Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 42

A+ A-

“සුභ උදෑසනක් වේවා!”

“ම්..ගුඩ් මෝනින්!”

පෙනේද මුන්ට සුභ උදෑසනක් වේවා කියන්න බෑ. අපි ඉතින් යක්ක පුත්තු නිසා කොළබොක්කෙ ඉඳන් තියෙන්නෙ සිංහල තමා. මේ වගේ පරදේසක්කාර  පැවතුම් නෑ.

“ඕන කරන සේරම ගත්තද?”

“ඕ සෙට්..අම්මේ..ඉක්මනට එන්ඩෝ..”

අපි ඉස්කෝලෙන් පාන්දර තුනට පිටත් වෙනවා කිව්ව නිසා අයියා දෙක වෙද්දි මෙහෙට ආවා. පාන්දර නිසා පැය භාගයයි ඉතිං. කොයිද මේ අපේ මව් බිසව තාම නෑනෙ යන්න. අම්ම මන් දවස් දෙකක් ගෙදර නැති නිසා ආච්චිලගෙ ගෙදර යනවා කිව්වා. ඊටපස්සෙ චූටි නැන්දා.. ආ ඔව් චූටි නැන්දා කියන්නෙ අභී අයියලගෙ අම්මා. හෙහේ නැන්දයි බට්ටිච්චියි දෙන්නම මට චූටි පුතා, චූටි අයියා කියලා කියන නිසා නැන්දා දැන් මගෙ චූටි නැන්දා. ඉතින්..දැන් මන් මොකද්ද කිය කිය හිටියෙ..ආ..හරි..චූටි නැන්දා කෝල් කරලා අපේ අම්මට කිව්වා ‘අනේ..යශෝ මෙහෙ එන්නකො. මාත් තනියමනෙ ඉන්නෙ. අපේ එක්කෙනත් නෑනෙ’ කියලා. දැන් ඉතින් මව්වරුන්ගේ සංගමයක් දාන් දෙන්නා ඉන්න හදන්නෙ. මේ ටිකේ බට්ටිච්චිත් නෑ. අයියලගෙ තාත්තා ඇවිත් එයා එක්ක රවුම් ගහන්න ගිහින්. අයියා කිව්ව විදිහට තාත්තා ආවෙ ඔය අවුරුදු දෙකකට විතර පස්සෙලු. බිස්නස්වල කියලා වැඩවගේකට රටගියේ අපි ඕලෙවල් කරද්දි විතරලු. කොහොමහරි එදා තාත්තා එද්දි මන් හිටියෙ අයියලගෙ ගෙදර. ට්‍රිප් ගිහින් පාඩම් කරන්න වෙන්නෑ කියලා මාව සතියෙ මැද ගෙන්නගත්තා. ඊටපස්සෙ හවස එකපාට්ට දොරට තට්ටු කරලා දොරඅරිද්දි තමා අයියලත් දැන ගත්තෙ තාත්තා ඇවිත් කියලා. මට එයාව දැක්ක ගමන් නිකන් තිබ්බ සැර පාටට බය හිතුන නිසා අයියා එක්කම හිටියා. අයියාට තේරිලාද කොහෙද තාත්තා සැර නෑ බලන්නකො ගිහින් කියලා කිව්වට මට නං හිතුනෙ ම සැර ඇති කියලා. ඒ නිසා මන් ඉතුරු වෙලාවත් මේසෙට ම වෙලා වැඩ කර කර හිටියා. අයියා කිය කිය හිටියෙ ‘මෙහෙම එකතැනට වෙලා ඉන්න බව දන්නවනං තාත්තව කලින් ගෙන්නගන්නවලු’. පස්සෙ මං ඕකට වලියක් දාන් තරහ වෙලා තමා ගෙදර ආවෙ.

“අම්මා බෑග් සේරම හරි නෙහ්?”

“හරි පුතා. මාව ඔහොම ටවුමෙන් දාන්නකො මන් බස් එකක යන්නම්”

“එහෙම කොහොමද. මන් ඊයෙත් කිව්වනෙ අම්මා මන් ගිහින් දාන්නම්. මේ පාන්දර බස්වල යන්නෙ මොකටද? වාහන නෑ වගේනෙ කියන්නෙ.”

“ඔය ළමයි එක්ක කතා කරන්න බෑනෙ ඉතින්. ඔයාලට පරක්කු වෙනවා අභී පුතා. ඔහොම යන්නකො මන් යන්නම්”

“බලාගෙන ඉන්න අම්මෙ. ඔහොම කිව්වා කියලා ටවුමෙන් ම දාලා යයි.”

අයියා ඉස්සරහට වෙලා අම්මා එක්ක සාකච්ඡවක් දාන් යද්දි මන් පිටිපස්සෙ ශීට් එකේ ඇල වෙලා යුගා එක්ක මෙසේජ් කර කර ගියා. ඌවත් යද්දි අරන් යන්න ඕනෙනෙ. ටිකකින් අයියා ගේ ගාවට ඇවිත් නැවැත්තුවා විතරයි චූටි නැන්දා ඇවිත් අපේ අම්මව බදාගෙන සිපගෙන පිළිගත්තා. පස්සෙ දෙන්නා එක්ක ඇතුළට ගියාම අපි ආවා. මන් ඉස්සරහ ශීට් එකට ඇවිත් බෙල්ට් එකත් දාන් ඒක බෙල්ලට එන නිසා ඒකටත් බැන බැන හිටියෙ.

“කාලාද ඉන්නෙ?”

“බෑ අනේ උදෙන් ම කන්න. කෝපි එකක් බීලා ආවා. බස් එකේදි කනවා”

“ම්..ඔය ගිටාර් එක පරිස්සම් කරගන්න හොඳේ. නටන්න ගිහින් කඩාගන්නව එහෙම නෙමේ”

“එහෙම දඟලනවද ඒයි මේ මන්. ඉඳාගත්ත තැන එහෙම්ම ඉඳන් ඉන්න සංවරශීලී දරුවෙක් මන්”

“මොකට කියනවද.”

අපි නුගේගොඩෙන් යුගාවත් අහුලන් ඉස්කෝලෙට එද්දිත් ළමයි ඇවිල්ලා. යකෝ මුන්ට හතහමාරට කලින් ඉස්කෝලෙට තමා එන්න බැරි. ට්‍රිප් යන්න ඇවිල්ලා තුනටත් කලින්. අද එන වාහන ඇතුළට ගන්න දෙන නිසා අයියා ඇතුළෙ පාක් එකෙන් වාහනේ දාලා ආවා. ඒ ආවා විතරයි දැක්කෙ මිනිහා මිසින්.

“අඩෝ..සෞව්වෝ..උබලා ආවද?”

“හම්මට උබලත් ඇවිත්නෙ. අපිද යකෝ අන්තිම”

“ඒ වගේ නේද ඒයි. මේ උබලා බස් එකට ලට්ට ලොට්ට ටික දාලා වරෙන්. අපේ බෑග් ඇති..”

“අන්තිම ශීට් එකේ නෙහ්?”

“උබ හරි යුග්ගො. උබ මගේකා තමා. පල පල ඉක්මනට තියලා වරෙන්”

ශෙයලා අපිව එලෙව්ව නිසා අපි ගිහින් අපේ ක්ලාස් එකේ බස් එක හොයාගෙන අරුන්ගෙ බෑග් තිබ්බ තැනින් ම තියලා ආවා. අයාසයගෙ එකත් මේකෙ. මුන් ගානට මිස්ට බෝලෙ බස්සලා වගේ. නැත්තන් කොමස් එකේ එකෙක් කොහොමද අපේ එකේ ඉන්නෙ. මේ වගේ වැඩවලට තමා ඉතිං අන්තර්පුද්ගල සබඳතාවල වටිනාකම දැනෙන්නෙ. ටුබියාවත් කොහොමහරි මේකට ඇදලා ගන්නෝනෙ. මෙතන යන්න හදනවා වට චාරිකාවෙ. එව්වා කොහෙද මාත් එක්ක. බස් එකෙන් බැහැලා අපි ආපහු ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සෙ ළමයි ටිකව පන්සලට දාලා ගාථා කියලා නම්බර්ස් දීලා සේරම කරලා ඉවර කළා.

“කිත්මිණ අයියේ.. මෙහෙ මෙහේ..”

“ආ උබනෙ මොකෝ උබට අපිව මතක් වෙලා?”

“උබව මතක් උන්නෑ හලෝ. මගෙ වෙන්න මිනිහා නෑනෙ අප්පා. ආවා විතරයි”

“ආ ඉඳපන් බලන්න..”

ඉඳපන් බලන්න කියලා මොකද්ද මේකා මේ කරන්නෙ. යකෝ බිම බලන්නෙ රිළවා ඉඳිකට්ටක් නෙමේ. මුට පින්න බාලා මොළේ ශෝට් වෙලා ද කොහෙද.

“අප්පටසිරි ඇටයො. මේ.. ඌ සාක්කුවේ හිටියා වැටිලනෙ බන්. මොකෝ කරන්නෙ?”

“අනේ මේ පලයන් අයියෙ යන්න. උබලගෙන් අහනවට වඩා හොඳයි මන් ම හොයාගන්න එක.”

“හරි හරි යකෝ. අන්න අරහෙ ඔෆිස් එක ළඟ හිටියා ඌ ප්‍රිෆෙක්ට්ලා ටිකත් වට කරන්.”

“උබ නෙමේද අයියෙ හෙඩා?”

“අපේ පංගු බේරුව නෑනෙ බං. ආයි හදපතුලෙන් ම වැඩ ඉතින්. මං මොකෝ මගෙ එකා මොකෝ. උබලා එන්න කලින් උන් ඔක්කොම මගෙ තමා.”

“ඔව් ඔව් පලයන් අයියෙ යන්න.”

“හරි හරි මන් ගියා හොඳේ”

කිත්මිණ අයියා මගෙ ඔලුවටත් ටාර් ගාලා පාරක් දීගෙන බස් ටික පැත්තට ගිහාම මන් යුගාටත් කියලා ඔෆිස් එක පැත්තට ගියා. පස්සෙ ඌත් මිනිහා දැක්කෙ නෑ අවලමේ ගිහින් ද දන්නෑ කියලා ආවා. අර මලක් වගේ ඉන්න අයෝන් අයියටනේ මූ පද හදන්නෙ. මං නං මේ යන්න කලින් ඉස්කෝලෙ වටේ රවුමක් එහෙම ගහල බලන්න ඕන  නිසා. යුතුකම් නෙ ඉතින් මං කියන්නෙ. ටැප් එකක්වත් ඇරලා තිබ්බොත් හෙම.

“සෞරාෂ්,යුගාන්..පුතේ”

“ආ කියන්න මිස්”

“අනේ පුතේ ආපහු සරයක් පොඩ්ඩක් ළමයි ටික චෙක් කරලා බලලා බස් එකට යවලා එන්නකො. මේ කෑම ටිකත් දාගන්න ඕනෙ.”

“ආ හරි මිස්”

අපි යන්න ගිය ගමන නවත්තලා ආපහු මිස් දුන්නා ලිස්ට් එකත් අරන් ඇවිත් ඒ වැඩෙත් කරලා අර කිව්ව කෑම ටිකත් පටෝලා කරලා බස් එකට නැග්ගා. කෝ අප්පා මේ මනුස්ස ප්‍රාණියා. දෙයියනේ මගෙ ටුබිය වට වන්දනාවෙ ගිහින්. අම්මෙහ්..ඔයාගෙ අභී පුතා සෞ පුතාට පොල්ල තිබ්බා අම්මෙ. ඕකාගෙ ඇට දෙක්.. ආ නෑ හරි ආවා. මං මොකුත් හිතුවද නෑනෙ. නෑ නෑ.
අපි බස් එක ඇද්දුවා විතරයි අපේ පකුවා ශීට් එකට නැගලා එකපාට්ට කෑගහන්න ගත්තා.

“හෝ ගානා පොකුණේ.. අපි එනවා..!!”

“ටට්ට ටං ටට ටට්ටං ටට්ටං
ටට්ටං ටට ටට්ටං…”

ඔහොම පටන් අරගත්ත පාර ඕක තමා ඉතින් අපේ ට්‍රිප් එකේ පළවෙනි ම සින්දුව උනේ. පස්සෙ ඉතින් ටික ටික නැගලා යන සින්දු කිව්වා. මං කිව්වෙ මේ බීට් එක එහෙම. හෙහේ..

“කොළඹට ඇවිත් දින ගණන් ගෙවිලා
අතමිට දැන් සරුසාර වෙලා
එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ
නගරෙ කෙල්ලො මට වහ වැටිලෝ”

අපේ කාලෙ සින්දුව ප්ලේ වෙන්න පටන් ගත්තහම අපේ උනුත් මහ හයියෙන් කෑ ගගහා සින්දුව කියන්න ගත්තා. මන් හිතන්නෙ සද්දෙට වෙන්නැති බස් එක දිහා පාරෙ මිනිස්සුත් බලනවා. ඒ කියලා අපි සැලෙනවද නෑනෙ. කොහොමත් දැන් ටිහකට කලින් උදේට නවත්තලා කාලා කරලත් ඉන්න නිසා ආයි අපේ උන් ටික ඉන්නෙ උපරිම බලයෙන් ජවයෙන් ශක්තියෙන්. උදේට කන්න නැවැත්තුවට පස්සෙ කට්ටිය බස්වලට නගිද්දි ඉතින් උදේ නැග්ග විදිහට නෙමේ නැග්ගෙත්.සෙට් උන් ඒ ඒ බස්වල. කොටින්ම කියනව නං දැන් මේකෙ තමා අයෝන් අයියයි කිත්මිණ අයියයි ඉන්නෙත්. ටුබියා නම් කොහොමහරි මේකෙ තමා උදේ ඉඳන් ම. එන්න ඕනෙමයි කියලා ඇඬුවනෙ ඉතිං. පව් අප්පා.
දැනුත් මේ අපි කැපිච්ච පණු ඩාන්ස් දදා බෙරිහන් දෙද්දි ඒ මනුස්පයා මෙතන පිටිපස්සෙ පඩියෙ ඉන්නෙ. ඇයි අපේ මිස් කිව්වනෙ මේ ළමයිව ශුවර් නෑ දොරවහල තිබ්බට ඕකත් කඩන් වැටෙයි කියලා. ශික්කේ..මිසුත් ඉතින් ඉඳලා ඉඳලා අපේ නාමයමයි කෙලසන්නෙ.

“තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ…
උන්දැ සතුටින් තියන්නයි මං මේ ආවෙ
උන්දැ මං එනකන් මඟ බලන් ඉන්නෙ”

මං බෙරිහන් දිදී සින්දුව කියන් අයියා දිහා බලද්දි එයා ‘මට ඉන්නවා බිසෝ’ කියලා මාව ඔලුවෙන් පෙන්නලා මං දිහා බලන් ඇහැක් ගැහුවා. එකපාට්ට උන එකත් එක්ක මන් ටුක් ගාලා ඉස්සරහ බලාගත්තෙ මගෙ මූනට ආපු කෝල හිනාවත් හංගගෙන. සික්කේ..මූනත් රතු වෙලාද කොහෙද මගෙ.

“සීදේවී මම සීදේවී මම
සීදේවී මම නුඹෙ හැලයා
හරි අහිංසක නුඹෙ පැටියා

නගරෙ කෙල්ලො බෑනෙ මුං අහිංසක නෑනෙ
හරි කරදරෙ මාව දැකලා..

සීදේවි මම සීදේවී මම
සීදේවී මම නුඹෙ හැලයා
සීදේවි මම නුඹෙ හැලයා”

මං කලින් උන වැඩේ නිසාම ආපහු අයියා ඉන්න දිහා නොබලා එතන බහින තැන බෝඩ් එකට හේත්තු වෙලා ම සිංදුව කිය කිය ඉද්දි අයෝන් අයියා මගෙ දිහා බලලා හෙන පැනි හිනාවක් දාපු නිසා ආපු සැකේට මං පිටිපස්ස හැරිලා අයියා දිහා බැලුවම ආපහු මේකා ‘සීදේවි මම නුඹේ හැලයා’ පාට් එක එයා දිහාට ඇඟිල්ලක් දික් කරලා ආපහු මගෙ දිහාව පෙන්නලා තොල් දෙක උල් කරලා කිස් එකක් එව්වා. ආයිශ් මේ මනුස්සයා එක්ක බෑ යකෝ.. මං කියන්නෙ නිකන් ඉද්දි චුක්කියක් දෙන්න බෑ දැන් මෙතන ඉඳන්..අම්මපා මට නගි.. නෑ හරි ඔයා හිතන්න එපා සෞරාෂ්.. ෆූහ්..

“සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලා
තොල කට රතු සායම් ගල්වා
හවඩිය ඇගෙ ඉන වට බන්දා
දේවි වඩිනවා බලාපල්ලා

තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ…
උන්දැ සතුටින් තියන්නයි මං මේ ආවෙ
උන්දැ මං එනකන් මග බලන් ඉන්නෙ

සීදේවි මම සීදේවි මම
සීදේවී මම නුඹෙ හැලයා
හරි අහිංසක නුඹෙ පැටියා

නගරෙ කෙල්ලො බෑනෙ
මුං අහිංසක නෑනෙ
හරි කරදරෙ මාව දැකලා

සීදේවි මම සීදේවි මම
සීදේවී මම නුඹෙ හැලයා
සීදේවී මම නුඹෙ හැලයා

සීදේවී..මගෙ දේවී
සීදේවී..මගෙ දේවී
සීදේවී..මගෙ දේවී
සීදේවී..මගෙ දේවී”

“à·„à·–…////”

සින්දුවක් ඉවර උනාම සෙට් එකත් එක්කම හූ තියන උගුර කඩන් කෑගහන එකෙත් ආතල් එකක් තියනවා මන් කියන්නෙ. කොහොම උනත් ආපහු නම් සිංදු මැද්දෙදි මං අයියා දිහා හැරි හැරි බල්න්න යන්නෙ නෑ මොකද මං දැන් ඉන්නෙ කෙළින් ම අයියට මූනට මූන බලන් පහල පඩියෙ. එතකොට කලින් මේ වෙට්ට පිත්තල ගොබිලියා මට ඇස් ගගහා සමයං නටලා දැන් ඉන්නවා නිකන් මොකුත් නොකරපු ජංගියේ චූ දාගන්න පොඩි එකා වගේ. අම්මපා මේකාට දෙන්න හිතයි පුප ෆ්ලැට් වෙන්න එකක්. එව්නාට බෑ අප්පා. කවදාහරි මටමනෙ පාඩු. සැක් සෞරාෂ් මොනාද යකෝ ඔය හිතන්නෙ. කිස් එකක්වත් දීලා නැති මනුස්සයා නේද? පව් අප්පා මගෙ රිළා පුංචා.

“ආව්..කම්මුලට ගහන්න එපා බං”

“ආතරේටනෙ ඒයි”

මගෙ කියුට් රිළා උප්ටා.. හඤේ මගෙ බෑග් එකේවත් දාන් ඉන්න ඕනෙ ගියාම.
කොහොමහරි හෙන..පැය ගානක් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අවසානයේ අපි අපේ නැවතුම්පොළ කරා පැමිණියා.

“අහෝ මෙතරම් සුන්දර ස්ථානයක්! මෙය අපගේ ජීවිත නැවතුම්පොළ කොට වසමුද සොඳුර මරණය තෙක්..”

“ආ..à·„à·Š සුදු මහත්තයාහ්.. මරණය තෙක් නොව ලබන ලබන ආත්මවල පවා අපි එකට ම වෙසෙමු මෙහි. එයයි මාගේ සැපය..”

මං බස් එකෙන් බැස්ස ගාන්ම වටේ වීව් එකට පිස්සු වැටිලා බලන් හිටපු යුගා ගාවට ගිහින් ඇක්ටින් පාරක් දැම්මම ඌත් ගානට බැලන්ස් කළා. නැතුව පුළුවනෑ අපි එක මල්ලෙ ලුනු මල්ලෙහ්. කොහොමහරි දැන් මායි යුගයි ජීවිතාවසානය වෙනකන් මෙතන වසන්න තීරණය කරලා ඉවරයි. අයියලා දෙන්නට හුලන් තමා. හික්ස්. එක්කො උන් දෙන්නට ලව් කරන්න කිව්ව නම් හරි. ලස්සන කුරුළු පව්ලක් වෙයි. එව්නාට.. පොඩි පස්නයක් තියනවා. කවුද ටොපා එතන. නෑ ඉතින් රිළා පුංචා මට බොටම් කලිසමක් උනාට හාදයා ඒම ලේසි පොරක් නෙමේ නෙ. එකාතකට ඔව්වා හෙන පස්න අප්පා රිළවා මගෙම තමා. හිතුනොත් දුර ඈත තියන එක්ටැම්ගේක හිරකරලා තියනවා. ඊටපස්සෙ රපුන්සල් එකේ ආච්චි වගේ මන් අයියව බලා ගන්නවා. හරී..ම ආදරණීයයි අප්පාහ්. අභීසල් කොම්ලා මගෙහ්.

“සෞරාෂ්”

පස්සෙ මූත් ලෝකෙ බලන්න කියලා යන්න හදයිද දන්නෑ. එව්වා කොහෙද දෙන්නෙ පුපට එකක්. එක්කො ටොක්කක් අනිමු.

“සෞරාෂ්..”

කොහොමහරි මන් මගෙ අභීසල් කුමාරයාව බලාගන්නවා. බිය නොවන්න කුමරුනි ඔබේ ඩැඩියා නෑ මන් කිව්වෙ සුදු තාත්තියා ඉන්නවා. පොඩ්ඩක් මෙව්වා උනා.. පික්කු කොල්ලාහ්.

“සෞරාෂ්.. මොන ලෝකෙද ඉන්නෙ?”

“ආව්..ටොකු අයින්නෙ කවුද ඩෝ?”

“කීපාරක් කතා කළාද?”

“කීපාරක් කතාකළත් මන් අභිසල්ව දෙන්නෑ”

“මොකක්?”

හුටා.. සෞව්වෝ.. හිතෙන හිතන ඒවා කටින් කියන්න එපා යකෝ.

“ආ නෑ නෑ. ඇයි කතා කළේ?”

“ඇතුළට යං සීතලයි ජැකට් එකක්වත් නැතුව ඉන්න එපා. ගිහින් කාලා රෙඩී වෙන්න ආපහු යනවනෙ”

“සීතල නැති කරන්න ජැකට් ඕන්නෑ හැබැයි”

මං ඇඟිලි දෙකත් වද්ද වද්ද කියද්දි අයියා මොකද්ද අහන්න වගේ ලුක් එකක් දැම්මා මට.

“චුක්කියක් දෙන්න අප්පා”

“සෞරාෂ්.. ඇතුළට පල. උඹගෙනුත් මං සීරියස් දෙයක් අහන්න හිටියනෙ”

“ඉතිං අප්පා සීරියස් තමා කිව්වෙ. ආ දැන් දෙන්න බෑද? ඈ?”

“….”

“ආ ඔයා එහෙමයි නෙ. හිටපියකො මන් පැණිහදේ යන දාට පොතක් ගෙනත් ගානක් හදනවා. ඊටප්ස්සෙ කියයි නෙහ් සෞරාෂ්..ඩැඩ්.. ආව් අප්පා ගහන්නෙ මොකද?”

“දුවපිය ඇතුළට.”

මං අයියටත් ඇහැක් ගහලා මගෙ බෑග් එකත් උස්සන් දුවන් ආවා. අයියා තාම එළියෙද මංදා. හික්ස් හැබැයි අයියෙ ඔයා විතරක් නෙමේ මටත් මං කිව්ව ඒවා මොනාද කියලා හිතාගන්න බෑ. මට හිතාගන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ.. සීතල නිසා යමක් සිද්ද වෙලා වගේ. ඉහික්.
මං යුගාට කෝල් එකක් දාලා ඌ ඉන්න රූම් එක හොයන් ගියා. අදයි හෙටයි මේ හොටෙල් එකේ මේ ඒරියා එක අපිට දීලා තියෙන්නෙ. දීලා කියන්නෙ කවුරු හරි ළමෙක්ගෙන් ආපු ස්පොන්සර් එකක් තමා. එතකොට ළමයි දෙන්නෙක්ට විතර එක රූම් එකක් තියෙන්නෙ. ශැප තමා. මං රූම් එකට ගිහින් වොෂ් එකකුත් දාගෙන ස්කූල් ටී එකටයි බොටමාටයි මාරු වෙලා යුගා එක්ක පහළ ඩයිනින් ඒරියා එකට ආවෙ කන්න. කාලා අද අපි ග්‍රෙගරියට යනවා. මන් මේ පොඩි කාලෙ ආවට පස්සෙ නුවරඑළි ආවෙ අවුරුදු හත අටකට විතර පස්සෙ. ඒකත් ඉස්කෝලෙ උන් එක්ක ආපු නිසා වෙනම ගතියක් තියනවා ඉතින්.
අපි කාලා බීලා ආපහු බස් එකට නැගලා ග්‍රෙගරියට ගියා. බැස්ස ගාන්ම අපේ මිස්ට එයාගෙ පුතාලා එක්ක ෆොටෝ එකක් ගන්න ඕනෙ කියලා ක්ලාස් එකේ උන්ව අල්ලන් ෆොටෝ එකක් ගත්තා. ඊටපස්සෙ ඉතින් අපේ උන් තැන් තැන්වල. අපේ උන්ගෙ හැටි දන්න නිසාම මිස් කිව්වා අටහමාර වෙද්දි බස් එකට එන්න කියලා. ෆෝනුත් අත්වල තියනවනෙ ඉතින්. ටූ ඩේස් නිසා ගේන්න දුන්නා. නැත්තන් කොහෙද. කොහොමහරි ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ කට්ටියත් ක්ලාසස්වලට බෙදිලා ළමයි එක්ක හිටියා. මිස්ලයි පේරන්ට්ලයිත් හිටියා. එතකොට ඉතින් අවුලක් නෑ. මාත් අපේ උන් තුනයි අයියලයි එක්ක රවුම් ගගහා හිටියා. ආයි ඉතින් නුවරඑළි කිව්වම ලස්සනේ අඩුවක් නෑනෙ. හිස් අතෑරල දාපු ඉඩමක් ගත්තත් කැලේට හැදෙන්නෙත් ආයි කොළඹ හෙන ගේමක් දීලා හදාගන්න මල්. ලස්සනයි අප්පා. අපි කට්ටිය තිබ්බ ෆුඩ් ස්ටෝල්වලිනුත් කකා බිබී ඉඳලා එන්න හදද්දි මගෙ ඇහැ කොනට පෙව්න දෙයක් නිසා මන් ආපහු හැරිලා බැලුවා. ඕ..එම්..ජී.. පතාගෙන එනවා කියන්නෙ මේකට තමා. මන් අයියා ගාවට ගිහින් එයාටත් ඇනලා ඒ පැත්ත පෙන්නුවා විතරයි අයියාටත් උඩින් ම හිනාවක් ගිහින් හෙන ඩ්‍රමැටික් විදිහට ස්මර්ක් එකක් එක්ක ඔලුව වැනුවා.

“ඒ බන් උබලා අයිස් ක්‍රීම් කනවද?”

“පිස්සුද යකෝ මේ සීතලේ..”

“එහෙනම් පලයන් මායි සෞරාෂුයි එන්නං”

“පල පල කාලා මැරියන්”

සීතලයි කියලා මෙව්වා නොකාඉන්න පිස්සු හැදෙයි. පුහ්. අයියායි මායි අර සෙට් එක ගියා විතරයි සැරසෙන් වේන් යා කියලා දිව්වා. දුවලා ගිහින් කෙළී..න්ම නැවතුනේ ට්‍රක් එක ගාව. මන් හිතන විදිහ හරි නම් අපිට කස්ටමයිස් කරලා ටබ් එක ගන්න පුළුවන්. ආර්හ්හ්..
සේල්ස්මන් අහද්දිම අපි දෙන්න ම කෙළින් ම ඇගිල්ල දික් කළේ එකම ටබ් එකකට. පස්සෙ අපි සල්ලිත් දීලා අරන් ටික දුරක් ආවා. යෙස්..ටික දුරයි. මොකද අපි දෙන්නා මේ හිටියට ඇඟ ඇතුළෙන් නළියනවා. මං අයියා දිහා බැලුව පාර අයියත් මං දිහා බැලුවා. හිනා උනා..

“ROCKY ROAD!!! à·„à·„à·Š à·„à·„à·Š à·„à·„à·Š à·„à·„à·Š…//”

ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව. දිමංක අයියෙ උබ හරි බං.
අපි ඒකත් කාලා ටබ් එකත් ඩස්ට්බින් දාලා බස් එකට ගියා. හොටෙල් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඇඳුමකුත් මාරු කරගෙන මායි යුගයි කෝප්පයක් හෝද හෝද ඉද්දි ආපහු අපේ පන්ති කබරයා ඇවිත් ඇපිව පහළට ඇදන් ගියා. මොකටද? ගිනිගොඩක් ගහන්න. ඊටපස්සෙ වටේ ඉඳන් සින්දු කියන්න. අපි ගිනිමැලේ ගහල එතන වටේට වෙලා එකේක ගේම් කර කර ඉඳලා පස්සෙ කට්ටිය ම වටේ ඉඳගෙන සිංදු කියන්න පටන් ගත්තා.  ඒලෙවල් ජීවිතේ මේ වගේ ලස්සන තැන් නිසා ම වෙන්නැති මග ඇරගන්න එපා කියන්නෙත්. ලස්සන නැතුවද. අපේ උන් එක්ක එකට වාඩි වෙලා වල්පල් කියෝලා හිනාවෙලා මෙහෙම ඉද්දි. ඒක ලස්සනයි තමා. මේ වෙලාවට තමා ඉස්කෝලෙන් යන්න නොහිතෙන්නෙ. අපි සිංදු කිය කිය ඉද්දි එක එකා නැගිට නැගිට ගියා. මහන්සිත් එක්කනෙ. අපිත් එකොළහමාරට විතර ගිනිමැලෙත් නිමලා දාලා එතන ක්ලීන් කරලා රූම්ස්වලට ආවා. ඇවිත් ඇඳට වැටුනා විතරයි නින්ද ගියා.
ආපහු ටිකකින් ෆෝන් එකට කෝල් එකක් ඇවිත් කට් වෙනවත් එක්කම මාව ඇහැරුනා. කවුද අප්පා.. ආ ටිකක් වෙලා නෙමේ පහමාරයි වෙලාව.

“Nidi nadda?”

“Aharuna. Poddak eliyata ennako. Balcony ekata”

“Ha inna”

මං නිදිමත යන්න මූනත් හෝදන් එළියට ගිහින් හෙන පතට හදල තිබ්බ බැල්කනිය පැත්තට ගියා. මේ ඉන්නේ.. අයියා ඉස්සරහ පැත්ත හැරිලා එළිය බලන් හිටපු නිසා මන් එනවා දැක්කෙ නැති කොට මන් ගිහින් එහාපැත්තෙන් හිටගත්තා. සුට්ටක් කුචි කැව්වා අනේ. හෙහේ.. එව්නාට මේ මනුස්සයට ස්නායු නෑ. අපරාදෙ තරුණ ජීවිත.

“ඇයි? සීතලයි නෙ”

“ජැකට් එකක් දාන් එන්න එපැයි ම්.. මෙහෙට එන්න”

“එව්නාට..”

“කව්රුත් එන්නෑ එන්න”

මං අයියගෙ අත් අස්සට ගිහින් එයාගෙ ඇඟට තුරුල් වෙලා ඉස්සරහ බලාගෙන හිටගත්තා. අයියගෙ පපුවෙන් එන්න රස්නෙ මගෙ පිටට දැනෙනවා. දැන් නම් සීතල නෑ. දැන්නෙ දැක්කෙ අප්පා මෙතන වීව් එක. ලාවට ඉරපායන් ආවට තාම මීදුම තියනවා වටේටම. කන්දක් උඩ නිසා පහළත් වළාකුළු වගේ. මීදුම අස්සෙන් ඉර එළිය බේරෙද්දි හරි ලස්සනයි. මං එක දිගට බලන් ඉඳලා එහෙම්ම අයියගෙ පැත්තට මූන දාලා හැරුනා.

“ඒක ලස්සනයි”

“හ්ම්..ගොඩක් ලස්සනයි”

අයියා එයාගෙ මූන ලස්සන හිනාවකින් පුරවන් මන් දිහා බලන් මගෙ ඔලුව අතගාලා කිව්වා. ඒ ඇස්වල ආදරේ පිරිලා. හැම උදේක ම මේ විදිහට අයියා එක්ක ඉන්න තියනව නම්..

“මොනවද කල්පනා කරන්නෙ?”

“ආසයි..”

“ම්..?”

“ඔයා එක්ක හැමදාටම මෙහෙම ඉන්න. වචනෙන් කිව්වටත් වඩා..”

“ෆීලින්ග්ස් වචන කරන්න අමාරුයි සෞරාෂ් හැබැයි ඒවා උබේ ඇස්වල ලියවෙනවා. කියවන්න කියවන්න ආස හිතෙන පොතක වචන තරමට ම උබේ ඔය ඇස්වල ලස්සනට ඒ හැඟීම් ලියවෙනවා බං.”

මෙහෙම වෙලාවට වචනයක් කියාගන්න බැරුව ගොළුවෙන්නෙ ඇයි අනේ? අයියගෙ වචන බරද? නැත්තං එයා නොකියා දෙන ඒ ආදරේ බරද? ඔව්..හැමදේම වචනවලින් කියාගන්න බෑ තමා..

“දැන් ගිහින් නිදාගන්න ආපහු. තව පැයකින් විතරනෙ නැගිටින්න තියෙන්නෙ”

“ඉන්නංකො”

“එහෙම බෑනෙ. ම්.. මෙතන ඉර පායනවා බලන්න එන්න කිව්වෙ. දැන් ඉරවල් දෙකක් පායලා සැර වැඩිවෙයි. පස්සෙ මාව අඟුරු උනොත් එහෙම”

“අනේ මේ යන්න හලෝ යන්න. මං යනවා.”

මං ආපහු කාමරේට ඇවිත් ඇඳට පැනලා නිදාගත්තා. යුග්ගා නම් හොඳට නිදි ආයි ලෝක විනාසෙටවත් ඇහැරෙන්නෑ ශුවර්. අපි උදෙන් ම නැගිට්ටට පස්සෙ කාලා බීලා අඹේවෙල ගියා. අර එකක් ඇතුළෙන් ගිහින් මට ඔළුව රිදෙන තරමට ම ගඳක් සෙට් වෙලා මන් එතනින් එලියට එනකන් 
හිටියෙ. ඊටපස්සෙ හාවොයි, එළුවොයි, මකරුයි, ඩයිනෝසර්ලයි බලන්න ඉන්න සේරම බලලා අපි එතන තිබ්බ ශොප් එකකින් ඩේරි අයිටම්සුත් අරන් කෙළින් ම ආවෙ ස්ට්‍රෝබෙරි ෆාම් එකකට. එතනත් බලලා වටේ ඇවිදලා කරලා ස්ට්‍රෝබෙරිත් උස්සන් තව ස්ට්‍රෝබෙරිවලින් හදපු එකේකේවත් උස්සන් ගියෙ ඇල්ලට. අර කැලේ මැද්දෙන් යද්දි තමා ඉතින් ආතල්. ලස්සන ෆොරින් අක්කලා එහෙම දැකලා අපේ උනුත් හෙන උද්දාමයට පත්වෙලා හිටියෙ. මන් නම් ඉතින් වැඩි මුකුත් කළේ නෑ යුගා එක්ක එකතු වෙලා අපි දිහා බලන් හිටපු අක්කෙක්ට ඇහැක් ගැහුවා විතරමයි. කෝඳුරුවොනෙ අප්පා ඇහේමයි වහන්නෙ.
ඔය සේරම ඇවිදල කරලා ඉවරවෙද්දි ගානට හවස් වෙලා තිබ්බ නිසා ටී ටයිම් එක අල්ලලා රෙස්ටුරන්ට් එකකින් නැවැත්‍තුවා විතරයි ඒක බෙල්ලට ම ෆුල්. හොඳ වෙලාවට එතන තව දෙක තුනක් තිබ්බෙ. අපි සෙට් එකත් කෑමයි කෝපියි උස්සන් ඇවිත් එළියෙ තිබ්බ ටේබල් එකකින් ඉඳගත්තා. ආපහු මීදුම පාත් වෙලා නිසා වටේ සීතලක් එක්ක අමුතු ලස්සනක් තිබ්බා. මගෙ කන් ලොක් වෙන්න ගත්ත නිසා අයියා මගෙ කන්දෙකට ඉයර්මෆ් එකක් දැම්මා. සීතලයි කියන්නෙ පිම්බම දුම් යනවා. දෙසැම්බර් කිට්ටු නිසා ආයි ඉතින් නෝ කතා.

“අයියෙ”

“ම්..”

“මෙහෙ ඉන්න හිතෙනවා හලෝ”

“ඉන්න එහෙනං. එතකොට මං නිදහස්”

“අනේ මේ. හිටියොත් තෞසෙව යවන්නෑ. හිතේ ඇති මෙතන”

“ආ එහෙමද..හ්ම් හ්ම්”

“මං ඕලෙවල් කාලෙ හිතන් හිටියා මෙහෙම සීතල කාලෙට බයික් එකක නුවරඑළි එනවා කියලා. ශෝක් නෙහ්?”

අයියා අයිබ්‍රෝ දෙක උස්සලා හිනාඋනා.

“Just WOW!”

ඔව්නෙ ඉතිං. නිකන් හිතල බලද්දිත් ආසයි. සීතලේ මීදුම අස්සෙන් මේ වගේ හතර වටෙන්ම ලස්සන පිරිලා තියන පාරක බයික් එකක යද්දි. ලංකාව කියන්නෙ දිව්‍යලෝකයක් බං.
අපි කතා කර කර ඉද්දි ෆෝන් එකට නොටිෆ් එකක් ඇවිත් ස්ක්‍රීන් එක ඔන් උනා. ටේබල් එක උඩම තිබ්බ නිසා මන් එබිලා බැලුවම ඒ ඇවිත් තිබ්බ නොටිෆ් එක නිසා මගෙ නළල රැලි උනා.

“ඇයි?”

“ඔයාලගෙ රිසල්ට්ස්..”

“සෞරාෂ්..”
“මල්ලි..”
“සෞව්වො..”
“ඇටයෝ..”

රිසල්ට්ස් කිව්වා විතරයි අයියල සෙට් එක ම සයිලන්ට්. සිග්නල් අව්ල් නිසා ලෝඩ් වෙන්නෑනෙ ඉතිං. ආ..හරි හරි හරී..හරේ..

“ආ නෑ නෑ. හැකි ඉක්මනින් නිකුත් කරනවා කියලා තියෙන්නෙ. හෙහේ”

“බය කරන්න එපා යකෝ. අම්බෝහ්..”

“ඉතින් අප්පා නොටිෆි එකට පෙන්නන්නෙ G.C.E. (A/L) results are.. කියලා විතරයි. ඉතුරු ටික නෑ.”

“ඔය නිව්ස් කාරයොත් හෙන කැරි ආතල් තමා දෙන්නෙ. තව ටිකෙන් හොස්පිල් යන්න වෙනවා යකෝ.”

“සිරා ආ.. අඩෝ මේ..”

අකිත අයියා එකපාට්ට අවධානෙ ඉල්ලපු නිසා අපි හැමෝම ඒ පැත්ත හැරිලා අවධානෙ දුන්නා.

“අපේ ආර්‍යනයාත් හිටියා නං පට්ටනේ බන්. ඌ විතරයි ඕයි මෙතන අඩු”

“අඩෝ සිරාවට බං. ඕකා දැන් ඔසීවලට වෙලා ඇති.”

“ඌත් ඉන්න තිබ්බෙ..”

අපි කතා කර කර ඉඳලා බස් ආවම නැග්ගා. දැන් ඉතින් ගෙවල් කරා තමා. ඒ එනකන් ආපහු ඉතින් සුපුරුදු බජව්ව තමා.

“සාගරේ වගේ සිලබස් පතරංගෙ වගේ රිවිෂන
ඉවරයක් නැතුව පැවරුම්
මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා
අපි උපෙ කරන්නේ සාපෙ ගොඩ දාලා තියෙන්නේ..

අපි ටියුෂන් යනවා පාඩමුත් කරනවා
මොනවා නැතත් අඩු ගානෙ එස් තුනක් දානවා
එහෙම කරලා ජැන්ඩි පහට
රෙදි ඇඳගෙන පාරෙ යන්න
ෆාමසියක වැඩ කරනවා..

සාගරේ වගේ සිලබස් පතරංගෙ වගේ රිවිෂන්
ඉවරයක් නැතුව පැවරුම්
මේ සේරම මැද්දේ පොඩිවලක් බහිනවා
අපි උපෙ කරන්නේ සාපෙ ගොඩ දාලා තියෙන්නේ..

ආදරේ ඕනි නෑ කෙල්ලො පස්සෙ යන්නෙ නෑ
කීකරුවට අපි හැදුනත් හාද අහනවා
අපිත් ඉතින් හිතලා හිතලා ඔන්න ඔහේ ඕන දෙයක්
අදාළ නෑනෙ කියනවා..

සාගරේ වගේ සිලබස් පතරංගෙ වගේ රිවිෂන්
ඉවරයක් නැතුව පැවරුම්
මේ සේරම මැද්දේ පොඩිවලක් බහිනවා
අපි උපෙ කරන්නේ සාපෙ ගොඩ දාලා තියෙන්නේ..”

අපි ඒලෙවල්වරු වශයෙන් අපේ ජාතික ගීයෙ බයෝවරුන්ගේ එඩිශන් එක කිය කිය ආවෙ. හැබැයි එස් තුන කිව්වා විතරයි මිස් නං බය වෙලා බැලුවා. සහභාගිත්වයත් වැදගත් අප්පා. නැද්ද මං අහන්නෙ?

“හම්මට හුම්ජ්ඤක්ම්..”

කවුද යකෝ කියන්නැතුව බ්‍රේක් ගහන පරයා. අපි කෙළින් ම ඒ ගහපු බ්‍රේක් පාරට බර්ගර් එකක් වගේ එක උඩ වැටුනා. අම්මා..කශේරුකාව ලෙප්ට් වගේ. මට පෙනීයන විදිහට වැටුන පාර පකුවට ලිප් කිස් එකක් සෙට්වෙලාද කොහෙද. හික්ස්. කේඩ්‍රාමා වගේ ඕයි..
නට නට කොහොමහරි ඉස්කෝලෙට එද්දි පාන්දර තුනත් පහුවෙලා. අපි බස් එක ඉස්කෝලෙ පාරට හරවද්දිම මහ හයියෙන් ස්කූල් චාන්ට් එක කිව්වා. ආපහු බැහැලත් බස් ටික ක’ව් ගහලා තොරණ් වගේ ලයිට් ටිකත් දාගෙන අපේ උන් ඒ මැද්දට ඇවිත් ස්කූල් චාන්ට් එක කිව්වා. ඒ වෙලාවට හෙන ම කොළ බොක්කෙන් ගැම්මක් එනවා.. ඊටපස්සෙ ළමයි යන්න ගත්තා. අපි ඉතින් ගියෙ නෑ අයියලා ඉන්න එපැයි හැමෝම යනකන්. ඒ  ගියාට පස්සෙ ඒ වැඩත් ඉවර කරලා අපි ඉස්කෝලෙන් එළියට බහිද්දි හතරයි හතළිහයි. හරිම අගෙයි. යුගා අයෝන් අයියලගෙ ගෙදර යනවා කිව්ව නිසා අපි ශෙයලවයි අයාසයයිවත් හලාගෙන ම ආවා. දැන් නං මහන්සියත් එක්ක නිදිමතක් සෙට් වෙනවා. එව්නාට නින්ද ගියොත් මළකෙලියයි අයියත් මහන්සිපිටනෙ ඉන්නෙ. ඒ නිසා මන් සිංදුවකුත් දාගෙන ඒකට ඇක්ට් කර කර කිය කිය ආවා. අයියගෙ වැඩේ බෙල්ට් එක ගැලවිලාද බලන එකයි, මං කරන ඒවට හිනවෙන එකයි තමා.

“මහන්සි නැද්ද සෞරාෂ් තවත් නටන්නෙ?”

“නෑනෙ හලෝ මන් මේ නෙට්ටමෝල්ට් බීලා ඉන්නෙ. ඔයැයිටත් ඕනෙත නෙට්ටමෝල්ට්.”

“එපා එපා හරි.”

යකෝ මගෙන් ඇහුවෙත් නෑ මොන මෝලක් ද කියලා. මේකට ඒ තරම්ම මගෙ වැඩ ශුවර් ද කොහෙද. බලන්න ඒ ආතරේ. අයියා හෙමින් ආව නිසා අපි අයියලගෙ ගෙදරට යද්දි පහයි විසිපහයි. චූටි නැන්දා ආපහු අපිට යන්න එපා කිව්ව නිසා අද මෙහෙ ඉතින්. පස්සෙ මන් වොශ් එකක් දාන් අයියගෙ ඇඳුමකුත් ඇඳන් නිදාගත්තා. ඇයි ඉතින් ඇඳුම් නෑනෙ. ගෙනිච්චෙ ගානටනෙ. ඇඳට ගිහින් මන් අයියගෙ අස්සට ගිහින් ඔලුව තියාගත්තා විතරයි එහෙම්ම මට නින්ද ගියා. අම්මටසිරි වෙන්න මහන්සියි අද නං..

————————————————————

මං ආවාහ්. හම්බොහ් මහන්සී🥲 ඩබල් අප්ඩේට් වගේ තනි එකක් හොඳේ. කළගුන සැලකීමත් වසයෙන් චුක්කියක්වත් පා කරලා එවන්න අප්පා. 😪✋

….ඉස්කෝලෙ යාළුවො එක්ක එකතු වෙලා සිංදුවක් කියද්දි, හිනාවෙද්දි, ස්කූල් චාන්ට් එක කියද්දි ඒ දැනෙන හැඟීම්වලට හරි වෙනස්ම විදිහෙ ලස්සනක් තියෙන්නෙ. පොත් ම නෙවේ ඉස්කෝලෙ කියන්නෙ නේද? ඒක ඉස්කෝලෙ කියන පොත ඇතුළෙ තියන එක ටොපික් එකක් විතරයි.  ඉතිං ඒ පොත භාගෙට කියවලා නවත්තලා දාන්න එපා. මොකද නෙල්ලි ගෙඩියක් උනත් සේරම රස දැනෙන්න අන්තිම වෙනකන් ම කන්න ඕනෙ…

එහෙනම් මං යන්නං හොඳේ..
ආතරෙයි ♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 42, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 42, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 42 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 42 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 42 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 42 light novel, ,

Comment

Leave a Reply

Chapter 44