Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 44

A+ A-

“සෞරාෂ් මං දිහා බලන්න”

මං ඔලුව බිමට පාත් කරන් අයියගෙන් මූණ හංගන් ඉද්දි අයියා මගෙ ඉස්සරහට ඇවිත් දනිස්සක් නවන් බිමින් වාඩි වෙලා මගෙ මූන එයාගෙ මූන ගානට උඩට කළා. ඊටපස්සෙ මගෙ ඇස් දෙක දිහා මාරුවෙන් මාරුවට බලලා ලාවට හිනාවෙලා මගෙ ඔලුව අතගෑවා.

“ඇයි දැන් මේ? ම්.. එහෙම මුකුත් වෙන්නෑ සෞරාෂ් තේරුනාද? උනත් මං උබව කවදාවත් අතාරින්නෙ නෑ…”

අයියා මගෙ ඇස් දෙක දිහා බලාගෙන ම මගෙ දකුණු අත එයාගෙ වම් අතෙන් අල්ල ගත්තා.

“මේ අල්ලගත්ත අත මං කවදහරි මැරෙනකන් ම මේ විදිහට අල්ලන් ඉන්නවා. උබව තනිකරලා දාලා කොහෙවත් යන්නෙ නෑ සෞරාෂ්. ළඟින් නැතත් දුරින් හරි මං උබ ළඟට වෙලා ඉන්නවා.ම්..”

මගෙ මූනට හිනාවක් ආවම අයියා මගෙ කොන්ඩෙත් අව්ල් කරලා ආපහු මගෙ එහාපැත්තෙන් ඇවිත් ඉඳගෙන ලොකු හුස්මක් පහළට දාලා මුහුද දිහා ම බලාගෙන හිටියා. ටිකකින් කඩේ හිටපු මාමා අපි දෙන්නට ඉස්සො වඩෙයි ප්ලේන්ටි දෙකකුයි ගෙනත් දුන්නා. වඩේ ටික කොළපත් පිඟානක තියපු තෙල් කොළයක් උඩින් තියලා තිබ්බෙ. ඒක ලස්සනයි.

මං තේ බොන්නෙ සාමාන්‍යයෙන් නිමුනම නිසා ඒකටත් පිබ පිබ වඩේ එකක් අරන් හප හප හිටියා. ඒකෙන් එන කරස් කරස් සද්දෙ තමා ශෝක්.

“මොකෝ අප්පා බලන් ඉන්නෙ?”

අයියා හිනාවෙලා ඔලුව දෙපැත්තට වනලා මං දිහාම බලන් හිටිය නිසා මං ප්ලේට් එකේ තිබ්බ ඉස්සො වඩේ එකක් අරන් කටේ එබුවා. දැන් නං අර සූ එකේ කට පුරවන් කන රිළවෙක් වගේමයි අප්පා.

“මේ හලෝ.. ඇත්තට ම එහෙම වෙන්..”

“සෞරාෂ්..”

“ඉතිං අනේ..”

“මේ අහපන් උබයි මායි ඉස්කෝලෙ කිසිම තැනකදි එහෙම අව්ලක් වෙන විදිහකට හැසිරෙන්නෙ නෑ. පිට තැනකදි උනත් මං උබේ නමට කැලලක් වෙන විදිහෙ දෙයක් වෙන්න තියන්නෙ නෑ හරිද? අපි දෙන්නා ගැන වටේපිටේ උන් දැනගෙන අපි දෙන්නාට ඈත් වෙන්න වෙනවා කියලා උබ හීනයක් දැක්ක කියලා ඒක එහෙම වෙන්නෙ නෑ හරිද? මෙච්චර කාලෙකට උබ දැකපු හැම නපුරු හීනෙම හැබෑ වෙලා තියනවද? ම්..”

“නෑ”

“එහෙනං බය නොවී ඉන්න සෞරාෂ්. එහෙම කිසි ම දෙයක් වෙන්නෙ නෑ සෞරාෂ්. මාව විශ්වාසයි නේද?”

“මටත් වඩා.. ඉස්සරහටත් මේ වගේ ම ඔයා මගෙ අත අල්ලන් ඉන්න අයියෙ. මගෙ අත ගැලවෙන්න ගියත් ඔයා මගෙ අත අල්ලන් ඉද්දි මට බයක් නෑ. ම්.. ඔයාව විශ්වාසයි හැමදේට ම වඩා..”

අයියා ඔලුව ඉහළ පහළ කරලා නැගිටලා කඩේට සල්ලි ගෙවලා කරලා මාත් එක්ක රැල්ල තියන පැත්තට ඇවිදන් ගියා. එහෙම ඉඳලා ටිකකින් අපි ගෙදර එන්න ආවෙ හෙටත් උදේ ම ආපහු ඉස්කෝලෙට එන්න ඕනෙ නිසා.

අදත් මං අයියා එක්ක ම ඉස්කෝලෙට ආවා. ගිය ටිකේ ප්‍රැක්ටිස් කරලා ම දැන් නං අයිටම්ස් ටිකත් ගොඩක් ම දුරට හොඳයි. තව දවස් තුනකින් කලර්ස් නයිට් එක නිසා දැන් ඉතින් වැඩ වැඩී. ඊයෙත් මෙතන වැඩ කරලා කරලා ගෙදර යද්දි මහ රෑ වෙලා. පස්සෙ ක්ලාස් යන්න බැරි උන නිසා ඒ රොකෝඩ් එකත් බලලා තමා නිදාගත්තෙ. දවස්‍ යන්න යන්න ඕක බලන්න හිතෙන්නෑ නැත්තන්. දැන් මං මේ ගේට් එක ගාවට වෙලා ඉන්නෙ මං අතිජාත මිත්‍රයා එනකන්. මේකාට මොනාද මන්දා ගන්න යන්න ඕනෙ කියලා මට ගේට් එක ගාවට එන්න කිව්ව නිසා මන් ආවට දැන් මේ මිනිහා නෑ. මුගෙ විනාඩි පහ දිගයි සේරට ම වඩා. මන් ඉතිං විනාඩි පහේ ඒවා හතරක් විතර බලන් ඉද්දි යුගා එනවා පුකට පෙට්‍රල් ගහලා වගේ පිටිපස්ස බල බල. යකෝ මූ එක්කො ඇවිදින්න් ඕනෙ එක්කො දුවන්න ඕනෙ. දෙකට ම නැති ගමනකින් එන්නෙ මේකා.

“මොකද මිනිහො හැරි හැරි එන්නෙ? පැටලිලා පතබෑවියන් කොහෙහරි”

“හෙහ් දන්නැද්ද ඒයි පරණ වන්ඩියක් ගියා ඒක බල බල ආවෙ”

“ඉතින් යකෝ ඕක හරියට බලලා එන්න එපැයි. හැරි හැරි එන්නෙ”

“පරක්කු නිසා ආවෙ. යමන් යමන් චූ බරයි ඕයි”

“දැන් අර කොහෙද්..”

“පස්සෙ යමන් මට චූ බරයි යකෝ. මුත්‍රාශෙ පිපුරුවොත් ඉවරයි. වර යන්න”

යුගා මාවත් ඇදන් ආපහු ඉස්කෝලෙ ඇතුළට ඇවිත් සේරට ම කලින් වොශ්රූම් එකට දිව්වා උගෙ බර නිදහස් කරගන්න කියලා. හොඳ වැඩේ ඕකාට උදේ ලෑස්ති වෙයන් කිව්වම බැහ් බැහ් ගගා හිටියා තව නිදාගන්න ඕනෙ උබ පලයන් මං දවල්ට එන්නම් කියලා. දැන් මෙතන හති ඇර ඇර චූ දානවා.

“ඔය දාඩිය යකෝ මූනෙ පොඩ්ඩක් හෝදගනිංකො”

“හඤේ මයෙ ශුඩු මාත්තයගෙ ආතරේ බලන්නකො. මෙහෙ එන්න මයෙ අම්මා..”

“ඔහෙප් අහකට පල තොගෙ බලු කෙල නොගා. සැක් දාඩියත් මූනෙ යකෝ.”

මූ ඕවා කිව්වට ගනං ගන්නෑ ඇඟේ වෙලිලාමයි යන්නෙ. අපි දෙන්නා පොඩි කාලෙත් මෙහෙමයි. ටීච කොහෙහරි යන්න කිව්වත් අත්දෙක අල්ලන් මොක්කුද එව්න් දෙන්නා වගේ යන්නෙ. ටුබියට කලින් මූ තමා මගෙ මිනිහා. ඔව්වා අපේ ප්‍රසිද්ධ රහස් ඉතින්.
හැබැයි හෝල් එකට ආවා විතරයි මිනිහා නෑ ඌ අලුත් මිනිහා හොයන් ගියා. කොහෙද ඉතින් මගෙ අලුත් මිනිහා කොහෙද දන්නෙත් නෑ.
මං කැරකි කැරකි ඉද්දි එකොළහේ මල්ලි කෙනෙක් ඇවිත් මාව ඇදන් ගියා තොරණ හදන්න කියලා. මුං අපිත් එක්ක ෆිට් උනේ මේ වැඩවලින් ම තමා.

“කොහ් ඕකක් දියන් පාට කරන්න”

“ගන්ඩ අයියෙ ගන්ඩ අප්පා. ඕනතරං තියනවා. අපි ඔවාලට ආදරෙයි හොඳේ බොක්කෙන් ම”

“අනේ තියාගනිං උබලගෙ ලව. වැඩේ කරගන්න තමා උබලත්”

“අර ඉතින් බලහංකො බං. අයියලට අපේ අගේ දැයෙන්නෑ”

“ඔව් ඔව්.. උබලෑ මොන අගයක්ද ඕයි බලහන් දැනුත් අපිනෙ උබලගෙ වැඩ කරන්නෙ”

මං එතන හිටපු මල්ලිලා සෙට් එකත් එක්ක තොරණෙ කෑලි බෑලි ටික පාට කරන්න ගත්තා. නෝමලි තොරණ ප්‍රින්ටඩ් එකක් හරි තැනකට දීලා හදවගත්ත එක්ක හරි ගත්තට මේ පාර අපේ කැපාට එහෙම බෑලුනෙ. සමයං මුංගෙත්. හැබැයි අමුතු ගතියකුත් තියනවා ඒකෙත්.

ටොක් 💦

“ඔහ් සොරි මල්ලි. දැක්කෙ නෑ බං”

“ආ.. කමක් නෑ මිනුර අයියේ. ශේප් ශේප්”

“ඇඳුමෙත් හැලුනද බං. යයිද ඕක”

“හේදුවම යයි අයියෙ කමක් නෑ.”

මිනුර අයියා යද්දි උගෙ කකුල වැදිලා මගෙ පින්සලේ පාට දියකරපු වතුර එක හැලුනා. ටිකක් මගෙ බොටම් එකටත් විසිරුනා. සුදු එකක් ඇදන් ආපු දවසටමයි වෙන්නෙත් මගුල. මං ශේප් එකක් දාගන්නම් කියලා නැගිටලා හෝල් එකෙන් එලියට ආවෙ දැන් හේදුවොත් ටිකක් හරි යයි කියලා හිතලා.

“සෞව්වො කොහෙද යකෝ ගියෙ? මං අරුන්ට ප්‍රැක්ටිස් වෙයන් කියලා එන ටිකටත් උබ අතුරුදහන්”

“මේක යයිද බං. බලපංකො මේහ්. කකුලම ඉවරයි ඕයි.”

“දැන්ට ඔහොම යවහංකො. ලොන්ඩ්‍රි දාලා යවාගමු. මොකද්ද උනේ එතන”

“මිනුරයගෙ කකුල වැදුනා ඕයි. ඌට මුකුත් කියන්න කියල යෑ. ඌත් හිතලා කළා නෙමේනෙ”

“මට නං එහෙම පෙව්න්නෑ.”

“මොකද්ද?”

“නෑ හරි හරි ඕක හෝදගනිං”

“නෑ කියපංකො”

“ඌ ඌමනාවෙන්මයි වැදුනෙ ඕයි. අච්චර ඉඩ තිබ්බ තැන ඇවිත් වදින්න තරං උට කෙළින් යන්නවත් බැරිද කියහන්කො. ඌ එන්නෙ මොකාටද දන්නෑ කොයිකටත් ඇලට් එකේ ඉඳපන්.”

“එහෙමත් එකද්ද..එහෙම උනොත් නං ඌ ඩීඑච්පී කියල බලන්නෑ. උට ඒ රෙස්පට් එකනෙ දීලා තියෙන්නෙ. බලමුකො”

පාට හැලුන ටිකත් හෝදන් ලාවට යවාගෙන මං ආපහු තොරණ පේන්ට් කරන එකත් ඉවර කරලා ඒ ටික මල්ලිලා ටිකත් එක්ක අව්වෙන් තියලා ඇවිත් යුගා ඉන්න තැනට ගිහින් ඌ පුරුදු කර කර හිටපු නැටුම බලන් හිටියා. මේකාට මාර ම ලස්සනට නටන්න පුළුවන්. යුගා වෙස් තිබ්බෙත් නමයෙදි වගේ. එදා මායි අම්මයි බලන්න ගිහින් ඉවරවෙනකන්ම හිටියා. මූ වෙස් ඇඳුම් කට්ටලේට මාරම ලස්සනයි. නටද්දිත් ආයි ඉතින් ඒකට ම හරියන්න නටනවා.

“හම්බොහ් මහන්සී සෞව්වො. වතුර එක දියංකො”

“අල්ලගනිං”

යුගා ඇවිත් දබොක් ගාලා පුටුවට ම කඩන් වැටිලා වතුර එකත් බීගෙන බීගෙන ගියා. අද මූ මහන්සි උනා වැඩී වගේ හැබැයි.

“වරෙන් ප්‍රිෆෙක්ට් එකට යන්න.මුං කනවනෙ දැන්”

අපි කෑමත් අරගෙන හෝල් එකෙන් බැහැලා මූනත් හෝදන් ප්‍රිෆෙක්ට් එකට ගිහින් බලද්දි සෙට් එක බර සාකච්ඡාවක හිටියෙ. අපි ටිකක් වෙලා එළියෙන් ඉද්දි වැඩේ ඉවර උන නිසා රූම් එක ඇතුළට ගියා.
ගියාට මොකෝ මුං ටිකට කන්නවත් සිහියක් නෑ එකෙක් ෆයිල් පෙරලන් ලියනවා ලියනවා ඉවරයක් නෑ. තව ඩබලක් සෙට්ෆිකට්ස් හදනවා. තව එකෙක් කම්පියුටර් එකක් බදාගෙන. තව ඩබලක් ලිස්ට් කියෝ කියෝ හරේ..නැතෝ..හරේ ගානවා. මට පිස්සු වගේ අප්පා. අපි දෙන්නා ගිහින් විනාඩි පහක් විතර බලන් හිටියා. ම්හ්..නෑ. තව විනාඩි පහක් බලන් හිටියෙ නෑ කෙලින් ම ඩෝං ගාලා වතුර බෝතලක් ඇතෑරියා මෙසේට. අන්න එතකොට තමා සෙට් එක මේ ලෝකෙට බැස්සෙ. ඒ බැලුවම කමු කිව්වා ම ඔලු ටික වනලා ආපහු වැඩ. යකුනේ කාපල්ලා මුලින්!!!

“ඕයි අයියෙ”

“ම්..”

“ම්..ම්.. ගාන්නැතුව බලපංකො”

“ම්..”

“කමු එන්න. බඩගින්නෙ ඉන්න එපා”

“ආ..ම්..”

“නී මැටි කව්වො මැරෙන්නැතුව කාලා හිටපන්..”

ඈ යකෝ මේ මිනිහට ගානක්වත් නැති හැටියක්. මං යුගා දිහා බැලුවම ඌත් මූණ ඤොරොක් කරන් බලන් ඉන්නවා. මන් පස්සෙ ඌ ළඟට ගිහින් හෙන කූට ප්ලෑනක් ගැහුවා. දැන් මේ ක්‍රියාත්මක කරන්න හදන්නෙ. මේ අපිට කෑම පිණිස නොවේ ඔබලාගෙ සුභසිද්ධිය සඳහායි..

මායි යුගයි පුටු දෙකක් අරන් ඒ දෙක උඩට නැග්ගා. මුන් සෙට් එකට මෙලෝ සිහියක් නෑ. දැන් ඉතිං කියන්න තියෙන්නෙ..ලයිට්..කැමරා..ඇක්ෂන්!

“නිවාගනිමි ගත වෙහෙස මම මේ දියට බැස”

සැහ් හිනත් යන්න වගේ. එව්නාට එහෙම බෑනෙ. ඒ නිසා මං හිනාව කාගෙන න හිටියා. යුගා ගනට පුටුව පහල පෙන්නලා බෙරිහන් දීලා හෙන අමුතු ටෝන් එකකින් කිව්වා විතරයි අයියලා සෙට් එක අකුණක් ගැහුවා වගේ අපි දිහා බැලුවා. උබලට ඔය අවධානෙ කලින් දෙන්න තිබ්බෙ. එහෙනං මේ කරදර මුකුත් නෑ. හික්ස්.

“කුමරුනි, නිරුවතින්!”

“හැඩ ඇතිනම් ගත..~ හොඳම ඇඳුමයි නිරුවත”

අම්මේ.. මට බෑ අයියෝ.. මං ලාවට වගේ අයෝන් අයියා දිහා බලද්දි පොර ලාවට කටත් අරන් ඇස්පිල්ලනුත් නොගහා ඉන්නවා. මං හිතන්නෙ තාම ලෝඩ් වෙන ගමන්. ආ හරි දැන් ටික ටික ලෝඩ් වෙයි මන් හිතන්නෙ. යුගා අර පාට් එක කියලා එක පාට්ට උගෙ ෂර්ට් එකේ බොත්තම් ටික ගලෝගෙන ගලෝගෙන යන්න ගද්දි අනික් සෙට් එකට කැස්සක් ආවා. හැබැයි උඩ බැලුවට මෙහෙ උළු නම් නෑ ස්ලැබ් එකක් තියෙන්නෙ. අයෝන් අයියට එකපාට්ට මීටර් වෙලා වගේ ගැස්සිලා එන්න ගිහින් තව පොඩ්ඩෙන් පුටුවත් පෙරලන් වැටෙනවා. යකෝ හෙමින් අයියෙහ්!

“යු..ගාන් මොකද්ද මේ කරන්නෙ. ඕක දාගන්න”

“ආ..තවුසෙට සිහිය ආවද? හිටපියන්තව සිහිය ගන්න.”

අයෝන් අයියාගෙ මූණ කන් දෙකේ ඉඳන් ම රතු වෙලා. අරූ තව බට්න් එකක් ගලවන්න යද්දිම අයෝන් අයියා යුගාව අල්ලගන්න පැන්න පාර පුටුවත් එක්ක ම ඩබල පෙරලන් වැටුනා. අරුන් ටික හිනා වෙනවා බඩවලුත් අල්ලන්.

“සෞව්වෝ.. ඉතුරු ටික..”

මං හිනාවත් තද කරන් අපේ ස්ක්‍රිප්ට් එක රඟදක්වන්න ගත්තා. වගකීම එකනෙ.

“ගොඩට එනු සැනෙකින්!”

“à·„à·„à·Š අයියෙ අහකට පලකොහ්..හම්බොහ්..සිටි..මිහ් මම..නිර්..රුවතින්.. යකෝ අහකට පල.”

“යුගාන්!”

බෑ බෑ අම්මෝ. අයෝන් අයියා අරූගෙ ඇඳුම හදන්න හදද්දි අරූට කුචි නිසා පණුගාය වගේ ඇඹරෙනවා. අයෝන් අයියව එහාට කරන්න හැදුවට බැරි නිසා යුගා එකපාට්ට අයෝන් අයියව බදාගෙන කම්මුලට..කැහ් නෑ මේ හරි කට් කට්. ඉවරයි.. එව්නාට දැන් සෙට් එකට හිනාව නවත්තගන්න බැරුව ඉන්නෙ. කිත්මිණ අයියා බිමම ඉඳගෙන හිනාවෙනවා. සසිත් අයියා පුටුවත් පෙරලන් වැටුනා ඩෙස් එක අස්සට. උගෙ මූන පෙව්න්නැතිඋනාට හිනාවෙනව සද්දෙ විතරක් ඇහෙනවා.
එකපාට්ට දොරඇරුන නිසා කට්ටියම ඒ පැත්ත බලද්දි හිටියෙ මිනුර අයියා. පොර තෝන්දුමාන්දු වෙලා හැන්ඩ්ල් එකටත් අත තියන් බලන් ඉන්නවා. ඇයි මෙතන යුගයි අයෝන් අයියයි බිම. සසිත අයියගෙ කකුල් දෙක විතරක් උඩ අතට පේනවා. හැමෝම හිනාවෙනවා. මිනුරයා සෙට් එකම දිහා බලාගෙන ඇවිත් මං දිහා කන්න වගේ බැලුවා. ඒත් ඇයි.. අප්පටසිරි මං පුටුව උඩ. මං පට ගාලා බහින්න ගිය පාර පුටුව පෙරලිලා මාව යුගාගෙ ඇඟට පතබෑවුනා.

“අම්මටසිරි à·„à·”*තො අයින් වෙයන්. කැහ් කැහ්.. අයින් වෙයන් බල්ලො හුම්ම ගන්න බෑ..”

මං පට ගාලා නැගිටලා අර ඩබලවත් නැගිට්ටෙව්වා. සසිත අයියවත් උස්සලා කෙලින් කරලද කොහෙද. ඌ ඒත් කට වහන් හිනාව කාගන්න පට්ට ගේමක් දෙන්නෙ.

“කෝ අරූ? ගියාද?”

“ඈ යකෝ කොහෙ ගියාද?”

අපි බලද්දි මිනුර අයියා නෑ. එවින් අයියා බලද්දිත් ඌ නෑ. අනේ ඔන්නම් ඉන්නෙපැයි. අපි පස්සෙ කෑම කන්න ගත්තා. යන්තං මුං ටිකව පියවි සිහියට ගත්තා. හැබැයි තාම අයෝන් අයිය නං ජම්බු රතු සීන් එකේ ඉන්නෙ. හික්ස්.

මං දැන් මෙතන බයික් එක ළඟට වෙලා පැයබාගයක්. මේ මිනිහා ගිහින් අයෝන් අයියයි යුගා එක්කයි කියෝනව කියෝනව ඉවරයක් නෑ. බැරිම තැන මං හෙල්මට් එක ආපහු බයික් එකෙන් තියලා එතනට ගියා.

“උබලා එකට හිටියා වගේ නෙමේ උදෙන් වරෙන් හොඳේ. හෙට පෙටා යන්න වෙන සීන් එකක් තියෙන්නෙ.”

“යමං එහෙම උනොත්. මුං දෙන්නව දාලා එහෙම්ම යං”

“ආ ආවද? යං”

“ආවද අහන්නෙ හලෝ මං අතනට වෙලා බලන්නෙ හිටියෙ”

“අමතක උනානෙ යං යං”

“යුග්ගො, අයියෙ ගියා..”

“හරේ..”

බයික් එක අරන් පාරට දාලා හැව්ලොක් හරියට එනකනුත් අයියා මුකුත් කිව්වෙ නැති මිසා මං කතා කළා.

“අයියෙ”

“ම්..”

“වැඩක් ද?”

“ඔව් සෞරාෂ් හෙට පෙටා යන්න වෙන සීන් එකක් තියෙන්නෙ. තව බඩු වගයක් මදි. ඒ අස්සෙ මීඩියා එකේ මයික් එකකුත් කැඩිලා”

“මයික් ෆන්ඩ් එකෙන් දෙන්නැද්ද?”

“දැන් මේ හදිස්සියෙ නිසා නාලක සර් කිව්වා පෙටාවලින් ගන්න. බිල් එක දෙමු කියලා”

“ඔහ්. එහෙ බඩු ගද්දි බලාගෙන. දන්නවනෙ”

“ඔව් ඒක තමා බං. අනේ මන්දා දවස් මදි වගේ බං දැන්”

“එහෙම නෑ අයියෙ. අව්ලක් වෙන්නෑ.”

“හ්ම්..”

අයියා එයාගෙ එක අතකින් මගෙ අතක් ඉස්සරහට අරන් පපුව හරියෙන් තියාගත්තා. එයා මෙහෙම ස්ට්‍රෙස් එකේ ඉද්දි අමුතුයි වගේ. වෙනදට බුම්මන් හිටියට ඉතින් මූන දැක්කම මට පෙන්නන ලස්සන හිනාවක් තියනවා. අද එහෙම නෑ. මූන අඳුරු වෙලා. මහන්සි පාටත් වැඩී.

“මේ ටිකේ උබව මිස් උනොත් මට කතා කරපන් හරිද? පරිස්සමෙන් ඉඳපන්.”

“එහෙම නෑ අයියෙ. උබ මං ගැන ඕනවටත් වඩා බලනවා.”

“ම්..”

අයියා මාව ගෙදරින් දාලා එහෙම්ම යන්න හැදුවට අම්මා බලෙන් ම ගෙට එක්කන් ගිහින් මූන හෝදගන්න කියලා කිරි එකක් හදලා දුන්නා. පස්සෙ දෙන්නා කයියක් ගහන් ඉඳලා ගියා. අම්මයි අයියයි එහෙම කතා කර කර ඉද්දි බලන් ඉන්න ආසයි. මං උඩ වැටෙන් එබිලා එකපාරක් බලද්දිත් දෙන්නා හෙනට සිරික්කිය දාන් කියෝනවා.

අයියා ගියාට පස්සෙ මං අම්මා එක්ක කෑම මේසෙට ආවා. ඊයේ අම්මා පොළොස් හැදුවා. දවසක් විතර යද්දිනෙ ඕකට පහේ එහෙම අල්ලලා සෙට් වෙන්නෙ. දැන් ඉතින් අර තෙල් පෑදිලා සුපිරියට තියනවා. අම්මා රෝස් පානුත් අරන්. මෙව්වා තමා ඩෝ නියම කම්බිනේෂන්ස්. ආයි ඉතින් බඩ පැලෙන්න කෑවැහැකි.

————————————————————

ආවා සොයා ආතරේ… 😁♥️

පොළොස් ලවර්ස්ලා ඉන්නවදෝ.. 👀

Meanwhile සෞව්වා: සුදු බොටමෙ ඇයි පේන්‍ට් හැලුනෙ – දැන් නම් ඉතින් ගෙදරින් බනී අයියො.. 🫠✋

පොඩි මෙව්වා එකක් තීනෝ හලෝලා කියන්ඩ. 👉👈
කයේල්ගෙ වීව්ස් 10K පන්නලා හත්දෙයියනේ!!! (ජංගිය ඇදන් කටවහගෙන දුවන අයියගෙ ස්ටිකරේ)
හැමදාමත් වගේ කයේල් කියවන, කමෙන්ට් කරන, වෝට් කරන, රීඩින් ලිස්ට් ඇඩ් කරන මගෙ චුක්කා චුක්කි බබාලා වෙනුවෙන් මාගෙ ආමාශයපිරි ප්‍රණාමය!😌♥️

ඒනම් මං යනෝ සව්දිය පුරන්ඩ. (වතුර අඤේ..මතින් තොරයි😌)
ආතරෙයි පාන් කෑල්ලක් තරම් 🍞♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 44, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 44, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 44 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 44 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 44 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 44 light novel, ,

Comment

Leave a Reply

Chapter 46