Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 45

A+ A-

“මල්ලි..ඕයි මේක අල්ලහං බං. ආ ඔව් හරි ඔතනින් ඇණ ගහපන්.”

“කෙළින් නැතෝ..තව ඔහෙන් පහළට ගන්න.”

“නෑ බං උබේ පැත්තෙන් ගනිං. ආ හරි හරි. වැඩී යකෝ කලින් ගාන හරි”

“ඔට ලණු ටික දියං ඉක්මනට”

දවස් ගියා මොනවද වගේ. කලර්ස් නයිට් එකට කලින් දවසට ම ඇවිත් කොහොමහරි. දැන් ඇති හවස හතරට විතර. කට්ටියක් ගේට් එක ගාව තොරණයි හෝල් එකේ එන්ට්‍රන්ස් එකේ තොරණයි සේරම සවි කරනවා. කට්ටියක් හෝල් එක ඇතුළෙ තාම රියසල් කරනවා. සමහරු මිස්ලා කියන වැඩවලට එහෙ මෙහෙ දුවනවා. වැඩ ගොඩයි.

“අයියෙ තව ගැටයක් දාමුද? පොඩි එකෙක් එහෙම එල්ලුනොත් විනාසයි”

“අප්පා ඔව් නෙහ්. අල්ලං ඉඳහං එහෙනං ඔහොම පොඩ්ඩක්”

ගේට් එක ගාව වැඩ ටිකටත් උදව් කරලා මං හෝල් එක ඇතුළට ඇවිත් යුගාට එහා පැත්තෙන් ඉඳගත්තා. ඌ ඉස්සරහ පුටුවකට ඔලුව තියාගෙන හිටියෙ. නින්ද ගිහිල්ලදත් මන්දා. මූ නං අම්මපා මේ ටිකේ බාගෙට මැරිලා වගේ ඉන්නෙ. වැඩ නිසාද මන්දා එව්නාට අනේ මන්දා කෑවෙත් නෑ දවල් බෑ මහන්සී කියලා.

“යුගා..ඒ බං නැගිටහං..උබ නිදිද?”

“ම්හ්ම්..”

“නැගිටහං මුලින් ම. මහන්සිද උබට?”

“ඔලුව රිදෙනවා ඕයි”

“නැතුව තියෙයිද කාලාත් නෑ තමුසෙ. වරෙන් කන්න යන්න”

“අනේ බෑ බං කන්න බෑ”

“මගෙන් කුනුහර්ප අහගන්නැතුව ඉඳපන් තෝ. මැරෙන්න මහන්සි වෙනවා මෙතන තව නොකා ඉඳලත් හරියනවද?”

මං යුගාවත් ඇදගෙන පී ඇන්ඩ් එස් එකට ගියා. මේ අවේලාවට බත් නෑනෙ කඩවල්වල. ගිහින් රෝල්ස් තුනකුයි ප්‍රේස්ට්‍රියකුයි අයිස් කොෆීඑකයි චොක්ලට් මිල්ක් එකකුයි අරගත්තා.

“ආ කාපන් මැරෙන්නැතුව”

“යකෝ රෝල්ස් දෙකයි, පේස්ට්‍රියයි, කිරි එකයි..තෝ හිතුවද මගෙ බඩ බේසමක් කියලා”

“පානිය නොදා කාපන්. මං නොදන්න උබේ කෑම. කාපන් ඕක”

“මලවදේ උබෙන්..
අරුන් ටිකත් ඇදන් එන්න තිබ්බෙ බං දන්නවනේ මේ ටිකේ කෑම ගැනිල්ල”

“උබත් එකයි උනුත් එකයි තමා. ඔය ගියෙ ජෙනියක් ගේන්න කියලා”

“ආ ඒසී එකට නෙහ්?”

“හ්ම් හ්ම්.. කාපන් ඕක ලතවෙන්නැතුව.. අතගාන්නෙ”

කාලා ඉවර වෙලා අපි අර සෙට් එකටත් කෑම අරන් වැඩ කරන කොල්ලො ටිකටත් බීම බෝතල් ටිකක් උස්සන් ඉස්කෝලෙට ගියා.

“මගෙ බෑග් එකේ පෙන්ඩෝල් ඇති අරන් බීලා ඉඳහන්”

“හා..”

“මල්ලි, පුටුවල අංක ටික ගැහුව ද බං? වරෙන් යන්න”

.
.

“ආ.. ඔව් සර්”

“යන්න කලින් භාරදීලා යන්න කියන්න පුතා. ෆෑන්ස් ඕෆ් කරලා යන්න. ඕකෙ?”

“ඕකෙ සර්”

නාලක සර් හෙන ලිස්ට් එකක වැඩ කියලා ගියා. කෝ මේ යක්කු ටික තාම නෑනෙ. එවින් අයියත් ඉඳලා චූ බරයි කියලා ගියා ඌ ලැට් හදනවද කොහෙද..

“කෝ ඔලුව උස්සහං මේක ගාන්න”

“ඇහැ යකෝ..”

“ගෑවා වගේනෙ උබ බෙරිහන් දෙන්නෙ.
ඔඩොක්කුවෙන් ඔලුව තියාගනිං ලීයෙ එපා. කොලෝන් ටිකක් ගාමු.”

මං ෆස්ට් ඒඩ් එකෙන් කොලෝන් බෝතලෙත් අරන් යුගාගෙ ඔලුවට දාලා ඔලුව අතගෑවා. එකපාට්ට දොර ඇරුන නිසා බලද්‍දි අයියලා ඇවිත් හිටියෙ. යුගාට ඒ ටිකට නින්දත් ගිහින්..ආ නෑ පැය බාගයක් ගිහින් නෙහ්.. එච්චර වෙලා ගියෙ කොහොමද අප්පා.

“මල්ලි?”

අයෝන් අයියා යුගා නිදන් ඉන්න නිසා සද්දෙ අඩු කරලා ඇයි කියලා මගෙන් ඔලුවෙන් යුගාව පෙන්නලා ඇහුවා. මන් විස්තරේ කිව්වම අයෝන් අයියත් මූන අව්ල් කරන් අයියා දිහා බලලා ආපහු යුගා දිහා බැලුවා.

“මල්ලිව එක්කන් පලයන් අයෝන්. ඉතුරු ටික අපි බලන්නං”

“පුළුවන්ද උබලට?”

“ලොකු වැඩක් නෑනෙ උබලා පලයන්.”

පස්සෙ අයෝන් අයියා යුගාවත් එක්කන් පහළට ගිය නිසා මන් ගිහින් උන් දෙන්නාගෙ බෑග් ටික දීලා ආපහු ප්‍රිෆෙක්ට් රූම් එකට ආවා.

“ඒ..පොඩි ඇටයො”

“වෙන නමක් නැද්ද හලෝ?”

“ඇටයට ඇටයා නොකියා බිජුවා කියන්නයෑ.”

“පලයං අයියෙ යන්න. දැන් මොකද්ද කියන්න ගියෙ?”

“අමතක උනා. පල පල වද නොදී”

මුං සේරටම ආයි හොඳම එකෙන් පිස්සු. ඒකත් තදටම.. අනිවා ශුවර්.

“නිදිමතද?”

“ඈ?”

“ඔලුව වදී මේසේ ඔහොම නිදිකිරලා”

“ම්හ්ම්.. ඉවර වෙන්නැද්ද ඕක?”

“අන්තිම හරිය සෞරාෂ්. ඔහොම ඉන්න පොඩ්ඩක් චෙක් කරලා ඉවර උන ගාන්ම මේ ටික දුන්නා ගියා.
බෑග් එකේ හැක්ස් ටිකක් ඇති බලන්න”

“එව්වා නං හොඳ වැඩ”

යකෝ! මාමා හැක්ස් එකේද වැඩ කරන්නෙ? මං හැක්ස් ටිකත් උස්සන් ඇවිත් එකක් අයියගෙ කටට එබුවා.. අයි මීන් හැක්ස්. දැන් සෞරාෂ් පප්පා ටොපි බෙදන්නලු යන්නෙ..

“සසිතයියෙ අල්ලගන්ඩෝ..”

.
.
.

“සෞ.. පුතා නැගිටින්න ළමයො. පරක්කු නැද්ද?”

“ම්හ්ම්..නිදාගන්න දෙන්න..ම්හ්ම්..”

“මට නං කමක් නෑ නිදාගත්තට. නවයයි හොඳේ.. ඔයාට තමා පරක්කු වෙන්නෙ”

අයියෝ.. බෑ අප්පා. ඇයි මෙච්චර ඉක්මනට වෙලාව යන්නෙ. හුවෑ.. මං නිදිමරගාතෙම නැගිටලා ගිහින් වොශ් එකක් දාගෙන ඉස්කෝලෙට යන්න රෙඩී උනා.
ඇත්තට ම කිව්වොත් පස්සෙ තමා මතක් උනේ අද කලර්ස් නයිට් එක කියලා. දන්නැද්ද ඉතින් පොඩ්ඩ පොඩ්ඩ…
අද බස් එකෙන් ගියෙ ඉස්කෝලෙට අයියා උදෙන් ම ගියා වැඩ තියනවා උබ බුදියගනිං කියලා. එහෙම නෙමේ කිව්වෙ එව්නාට එහෙම තමා කිව්වෙ. මන් ගිය ගාන් ම කෙළීන් ම ගියෙ රිෆ්‍රෙශ්මන්ට්ස් ලෑස්ති කරලා තිබ්බ තැනට. නෑ නෑ අප්පා කන්න නෙමේ එහෙම කරනවද අයියෝ මන්. මට ඩියුටි දාලා තිබ්බෙ එතන. ගැළපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව කියලා දිමංක අයියා කිව්වෙ නිකන්ද? නෑ ඇඳුමක් ඇඳගෙන..

හවස දෙකට පටන් ගන්න තිබ්බ නිසා එක එකහමාරෙ වගේ ඉදන් පේරන්ට්ස්ලා පොඩි ළමයි එහෙම එන්න ගත්තා. පස්සෙ අපිත් අපේ බ්ලේසර්ස් එහෙම දාගෙන බැජ් ගහගෙන රෙඩී උනා.

මුලින් ම ගෙස්ට් ලා ටික ආවට පස්සෙ පොල්තෙල් පහන දල්වලා පාසල් ගීතෙත් කියලා ඉවර උනාට පස්සෙ ස්කූල් ඇන්ඩ් ස්පෝර්ට් හිස්ට්‍රි එක ගැන තිබ්බ වීඩියෝ එකක් ප්ලේ කළා. ඒක ඉස්කෝලෙ ස්පෝර්ට්ස් පටන් ගත්ත කාලෙ ඉදන් පස්සෙ ස්පෝර්ට්ස්වලින් ආපු ඉන්ටර්නැෂනල් අවෝර්ඩ්ස්, අයිලන්ඩ් අවෝර්ඩ්ස්වලට වෙනකන් ම විස්තර එක්ක තිබ්බ ශෝට් වීඩියෝ එකක්. ඊටත් පස්සෙ ගර්ල්ස් එකේ කෙල්ලො ටික ඇවිත් පූජා ඩාන්ස් එක කළා. උන්ට කැතයි කැතයි කිව්වට ඉතින් ලස්සනයි තමා. විහිලුවට ඕවා කිව්වට ඇත්තටම කෙල්ලො ටික පට්ට ටැලන්ටඩ්.

“Give an another applause for that enchanting performance and thank you sisters!
We now invite the head prefect of **** college for year twenty twenty five and twenty twenty six Kithmina Udeewya to welcome the gathering.”

“Good evening everyone I’m the head prefect of ***college for year two thousand and twenty five and twenty six. May I have my start by this..Don’t say no to sports…”

කිත්මිණ අයියගෙ කතාවෙන් පස්සෙ තිබ්බෙ කලර්ස් දෙන්න පටන් ගත්තා. ඔය අතරමැදදි ප්‍රින්සිපල්ගෙ ගෙස්ට්ස්ලගෙ ස්පීච්ස් තව අපේ කොල්ලොන්ගෙ පෆෝමන්ස් එහෙමත් තිබ්බා. මන් මිස් කරන්නැත්තෙම යුගාගෙ ඩාන්ස් එක තමා. අපේ බුලට් එක..

“By next we would like to invite our deputy principle Mr.Sarath Jayakody and grade eleven sectional head Mrs.Kumarihami to the stage for distribute the colours.”

රියර්සල්වලදි තිබ්බ විදිහට දැන් අපේ ටික දෙන නිසා මන් හෝල් එක එළියෙන් ගිහින් ලයින් එකට ජොයින් උනා. දැන් ඉතින් වෙන්නෙ නම කියනවා එතකොට ස්ක්‍රීන් එකේ ෆොටෝ එකවැටෙනවා අපි යනවා හෑන්ඩ්ශේක් කරනවා මෙඩ්ල්ස්, සෙටිෆිකට්ස් ගන්නවා එනවා. ඔච්චරයි. හැබැයි සතුට කියන්නෙ කලර්ස් ලොට් එකක් තියෙද්දි තමා. සමහරවෙලාවට එකළඟ සෙට් වෙද්දි ස්ටේජ් එකෙන් බැහැලා ආපහු දුවන් එනවා. එව්නාට ස්ටේජ් එකට නගිද්දි ඒ එන අමුතු ගතිය..ඒක වෙනම එකක්.

” Roller skating..
Chamod soyza
.
Nuwiru Sri Eakanayaka
.
Eaden De Abrew
.
Saurash Wijesinghe…”

මගෙ නම අනවුන්ස් කළත් එක්කම මන් ස්ටේජ් එකට ගිහින් සර්ත් එක්ක හෑන්ඩ් ශේක් කරලා මෙඩ්ල් එකයි සෙටිෆිකට් එකයි අරන් බැස්සා. එව්නාට තව යන්න තියනවනෙ.. ජිංගි ජිකා.. මට පස්සෙ හිටියෙ තවිරුවා. එව්නාට මට පේන්නෙ උට කෙලින් යන්න බැරි ලෙඩක් තියනවා වැදීගෙන ගියෙ. පව් හැබැයි ඩයල් එක. හැරමිට්ටක්වත් සෙට් කරලා දෙන්න වෙයි වගේ. තරුණ ජීවිතනෙ මොනවා උනත්.

ආපහු මට ස්ටේජ් යන්න තිබ්බෙ අන්තිම හරියට සෙට් වෙන්න වගේ. අන්තිම හරිය කියන්නෙ ඉතින් රෑ අට නවය තමා. ඒවයින් පස්සෙ ඉවරවෙන්න කිට්ටු වෙද්දි මන් ආපහු රිෆ්‍රෙශ්මන්ට් තිබ්බ තැනට ගිහින් ප්‍රිෆෙක්ස්ලා ටිකක් එක්ක ඒ ටික හෝල් එකේ එක්සිට් එක ගාවට ගෙනාවා. අන්තිමට ජාතික ගීය කියලා ඉවර උනාට පස්සෙ කට්ටිය එළියට එද්දි දීගෙන දීගෙන යන්න තිබ්බෙ. හැබැයි පන යනවා ඉතිං කී දෙනෙක් කියලද. යන යන එක්කෙනාට take care කියලම කට රිදෙනවා දැන්නම්.

“සෞව්වො වරෙන් යන්න ෆොටෝ එකක් ගහන්න.”

සෞව්වා එක පාට්ට සෙනඟ අස්සෙන් මතු වෙලා මාවත් ඇදගෙන එළියට දිව්වා. කොහොමහරි මන් විතරයි එතන අඩුවෙලා තිබ්බෙත්. අපේ අම්මලයි අයියලයි සෙට් එකම එතන හිටියා කදේ දාන්. දැන් තමා අම්මවත් දැක්කෙ කොහොමහරි.

“ඔය ගම්මිරිස් ඇට ටික පල ඉස්සරහට මෙතන මැද්දෙ ඉද්දි තොපිලගෙ කෙස් ගහක්වත් පේන්නෑ.”

“හරේ දෙක දාපන්.. බටර් කියපන්.. එකායි දෙකායි තුනායි ගැහුවා..”

“කොහෙද යුගාන් දුවන්නෙ ඉඳපිය ඔහොම. අභී එකක් ගනිංකො”

එකක් ඇද්ද දන්නෑ ලොක්කට. දෙයියනේ මයෙ මිනිහා එක්ක මන් ගැහුවෙත් නෑ..මන් කිව්වෙ ෆොටෝ. පස්සෙ මන් යුගා එක්කයි අයාසයයි ශෙයලා එක්කයි ෆොටෝ ගගහා ඉද්දි පරදේසක්කාර රිළවෙක් ඇවිත් මගෙ බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තියලා ෆොටෝ එකක් ගත්තෙ නෑ මූන හතරැස් කරන් බලන් හිටියා. මන් ඉතිං සියලු සත්ත්වයාගෙ දුක දන්න මනුස්සයා නිසා ගිහින් එකක් ගැහුවා. නෑ නෑ මේ පාර ගැහුවෙ ෆොටෝ නෙමේ පුපට ගැහුවෙ. හෙහ්. තරුණ අසහනේනෙ ඉතිං. ඊටපස්සෙ තමා ෆොටෝ එකක් ගත්තෙ. අපි ඔව්වා කරලා හෝල් අස් කරලා එනකන් අම්මට ඉන්න බෑ කියලා අම්මා චූටි නැන්දා එක්ක ගියා. අපි ගිහින් හෝල් එකත් අස් කරලා පුටු හදලා කරලා ඉවර වෙලා ආවා. මගෙ මිනිහාව උගෙ අලුත් මිනිහා එක්කන් යන්නං කිව්ව නිසා මන් අයියා එක්ක බයික් එක ගාවට ආවා. එද්දි මන් මෙඩ්ල්ස් ලොට් එකක් හම්බුන එකේ සතුටට චුක්කියක් දෙන්න හැදුවා. කොහෙද කිසි උනන්දුවක් නෑනෙ. ඒකෙ වාඩුව විදිහට මන් ගේ ගාවින් බහින්න කලින් ටුබියගෙ උරහිස හව් ගාලා කෑල්ලක් ගැලෙවෙන්න හපාකාලා ආවා. ණය තියාගන්න එපා කියලා අපිට පොඩි කාලෙ ඉඳන් උගන්නලා තියෙන්නෙ…

————————————————————

ආවා සොයා..
ආවා සොයා..
ආවා සොයා..
චුක්කිලා..~ 🙃♥️

පාට රෑ ඔහොම ඉවර උනාලු ඉතින් හොජේ.

කොරි වෙන්ඩෝනෙ කලින් දවසෙ එන්න බැරි උනාට. 🥲💔

තව සති හතකින් විතර මේ අවුරුද්දත් ඉවරයි. හෙහේ. ඒ කියන්නෙ හැම..තැනම සේල්. ඉතිං හලෝලා මන් නං කියන්නෙ ඔය අඩුවට තියන තැනකින් හොටු ලේන්සු එහෙම අරන් තියාගන්ඩලා.🤧මාත් බලලා හොඳ හයිය බේසම් දෙක තුනක් ගත්තා.🫣

මේ මන් යන්නං නෙහ්? හෙහේ..
හොටු ලේන්සුවක් තරම් ම ආතරෙයි♥️
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 45, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 45, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 45 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 45 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 45 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 45 light novel, ,

Comment

Leave a Reply

Chapter 47