. උබ කතා නොකළට උබේ ඇස් කතාකරලා උබේ දුක කියද්දි ඒක පපුවට බරයි සෞරාෂ්.”

අයියා මගෙ පිට අතගාන ගමන් කියද්දි මොකද්දෝ හේතුවකට මගෙ ඇස්වලට කඳුලු උනද්දි මං අයියගෙ බෙල්ල අස්සටම මූණ තියාගෙන තව තුරුල් වෙලා ම හිටියා. අයියා කතාකරන වචනයක් ගානෙ ම හරි උණුසුමක් දැනෙද්දි ඒකට මගෙ වටේ තියන අර දුක පිරුන ගතිය නැති වෙනවා වගේ. අයියගෙ ඇඟේ රස්නෙ ගතියත් එක්ක එයා ගාව තියන ඒ උණුහුමට මං එහෙම්ම තුරුල් වෙලා හිටියා. අයියත් මගෙ කොණ්ඩෙ අතරින් ඇඟිලි යව යව ඔලුව අතගාන ගමන් මගෙ පිට ලාවට අතගානවා. විනාඩි දහයක් විතර මං එහෙම්ම ඉද්දි අයියා මාව උරිස් දෙකෙන් අල්ලලා එහාට කරන් මගෙ මූනටත්  තට්ටුවක් දාලා නළලට පෙක් එකක් දුන්නා.

“වැස්සෙම දුවන් ඇවිත් කොණ්ඩෙත් තෙමාගෙන.. සුරුස් සුරුස් ගාද්දි තමා ඉතිං”

අයියා කියෝ කියෝ ළඟ තිබ්බ ස්ටොරේජ් බොක්ස් එකකින් ෆේස් ටවල් එකක් අරන් මගෙ ඔලුව පිහිදාලා මගෙ කොණ්ඩෙත් අතින් හදලා අර ලා හිනාවකුත් මූණෙ තියන් මං දිහා බලන් හිටියා. ඒ බැල්ම හරි බරයි, ආදරේ පිරිච්ච ගතිය වැඩී වගේ දැනෙන නිසාම මං ආපහු අයියගෙ බෙල්ල අස්සට ඔලුව ගහන් තුරුල් උනා. අයියත් හිනාවෙලා මාවත් අල්ලන් දෙපැත්තට ලාවට වැනි වැනි පිට අතගානවා.

“අයියෙ..”

“ම්..”

“….”

“සෞරාෂ්..”

“ම්හ්..”

ආපහු මගෙ කොන්ඩෙ උඩින් අයියා පෙක් එකක් තිබ්බා. අනේ ඒවා ඇයි මෙහෙම දැනෙන්නෙ ඒකත් හදවත ගැඹුරට ම..

“මං..මං චූටි එක්ක එහෙ ගිය දවසක චූටි ඔතන තිබ්බ ෆ්‍රෝසන් බෙඩ් රූම් සෙට් එකකට ආසාවෙ එතනට වෙලා කැරකි කැරකි හිටියා. එයා එතන තිබ්බ චූටි පුටුවක වාඩිවෙලා අර බ්‍රේක් නැති කටෙන් ගොඩක් වෙලා කියෝ කියෝ හිටියා. මට..මට එයාව මතක් වෙනවා අයියෙහ්.. à·„à·„à·Š..එයාට ආපහු මං ගාවට එන්නහ් කියන්නකො. මට චූටි නැතුව්..වහ් පාළුයි අයියෙ. මං ඉස්කෝලෙ නොයා එයා ගාවට ම වෙලා ඉන්නකො කිය..න්නහ්කො. මගෙ චූටිව මට ගෙනත් දෙන්නකො අයියෙ. මට එයාව..à·„à·„à·Š..අනේ අයියෙහ්.. à·„à·„à·Š..”

“පපුවට බරයි සෞරාෂ් උබ ඔහොම අඬද්දි, මාව මෙහෙම අසරණ කරන්න එපා බං”

අයියා මගෙ ඔලුවට පෙක් එකක් දීලා මගෙ ඔලුවට අස්සටම එයාගෙ මූනත් තියාගද්දි මං අයියට තුරුල් වෙලා ම හිටියා. ඇයි චූටි ඔයා අයියව දාලා ගියේ? මාත් එක්ක රණ්ඩු වෙන්න කෙනෙක් කෝ දැන්? කවුද මගෙ බෑග් එකේ තියන ටොපි අරගෙන කන්න ඉන්නෙ? කවුද උදේට මට කිස් එකක් දීලා ඇහැරවන්න ඉන්නෙ කන ගාව ඉඳන් කෑගහලා? ඇයි මැණිකෙ අයියව දාලා ගියෙ?

“සෞරාෂ්”

“….”

“සෞරාෂ්.. මේ බලන්නකො”

“ම්හ්..”

“බලන්නකො මං දිහා ම්..”

මං අයියගෙ තුරුලෙන් ඈත් වෙලා එයාගෙ දිහා බලන් ඉද්දි එයා මගෙ අත් දෙක අරන් එයාගෙ අත්දෙක අතරට තියාගත්තා.

“චූටි ඔයා ඔහොම අඬනවට කැමති ද සෞරාෂ්?”

“….”

“ම්..කියන්නකො”

මං නෑ කියන්න ඔලුව වැනුවා.

“එහෙනං ඔයා ඔහොම අඬද්දි චූටි කොහෙහරි ඉඳන් බලන් ඉඳලා එයාත් දුක් වෙයි නේද? ම්.. චූටිගෙ අයියා මෙහෙම අඬනවට චූටි අකමැති නං ඔයා අඬන්න හොඳ නෑ නේද? ම්..?”

මං ආපහු උඩ පහළට ඔලුව වැනුවා. ඔව්නෙ,

(Flashback)

“ආ… තාත්තේ..අනෙහ් රිදෙනවා.. අනේ.. ආව් අම්මේහ්”

“සෞ ඔහොම ඉන්න මැණිකෙ.. කකුල හොලවන්න එපා බේත් ටික දාන්න දෙන්නකො”

“බේත් එපා..අනේ ඇති තාත්තේ.. අනේ..”

“ම්..දැන් හරි. ඇඳට වෙලා ඉන්න හරිද පාරගන්න එපා. අපි ගිහින් කෑම එකක් අරන් එන්නං කන්න. චූටි එනවද තාත්ති එක්ක..”

“අපානෙ අයියා ඌවා වෙලානෙ පව්.. චූටිගෙ අයියා අඬනෝ තාත්ති චූටිත් අඬනෝනෙ”

“චූටි අඬන්න එපා ඉතිං. එහෙනං චූටි ඉන්න අයියා එක්ක අම්මියි මායි ගිහින් එන්නං.”

“අම්මි ඉන්නකො අයියා ඌවා උනොත් අපහු. මගෙ අම්මි ඉන්නකෝ..”

“තාත්ති පව්නෙ එතකොට. මං අඬනෝ හැබැයි”

“හනේ ඉතිං මේ තාත්තයි දූයි කෝළම් කර කර ඉන්න මං උයන්නං”

“තාත්ති යන්න අම්මි එක්ක චූටි ඉන්නෝනෙ. සස බත් ගේන්න..”

තාත්තා අම්මවත් කරකෝලා අරන් පෙක් එකක් දීලා ඇහැක් ගහලා අපිටත් ෆ්ලයින් කිස් එකක් දීලා ගියා. ඊටපස්සෙ චූටිත් පස්ස උඩදාගෙන හෙන ගේමක් දීගෙන ඇඳට නගින්න හදනවා. ඇඳත් උස නිසා මං කකුල හෙල්ලෙන්නැතිවෙන්න තියන් හෙමින් සැරේ චූටිව උස්සලා ගත්තා. ඒ ආවගාන්ම බෝල ඇස් දෙකේ කඳුලු පුරවන් මට තුරුල් වෙලා මොනාදෝ කියෝ කියෝ අඬනවා. ඒ අස්සෙ ‘චූටිගෙ අයියා අඬන්න අපා..’ කිය කිය අඬනවා. මගෙ මූන බදාගෙන පෙක්ස් ‍තියනවා…

(Flashback end)

“එයාත් අඬයි මං මෙහෙම ඇඬුවොත්..”

“ම්..ඒකනෙ. සෞරාෂ් ඔයා චූටි නිසා ම අඬන්නැතුව ඉන්න ඕන. තේරුනාද? චූටි ඔයා අඬනවට අකමැති නං ඔයා අඬලා බෑනෙ. ම්..? ඒ නිසා දැන් නං හිනාවෙලා ඉන්න ඕනෙ. හරිද?”

මං කඳුලු අස්සෙන් ම හිනාවෙවී ඔලුව වැනුවා.

“අපෝ හැටි විතරක් මෙයාගෙ. චූටිත් බය වෙනවා. මූනත් රතු කරන් කඳුළු පෙරාගෙන. ඊව්..”

“අනේ මේ..”

“à·„à·„à·Š à·„à·„à·Š කෝ දැන් ඉතින් සුරුස් බුරුස් ගාන්න බෑ. හෙට හෙම්බිරිස්සාව හැදුනොත් මන් කෙලින්ම ඔය තියන ඇළකට විසික් කරලා දනවා..
ගහන්නෙ මොකෝ.. ඇත්ත කියන්නෙ. මෙහෙ එනවා අප්පෝ මහ හොටු බබෙක් බං උබ. මේ බලහං මූනත් රතු කරන් ගඟ වගේ මූන.
දැන් ඉස්සරහට ගිහින් අර දුන්න එක කන්න”

“මොනාද ඒ?”

“ගඩොලක්. ගිහින් බලපන් දුන්නම තව අහන්නෙ”

මං ගස්සගෙන ඉස්සරහට ඇවිත් කලින් දුන්න බෑග් එකා බලද්දි තිබ්බෙ ඇපල් කේක් එකක්. මං අයියා දිහා බලලා හිනා වෙලා ඒක ගන්න ගද්දි අයියාත් මගෙ කොණ්ඩෙ අවුස්සගෙන ඉස්සරහට ඇවිත් කා එක ස්ටාට් කරගත්තා. කොහෙද මෙයා ඉතිං කන්නෑනෙ මේවා පැණි රස වැඩී ඤං ඤං ගානවනෙ. මේකත් මගෙ දේව ආහාර ලිස්ට් එකේ උඩින් ම තියන කෑමක් තමා. ඇපල් කේක්!!

අපි තව ගන්න තිබ්බ දේවලුත් අරගෙන සේරම කා එකට දාන් අන්තිමට අයියට ඇඳුමක් ගන්න ඕන කියලා ෂොප් එකකට ආවා. දැන් මේ ආපු වෙලේ ඉඳන් මගෙ රේඩාර් එකට අහුවෙලා ඉන්නෙ කෙල්ලො ඩබලක් කිචි බිචි ගගා මේ පැත්ත බලනවා බලනවා ඉවරයක් නෑ. මේ මනුස්සයා ඉතින් මනුස්සයෙක් මැරිලා වැටුනත් එහෙ මෙහෙ බලන්නෑනෙ. මං ඉක්මනට තෝරගන්න එකක් තෝරගන්න කිව්වාමත් එහෙම බෑ මෙහෙම බෑ අරක මේක කියෝනවා. එව්නාට අර ඩබල දැන්.. හැහ් එනවා නේද මේ පැත්තට. යකෝව් කෙලගෙන එනවනෙ. මගෙ රිළා පුංචව උස්සං දුවයිද දන්නෑ. ශුවර් නෑනෙ. ඔය කෙල්ලො අනේ බර වැඩී බෑනෙ ගගා ඇඬුවට තනියම ඉද්දි අපිට වඩා හපන්. බොනිකර තරුව. මං කොයිකටත් කියලා අයියව අනික් පැත්තට දාලා මං ඒ පැත්තට ආවා. ඒ පාර මොකෝ මෙතන නැවතිලා කිචි බිචි ගාන්නෙ. මෙතන කුරුළු කූඩු හදන්න බෑ හවුස් පුල් අනේ.

“මේ..excuse me..,”

යකෝ අපිටද කථා කළේ? එහෙම වෙන්න ඕනෙ මොකද නේ හරියෙ ඉන්නෙ අපි විතරනෙ. එව්නාට ඇහුන්නෑ වගේ ඉන්න එක ඇඟ්..අයියෝ!!!

“Yeah?”

බෑනෙ බෑනෙ මේ පුත්තලං බූරු රිළවා එක්ක වැඩක් කරන්න. හිටපියකො මෙච්චර වෙලා හිටියා වගේ.

“අම්ම්.. මේකයි මේ.. ඉන්නවකො පොඩ්ඩක්..මේ මේ.. ඔයාලා කපල් එකද්ද?”

මොකද්ද ඒ ඇහුවෙ? ඇහ්? මගෙ ඇස් දෙක ලොකු උනා හොඳ වෙලාවට ඇහැ සෙට් වෙලා නිසා වැටුන්නෑ. අයියත් මං හිතන්නෙ ශොක් වෙලා වගේ උනා එකපාට්ට. එහෙම නොවෙයිද මෙහෙම එකපාට්ට ප්‍රශ්න ඇහුවම. අයියා මගෙ දිහාත් බලලා ආපහු අර ඩබල දිහා බැලුවා. පොතේ විදිහට ගත්තොත් දැන් අයියගෙ එක අයිබ්‍රෝ එකක් ඉස්සිලා තියෙන්නෙ ඕනෙ.

“ආ නෑ එහෙම අවුලක් ගන්න එපා. You guys look so cute together ඒකයි.  ලස්සන කෙමිස්ට්‍රි එකක් තියනවා. අවුලක් ගන්න එපා හොඳේ. කියන්න ඕනමයි වගේ හිතුන නිසා කිව්වෙ. If yeah, good luck guys සොරි හොඳේ කරදර කළා නම්”

ඒ කියලා දිව්වා නැතෑ පන කඩන් උසේන් බෝල්ට් හිටියා නම් ශොක් එකට කලන්තෙ දානවා. අපි ඊටප්ස්සෙ ශේප් එකේ වැඩෙත් කරන් කා එකට ආවා. මෙතන දැන් තියෙන්නෙ ශොක් වෙලා ඉන්න ගමන් තියන සයිලන්ට් එකක්. අයියත් මුලින් නිකන් අන්දමන් දූපතෙන් ගොඩ බැහැලා වගේ හිටියෙ.

“අයියේ!!!”

මේ මනුස්සයා.. හම්බෝ බය උනා. අයියා එකපාට්ට ඉඳන් ඉන්න ශීට් එකෙන් මගෙ පැත්ත හැරිලා මගෙ පැත්තට බර උනා.මං කෙලින් ම ගිහින් මගෙ පැත්තෙ දොරට හේත්තු වෙද්දි අයියා එයාගෙ අතක් මගෙ ඔලුවට උඩින් තියන් මගෙ මූණට බර උනා. මාත් ඇස් ලොකු කරන් බලන් හිටියෙ එකපාට්ට වෙච්ච දේ ප්‍රොසෙස් කරගන්න බැරුව. අද නං ඇඳෙන් බැස්ස පැත්තෙවත් වැරැද්දක් උනාද මංදා. මං එහෙම්ම ඉඳන් අයියා දිහා බලන් ඉද්දි එයා ස්මර්ක් එකක් දාලා මගෙ නහයට තට්ටු කරලා,

“You guys look so cute together..”

————————————————————

නෑ නෑ කිස් කොළේ නෑ 😌✋ වගකීමෙන් කියන්නෙ. හෙහේ..

මට ඇපල් කේක් එකක් අරන් දියෝ… 😫♥️

මේ.. මං මෙහෙම දවස් තුන හතරකට සැරයක් අප්ඩේට් ගෙනාවට කමක් නෑ නේද? ඩේලි අප්ඩේට්ස් ගේන්න සුට්ටක් අමාරුයි ඒකයි. 🥲

කවුත මේ…………මිනුර අයියාලූ.. එයා සැරලූ.. සුට්ටැත්තන් කේන්ති යනවලූ.. දුස්ටලූ.. ටොප් බෝඩ් ලුක් එක තියනවලූ…
මන් දඤ්ඤැහ් සෞව්වා තමා කියන්නෙ 🙂

ඒනං ඉතිං මං යන්නං හොඳේ. අපිට සීතලට ගුලි වෙන්න කවුරුත් ඤැහ් 🥲🫠
ආතරෙයි♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 41, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 41, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 41 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 41 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 41 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 41 light novel, ,

Comment

Leave a Reply

Chapter 43