Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 43

A+ A-

කුරුල්ලන් කිචි බිචි නදින් ගී ගයන ඒ උදෑසන කාලය කෙතරම් සොඳුරු ද? උදෙන් ම අවදිව ගේ දොර ඇමද පාඩම් වැඩ කිරීම කෙතරම් සොඳුරු ද?…හෙහ් දැනගන්න තිබ්බා මන් උදෙන් නැගිට්ට නම් හැබැයි. මන් අද නැගිටිද්දි හවස 2යි වෙලාව. දවල් නිදාගෙන නෙමේ ඊයෙ රෑ නිදාගෙන නැගිට්ටෙ. හැබැයි රෑමත් නෙමේ පාන්දර. මේකනෙ ඉතිං නිවාඩු කාලෙ කියලා ඉස්කෝලෙ නැති එක විතරයි තියන එකම වෙනස මට නම්. ඉස්කෝලෙ තියන එක තව හොඳයි කියලත් හිතෙනවා එකාතකට සර්ලා මේ පන්ති දාන විදිහ දැක්කම. ඇයි යකොව් උදේ අටේ ඉඳන් කෙළින් ම රෑ හත අට වෙනකන් අදිනවා. ඇඬෙනවා ඉතින්. ඒලෙවල්වලට මාසයක් දෙකක් විතර තියෙද්දි ‘අපි පැය විසිහතරම කරමු ළමයි නේද?’ කියයිද දන්නෑ. එක්ස්ට්‍රා ක්ලාසසුත් දානවා ඒ මදිවට. ඇයි අප්පා මේම. අද මට ක්ලාස් මුකුත් නැති නිසා මන් ඉතින් නිදාගත්තා හොඳ..ට. නිදාගන්න හින්දා අද පාන්දර වෙනකන් වැඩිපුරත් වැඩ කළා. එතකොට බැලුවාම මන් වැඩිපුර නිදාගෙන නෑ ඉතිං නෙහ්. හෙහෙ. කොහොමහරි එදා ට්‍රිප් එකෙන් පස්සෙ පටන් ගත්ත මේ නිවාඩුව නම් කෙලින් ම සර්ලා අයිති කරන් ඉන්නෙ. ක්ලාස් නැති දවසෙ ඒ නිසා පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න ඕනෙ..පිස්සුද මල්ලෙහ් මාත් කැමතී ඉන්න එව්නාට එහෙම බෑනෙ. එකපාට්ට මොළෙන් නොටිෆි එනවා තොට එක්සෑම් තව මාස හයකින් කියලා. නොටිෆි ටික ක්ලියර් කරලා ඉන්න පුලුවන් ද? බෑ.. අපේ අම්මා දැන් මන් වැඩ කරන්නැත්තන් කෙළී..න් ම කෝල් අරන් ‘අභී පුතේ මෙයා…” කියලා කේලම කියනවා. හරියන්නෑ මේ කෙල්ල දැන්. හුහ්. මන් ඉතින් අභී පුතා නම ඇහිච්ච ගමන් දූවගෙන ගිහින් මේසෙන් ඉඳගෙන පොත පෙරලගන්නවා වෙන මුකුත් නිසා නෙමේ අරහෙන් කෝල් එක කට් වෙන තත්පරේ ම මට අනික් පැත්තට අර මනුස්පයා කෝල් කරනවා. ඒකත් වීඩියෝ කෝල් එකක් ම ගන්නවා. පස්සෙ ‘කොහෙද ඉන්නෙ? මොකද කරන්නෙ?’ කිය කිය අහද්දි මන් ඉතිං පාඩම් මේසේ පෙන්නනවා. පිළිගන්නව ද? නෑ.. වෙන්ඩ බෑනා පට්ට විදියට නැන්දම්මා පාස්සිකයි අෆ්ෆා. මාවමයි තැලෙන්නෙ. ඊටපස්සෙ ඉතිං මේ දෙන්නා සතරකන්මන්ත්‍රණ කරලා මාව මේ අඳුරු කුටිය තුළ දොරගුළු දාලා හිරකරනවා. ඉම්හි ඉම්හි. අහෝ දුකකි,හිච්චි තිතකි.

“මල්ලී.. කෝ ඔයා?”

“මෙහේ.. වැඩ හලෝ එන්ඩෝ..”

මේ ටිකේ අපේ මහප්පගෙ අක්කා මෙහෙ ඇවිත් ඉන්නෙ. හොඳයි ඉතිං මගෙ බොක්ක තමා. කළු කෝට්කාරියක් වෙන්නනෙ ඉන්නෙ එයැයි. පුහ් අපි නම් බය වෙයි. අක්කගෙ මල්ලි මගෙ වයසෙනෙ අපි දෙන්නා සෙට් උනාම මේ මනුස්සයට දෙන්න තියන සේරම වද දෙනවා. පස්සෙ වලිත් දාගෙන ගුටිත් කාලා ඉන්නවා. අපිතමා ගුටි කන්නෙ ඉතිං.

“මේහ් පොඩි ගමනක් යංකො හලෝ”

“කොයි?”

“සිරීපාදෙ යං”

“කැහ් කැහ්..කොහෙ? සිරීපාදෙ? ඒකටද පොඩි ගමන කිව්වෙ? මන් හිතුවා කඩේට යන්න අහනවා කියලා.”

“ඔය කිව්වෙ. මේ යංද ඇත්තට ම?”

“ඔයාගෙ පුංචිගෙන් පර්මිසොන් තමා ඕනෙ ඉතිං.”

“ආ.. ඒවා සෙට් කරගන්න පුළුවන් යං”

“කවුරු කවුරු ද යන්නෙ?”

“මගෙ යාළුවො සෙට් එහකුත් ඉන්නවා. අර ඔයාගෙ අනික් භාගෙත් එයිනෙ. තව ඉන්නව නං සෙට් කරගන්න.”

“එලම. අර එදා තවුසෙ ලස්සනයි කිව්ව මල්ලිලා නං හානෙ?”

“අනේ පොඩි එකා කටවහප්. මල්ලිලා කියලා දන්නෑනෙ හලෝ. හෙන උසයිනෙ මං හිතුවා ලොකු ඇති කියලා”

“මොනාද ලොකූ..ම්ම්? ම්ම්?”

“මේකාට..”

“à·„à·„à·Š à·„à·„à·Š හරි හරි අප්පා. මෙහෙමයි ඒ මිනිස්සු උසයි තමා අක්කෙ හැබැයි ලොකුම ප්‍රශ්නෙ කියන්නෙ මේ.. තවුසෙ කොටයි”

මන් කොයිකටත් ඕක කියන්න කලින් කාමරේ දොරගාවට ළං උනා. වෙනමුකුත් නිසා නෙමේ පලපුරුදු අත්දැකීම් සහිත මිනිස්සුනෙ අපි.
අක්කා එක්ක වලිදාන් සමතයකට පත් උනාට පස්සෙ මන් ආපහු පාඩම් කරන්න පටන් ගත්තා. දැන්ට තියන ටික සේරම පාඩම් කරගෙන තියන නිසා පේපර්ස් ම තමා කරන්නෙ. එහෙම කරද්දි ප්‍රශ්න එන විදිහ, පාඩම් කැරකෙන විදි ගැන එහෙම මාරම අයිඩියා එකක් එනවා. මට මුල් කාලෙ සමහර ප්‍රශ්න දැක්කම අඩුම මොකද්ද ප්‍රශ්නෙ, කරන්න තියෙන්නෙ මොකද්ද කියලවත් තේරුම් ගන්න බැරි උන වෙලාවල් තිබ්බා. හැබැයි පස්සෙ ටික ටික පේපර්ස් කරන් යද්දි යද්දි ප්‍රශ්න රටා ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. අනික් එක ටයිමින්. කොච්චර පුළුවන් උනත් ස්ලෝ නම් ඉතින් ඉවරයි. මං ඒ නිසා ම පේපරයක් කලත් පොඩි ගානක් හැදුවත් ඒක ටයිමින් බලලා කරන්නෙ. එතකොට ටිකෙන් ටික ස්පීඩ් හදාගන්න පුළුවන් වෙනවා. දැන් නං ටයිමින් කේස් එකක් නෑ. මං ස්ටොප් වොච් එකත් දාලා බයෝ රචනා ප්‍රශ්න ටිකක් ලියන්න ගත්තා. ‘ළමයි රූපෙ මවාගන්න, ඒක වචන කරන්න. වචන රූප කරන්න නෙමේ රූප වචන කරන්න’ , ‘සෞරාෂ් ඔයා පොයින්ට්ස් ටිකෙන් ඔලුවෙ හදාගන්න රූපෙ දිහා බලාගෙන ලියන්න, වචන නෙමේ රූපෙ ලියන්න’. අපේ සර්ගෙයි අයියගෙයි දෙන්න ගෙ වචන ඔලුවට එනවා මේ වෙලාවට. ඇත්ත තමා ඒවා. හරියට ම හරි…
.
.
.
“හම්මේ..මගෙ සව් ඇටේ..දැක්ක කල් ඒයි”

“උබට අසහනේද යකෝ අල්ලන්නෙ. අර අයෝන් අයියාව අල්ලගනිංකො පව් ඒ මිනිහා”

“ඕකාත් එක්ක මං පවුල් කන්නෑ. හිටපුදෙන් ඔහෙ හැඤේ පැඤේ ගාන්න විතරයි දන්නෙ.”

අද අපිට ඉස්කෝලෙට එන්න කිව්වා කලර්ස් නයිට් එකේ වැඩවලට. ඕලෙවල් තියලා ඉවර උනා විතරයි දැන් ඉතින් මේක පටන් ගත්තා. හැබැයි ස්පෝර්ට්ස් කරන එකෙක් අවුරුද්දක් පුරාවට බලන් ඉන්නෙ ම කලර්ස් නයිට් එක එනකන් තමා. මන් හිතන විදිහට ස්පෝර්ට්ස් කරන එකෙක්ට කලර්ස් නයිට් එකේදි තමන්ගෙ නමට ස්ටේජ් එකට නගින්න ලැබෙන එක වෙනම සතුටක්. දැන් එතකොට අද ඉඳන් මේකෙ ප්‍රැක්ටිසුත් තියනවා. එතකොට තව අපි මේ ඉල්ලන් කන වැඩත් තියනවනෙ. ටුබියා ටොප් බෝඩ් උනාම එහෙම වෙනවා. අනිවා අද ඔය යුගා අයෝන් අයියා එක්ක වලියක් දාන් ඉන්න එකටත් ඉස්කෝලෙ වැඩක් කොනෙන් හරි ගෑවිලා ඇති. අද එයාලත් එනවා කිව්වා වැඩවලට. මං ඒ නිසාම හෝල් එක වටේම ඇස් දාලා බැලුවා. සමහරවිට ප්‍රිෆෙක්ට් රූම් එකේද දන්නෙත් නෑ. පස්සෙ හෙමින් සීරුවේ ගිහින් බලනවා. අද දවසම මෙහෙනෙ ඇරත් එහෙම යන්න ගිහින් අනවශ්‍ය අවධානයක් ගන්නත් හොඳ නෑ. කොහොම උනත් කොළඹ ඉස්කෝලයක් උනත් මෙහෙත් ඉන්නවා ඕනතරං උන් ළිං මැඬියො වගේ ජීවත් වෙන. ඒ නිසා අපි දෙයක් උනහම උන්ට ඇඟිල්ල දික් කරන්න යනවට වඩා ලේසියි අපි ඊටකලින් පරිස්සම් වෙන එක.

“සෞව්වො මොකෝ උබ?”

“ඈහ්?”

“අයියලවද හෙව්වෙ? උන් අරහෙ”

“ඒක තමා එයිනෙ. යමං ඉස්සරහට ගිහින් වැඩක් බලල කරමු”

මං යුගාවත් ඇදන් ගිහින් එතන තිබ්බ වැඩවලට උදව් උනා. උදේම පොඩි අයගෙ ප්‍රැක්ටිස් තියෙන්නෙ. උන්ව පිළිවෙලකට තියාගන්න ගියාම සසර එපා වෙනවා ඇයි එකෙක් තියලා අනිකව හොයන් එද්දි කලින් එකා නෑ. ඌ එක්කො යාළුවා නෑ කියලා ගිහින් එක්කො දුවනවා. වෝටර් ප්ලීස්..
අපි එතන වැඩ ටික කර කර ඉද්දි සසිත අයියා ඇවිත් අපිව දැකලා කතාකරලා ගියා. ඕකා ඉතින් දැන් කෙළීන් ම ගිහින් ටුබියගෙ කනේ තියනවා මන් මෙතන කියලා. බලන්නකො තව විනාඩි පහක් යන්න කලින් ඔය මනුස්පයා මෙතන නෙමේ කියද්දි ම එනවා. ඔය එන්නෙ අලි රෑන වගේ සෙට් එකම. යකෝ ඈතට පේන්නෙ අර බොඩිගාඩ්ලා ටිකක් හෙන ගැම්මට එනවා වගේ. ඩූම් එකේ මියුසික් එකත් ප්ලේ උනානං ආයි ඉතින් පට්ට.
කිත්මිණ බොසා අපිව දැක්කා විතරයි කෙළගෙන උඩපැනගෙන ඇවිත් ඩෝ ගාලා තඩිබාලා කයියක් ගහන්න ගත්තා. අයියා නම් ෆයිල් එකකුත් උස්සන් බැක්ස්ටේජ් එකට ගියා.

“සසිතයා කියනකන් උබලා ආවා කියලා දන්නෑ යකෝ. කියන්න එපා තොපිලා ඇවිත් හිටපන්. අපි හිතුවෙ හවස් වෙලා එයි කියලා”

“අපෙ අප්පේ උවින් අයියෙ අපි ගැන ම හිතෙනවා නෙහ් ඔයාලට. බලන්න ඒ ලව් එක නේද සෞව්වො”

“අනේ ඔව් තොපිලා දෙන්නව හරක් හොරෙක් එහෙම උස්සන් ගියොත් කියලා අපි කතා උනේ. එව්නාට උබලව මසටවත් ගන්නෑ බයවෙන්න දෙයක් නෑ”

“අනේ නිකන් පලයන් අයියෙ යන්න.
ආ.. මේ සෞව්වො මං යනවා මට චූ බරයි. උබ එනවද නෑනෙ. මං ගියා.”

මොකද්ද යකෝ ඒ උනේ. මායි කිත්මිණ අයියයි මූනට මූන බලාගත්තෙ උනේ මොකද්ද කියලා ප්‍රොසෙස් කරගන්න බැරුව. මුට මොන මල යකා ගහලද?

“උවින්, ආ උබත් ඉන්නෙ, කොහෙද අර ගියෙ යාළුවා”

“ඒක තමා අයියෙ මාත් බැලුවෙ මුට මොකෝ උනේ කියලා”

“මං බලන්නං එහෙනං. අපි එනකන් හිටහන් ගිලින්න ගන්නැතුව උබලා.”

අයෝන් අයියා කෑගහගෙනම හෝල් එකෙන් එළියට දිව්ව ම කිත්මිණ අයියා ලාවට පව්ල් ප්‍රශ්න කියලා බක බක ගගා හිනා වෙවී හිටියා. පස්සෙ අයියා එනවා දැකලා ‘හැමතැන..ම පව්ල් යකෝ’ කියන් ගිහින් පොඩි උන් ටිකව කන්න එලවන්න ගියා. උනුත් නටනවා ආයි ඉතිං..

“සෞරාෂ්, අන්වුන්ස්මන්ට් ටික චෙක් කරපුවා දෙන්න ගියා”

“ඔහ්, ….”

“ම්.. අද යන්න කලින් බීච් එක පැත්තට යං. හානෙ?”

මං ඔළුව උඩ පහළ වැනුවා. පස්සෙ ළමයි හැමෝම කන්න ගත්ත නිසා අපි කට්ටියත් කෑම ටික අරන් කැන්ටිම ගාව එළියෙන් තියන බංකු සෙට් එකට ආවා. අර පවුල නෑ කියලා එවින් අයියා ගියා කිත්මිණ අයියා එක්ක ඩබලව හොයන් එන්න. ටිකකින් කට්ටියම ආපු නිසා අපි කන්න ගත්තා. මුන් නං කවදත් එකයි. කනවා නෙමේ වපුරනවා. අර කන කටත් හරි නං ගිලිනවා කියලා කියන්න ඕනෙ. කාලා බීලා ඉවර උනාට පස්සෙ හවස් වෙද්දි පොඩි ළමයිව යවලා ලොකු ළමයි ආවා. අයාසය ආවෙත් නෑ අද උදේ ශෙයලා කරනමක් ගහලා අඩව්වක් අල්ලලා කියලා බලන්න යනවා කියලා. මූත් යස වැඩ තමා කරගන්නෙ. අපි ප්‍රැක්ටිස්වලටත් ඉඳලා අනික් තිබ්බ අතරමැද අයිටම්ස් හදන ඒවත් බලලා කරලා හයට විතර ඉස්කෝලෙන් බැස්සෙ අරූවත් බලන්න යන්න හිතාගෙන. අයසයට කෝල් කළාම ඌව ගෙදර එක්කන් ආවා කිව්ව නිසා අපි පලතුරුයි චොක්ලටුයි සේරම උස්සන් සෙට් එකම ශෙයලගෙ ගෙදර ගියා.

දෙයියනේ සාරා කෙල්ලව දැක්කෙත් කාලෙකින් අෆ්ෆා. මායි යුගයි ගිය ගාන්ම නැන්දව අරන් වටයක් කරකෝලා නැටුමක් දැම්මම නැන්දා අපි දෙන්නටත් පාරක් දීගෙන හිනාවෙවී හිටියා. මෙව්වා අපේ ගෙවල් තමා යකොව්. පොඩි කාලෙ එහෙම නිවාඩුවලට ඇවිත් සතිය දෙකත් ඉන්නවා. ශෙයලත් ඉන්නවා අණ්ඩක් ඔතාගෙන මේසෙන් තියන් ටීවී එක බලබල. මුට දැන් පණු අමාරුව වගේ ඇති නිකන් එකතැන ඉඳලා.

“හයියෝ බටුස් මොකෝ බං මේ”

“අනේ උවින් අයියෙ මේ.
මාවත් එක්ක යනවකො අප්පා. කැඩිලා නෙමේනෙ මේක පොඩ්ඩක් ටිෂූ එකක් ගිහින් විතරනෙ”

“හා හා මේ උබ ඉඳහන්. පස්සෙ වැඩිකරගත්තම උබට කලර්ස් නයිට් එකටවත් යන්න නෑ”

අයාසය අරූගෙ කතාවට හරහට කිව්වම අරූ පුපුරලා හිටියා. එව්නාට ඕවා විනාඩියයි ඉතින්. අපි කට්ටිය ඉඳලා නැන්දා තේ හැදුවම ඒවත් බීලා ආවා. අයියයි මායි ගෙදර යන්න කලින් බීච් එක පැත්තට ආවා. රෑ උනාට නිවාඩු කාලෙ නිසා වෙනදා තරම් ම බීච් එක හිස් නෑ. පොඩ්ඩක් කට්ටිය ඉන්නවා. අයියයි මායිත් බයික් එකෙන් බැහැලා ඇවිත් වැල්ලෙ දිගේ ගිහින් කඩේකින් වැටුන ලා අඳුරු කහ එළියක් තිබ්බ තැනක පොල් කොටයක වාඩි උනා. ඉඳගෙන ටිකක් වෙලා යද්දි මං අයියගෙ උරහිසට උඩින් ඔලුව තියාගත්තම අයියා මගෙ ඔලුවය ඔඩින් ඔලුව තියලා ආපහු අරන් මගෙ ඔලුව අතගෑවා. එයා එහෙම කරද්දි සනීප නිසා මං එහෙම්ම ඇස් දෙක පියන් හිටියා.

“මහන්සිද නැත්තන් නිදිමතද?”

“එහෙම නෑ”

“හ්ම්.. මොකද්ද කියන්න ඕනෙ කිව්වෙ ම්..”

“දන්නෑ..”

මං ආපහු ටිකක් වෙලා මුහුද දිහා බලන් හිටියා. රැළි දාස්ගානක් ඇවිත් වෙරළට ගොඩ වෙන්න හැදුවත් එයාලවා ආපහු ඇදිලා මුහුදට ම යනවා.

“හීන ඇත්ත වෙන්න පුළුවන් ද අයියෙ?”

“හීන කියන්නෙ ඒවා හීන නිසා සෞරාෂ්. මේ ඇත්ත ලෝකෙ. හීනයක් පේද්දි ඒක නිකන් ප්ලේ උනාට මෙතන වැඩ කරන් යන්නෙ ඔයා.”

“…”

එව්නාට මංම නෙමේනෙ අයියෙ. මං කියන්නෙ මගෙ වැඩ විතරම ද මගෙ ජීවිතේට බලපාන්නෙ. නෑනෙ.

“මං ඊයෙ රෑ හීනයක් දැක්කා…”

————————————————————

හීන බලලා සාස්තර කියන ඈයෙක්ට පුරප්පාඩුවක් තියෙනෝ…

ඉතිං ඒයිලා…ඔයාලා මොනා හරි කියන්න අලෙව්. මතක් වෙන්නෙත් නෑ කියවන්න මුකුත්. 🥲

එතකොට.. මේ තියෙන්නෙ මං නෝමලි සෙනසුරාදාට හෝ ඉරිදට උස්සන් එන චැපිය හොඳේ. දැන් මේ සඳදා වෙලානෙ. හෙහෙ. මන් ගොඩක් වෙලාවට එන්නෙ සතියට දවස් දෙකයිනෙ. පළවෙනියට එන්නෙ බදාදට හෝ බ්‍රහස්පතින්දාට. ඊටපස්සෙ එන්නෙ සෙනසුරාදාට හෝ ඉරිදට. කිව්වාම චුක්කා චුක්කිලාට ලේසිනෙ ඒකයි කිව්වෙ. 😁♥️

ඒනං ඩරුවනේ මං යනෝ හොඳේ..
ආ….තරෙයි ගොම්ඩක් අලෙව්😍
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 43, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 43, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 43 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 43 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 43 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 43 light novel, ,

Comment

Leave a Reply

Chapter 45