Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 46

A+ A-

“බෑ අප්පා.. අනේ නැන්දේ.. මේ මනුස්සයා මාව මරන්න හදනෝ..”

“අභී මොකද ඔය චූටි පුතා කෑගහන්නෙ”

“නෑ අම්මා මේ ගානක් වරද්දනවා කියලා කිව්වම ඒකට මේ”

“බොරු නැන්දේ මේ මනුස්සයා මාව මර්හ්ප්ක්ගහ්ම්.. ම්..”

“ආව් සෞරාෂ් හපන්න ඔට්ටු නෑ”

“අනේ මේ තවුසෙට මාව හුස්ම හිරකරලා මරන්න හොඳ නං මං තවුසෙව හැපුවාම මොකද?”

“එහෙමද?”

“ඔව් එහෙම තමා ඇයි ඔයා?”

“ඇයි මං නෙහ්? ඔහ්..”

“පුතාලා මං චූටිව එක්කන් එන්නං හොඳේ. දෙන්නා මරාගන්නැතුව ඉන්න හොඳේ”

මං මේ රිළවලෑ දිහා ආවා පාඩම් කරන්න කියලා. මොන පාඩම් ද අප්පා මේ රිළවා හෙන ම කලහකාරී. ඇයි යකෝ මං කියන්නෙ මොන රටේ ඉන්න මොන ගුරුවරයද ගානක් වැරැද්දුවම ළමයව මරන් කන්න හදන්නෙ. එහෙම බෑනෙ. ගාන වැරැද්දුව ම චුක්කියක් දීලා කියලා දෙන්න ඕනෙ.ඒකට මේ මනුස්සයා. හුහ්. වැඩේ කියන්නෙ අද යුගාත් ආවෙ නෑ මොකද්ද වැඩක් වැටිලා. මොකද්ද වැඩක් කියන්නෙ මොකද්ද මන්දා කිව්වා මට මතක නෑ. කොහෙද මන්දා යනවා කිව්වා. කොහොමහරි දැන් ඒකෙන් උනේ මට මේ රිළවා එක්ක තනියම ඉන්න උන එක. ඇයි නැන්දාත් චූටිව එක්ක එන්න ගියා කියන්නෙ තව පැයක් දෙකක් යනවනෙ..

“මේ”

“ම්..”

“බඩගිනී නේ දැන් ඇති නෙහ්”

“ම්..”

“අනේ..I’m hungry අප්පා”

“Oh hi hungry, I’m Abishek”

“මොක්.. යා..අයියෙ තව්සෙ කනවා මගෙන්”

“ඉතින් උබමනෙ කිව්වෙ උබ හන්ග්‍රි කියලා මන් යෑ. ඒකයි මන් මාව ඉන්ට්‍රඩියුස් කළේ.”

“à·„à·„à·Š හා ශෝක් විහිලුව හරීයට හිනා යනවා.
දැන් හරිනෙ යමන්කො අයියෙ බඩගිනී යකොව්”

“උබටත් ගානක් හදන්න ගිහාම තමා සේර ම ගිනි එන්නෙ. නටන වෙලාවට බලන්න ඕනෙ මොන ගින්නක්වත් නෑ”

“එහෙම තමා මොළේ වෙහෙසද්දි බඩගිනි එනවා.  තව්සෙ කොහෙ දැන්ගන්නද මොළයක් නෑනෙ. ශල්‍යචර්මියෙක් ඕයි තව්සෙ”

මං අයියවත් බලෙන් ම ඇදගෙන ගිහින් කෑවා. ලැජ්ජාව අප්පා මේ කොල්ලගෙ. එහෙම බෑනෙ මං කියන්නෙ. කන්න මොකටද ලැජ්ජ වෙන්නෙ. කෑම තියෙන්නෙ මොකටද.. කන්න.

කාලා බීලා වැඩ කරලා ඉවර කරලා එන්න කලින් කොහොමහරි බට්ටිච්චි එක්කත් පොඩ්ඩක් නටලා තමා මන් එන්නෙ. නැත්තන් ඒ කෙල්ල මට එන්න දෙන්නෑ. එයාගෙ මේකප් දාන වැඩයි සෙල්ලම් ගෙවල් දාන ඒවයි  සේරම කරන්නෙ මාත් එක්ක. කොහෙද අර පොල් ගහක් වගේ ඩයල් එකක් හිටියට වැඩක් නෑනෙ. ඒක බට්ටිච්චි එක්ක සෙල්ලමක්වත් කරනවා යෑ. වෙලාවකට උස්සලා අරන් බට්ටිච්චිව උඩ දානවා. චූටි නැන්දා ඉතින් කෑගහනවා. හැබැයි බට්ටිච්චිත් ඒ වැඩේට හෙන ආසයි. ඉස්සර තාත්තා චූටිවත් ඔහොම උඩ දානවා. ඒ වෙලාවට එයත් මහ හයියෙන් හිනාවෙනවා ගෙදර දෙක වෙන්න.

“සෞරාෂ්..”

“ඕ.. කියන්න”

“එක්සෑම් එකට තව ටික කාලයයි හරිද? මහන්සි වෙලා වැඩ ටික කරන් ගොඩදාගමු..ම්..”

“හරි. මන් කරනවා අයියෙ කොහොමහරි. හැමෝම වෙනුවෙන් කරනවා”

“හැමෝට ම කලින් උබ උබ ගැන හිතලා වැඩ කරපන්. උබ උබට ඕන තැනට ගිහින් සතුටින් ඉද්දි වටේ ඉන්න උන්ට සතුටුයි තමා. මේ කාලෙ ඔහොම මහන්සි වෙලා වැඩ කරලා තැනකට  යන්න. සතුට හම්බෙන තැන්වලදි ඒක විඳහන්. පස්සෙ උබ උබේ හීනෙට ගිහින් හැරිලා බලද්දි උබ කැපවීම් කරපු වගේ ම සතුට විඳපු ලස්සන කතාවක් දිහා බලලා උබට සතුටු වෙන්න පුලුවන් වෙයි. තේරුනාද?”

“හ්ම්.. තැන්ක්ස්”

“මොකටද?”

“දන්නෑ.. හැමදේට ම”

“ම්.. උබේ හීනට පලයන්. එතකොට තමා තෑන්ක්ස් කළා වෙන්නෙ.
ආ..සෞරාෂ්..”

“කියන්ඩෝ..”

“ක්‍රිස්මස්වලට එළියට යමුද?”

“කොහෙ?”

“කොහෙ හරි යමු”

“හා”

සිරාවට නෙහ්. ක්‍රිස්මසුත් එනවා. අමතක වෙලා තිබ්බෙ. මන් නෝමලි ක්‍රිස්මස් සමරනවා ඉස්සර ඉඳන් ම. මන් බුඩිස්ට් තමා එහෙමයි කියලා සමරන්නෙ නැතුව ඉන්න ඕනෙ නෑනෙ. අනික අපේ තාත්තගෙ අම්මා කැතලික්. මන් ආච්චි එක්ක ඉස්සර පොඩි කාලෙ ඉඳන් ම චර්ච් එහෙම ගියා. ඉස්සර ආච්චිලගෙ ගෙවල් ගාවනෙ හිටියෙ. ඒ කියන්නෙ අවිස්සාවේල්ලෙ. පස්සෙ අපි මන් එකේදි විතර මෙහෙට ආව නිසා ඒක මගඇරුනා. හැබැයි පුරුද්දට වගේ මන් තාමත් සමහර දවස් සෙලිබ්‍රේට් කරනවා. ලොකුවට නැතත්  පොඩියට හරි.

📱පුංචි මමයි කේතලෙයි
මහාතයි කොට්..

“හෙලෝ කවුද මේ?”

“සුදු පුතා මේ මන්”

“අප්පටසිරි සුදු දෝණී. නම්බර් වෙනස් කළාද. මොකද්ද මේ නම්බරේ?”

මන් සුදු දෝණි කියලා කිව්වා විතරයි අයියා ටුක් ගාලා සයිඩ් කන්නාඩියෙන් මන් දිහා බැලුවා. මන් ඇහැක් ගහපු පාර ආපහු ඉස්සරහ බලාගත්තා.

“පරන සිම් එක මොකද්ද උනා කියන්නකො කොල්ලො. මේ ඒක නෙමේ පොඩි බඩ්ඩක් තියනවා කියන්න”

“මොකද්ද අප්පා බඩ්ඩ?”

“මන් ලංකාවට එනවා කොල්ලො අනිද්දට. යුග්ට කියන්න එපා හොඳේ. එයා දන්නෑ. සප්‍රයිස් කරන්න ඕනෙ එයාව”

“ආව් ආව් සුදු දෝණියා එනවද ඉතින්. එලම අපි යුගාගෙ බොක්ක ගැලවෙන සප්‍රයිස් එකක් දෙමු. ඉතින් ඉතින් කෙල්ලෙ මොකෝ දැන් කරන්නෙ එතකොට?”

“ඔයාලා පෝට් එකට…”

මගදි ආපු කෝල් එක කොහොමහරි මන් ගෙදරට එද්දිත් කියෝ කියෝ ආවෙ. අයියා යනවා කියලා ගියාට පස්සෙ මන් ගේ ඇතුළට ආවම අපේ අම්මටත් එයාගෙ අතිජාත යාළුබාගෙ එක්ක කතා කරන්න ඕනෙ කියලා මගෙන් ෆෝන් එකත් උදුරගෙන ගියා. ගිහින් ඒ දෙන්නා කියෝනවා ඉවරයක් නෑ. අපේ අම්මයි යුගාලෑ අම්මයි ඉස්සර ඉඳන් යාලුවොලු. ඒ කාලෙ ෆෝන් තිබ්බෙ නැති නිසා ඉස්කෝලේ කාලෙන් පස්සෙ කට්ටියව මගඇරුනලු. කොහොමහරි ඩබලව ආපහු සෙට් උනේ අපි නිසා තමා. බලන්න ඉතින් ඒකෙත් හැටි. ඔය කෝල් එක දැන් ම ඉවරවෙන්නෙත් නැති එකේ මන් ගිහින් වොශ් එකක් දාගෙන පහළට ආවා. යන්තං කියලා ඔන්න එතකොට නං කෝල් එක ඉවරයි. මදෑ ඉතින් පැයක් විතර කියෙව්වම. දැන් ඉතින් වෙන මාතෘකා නෑ ඕක තමා.

අරවා මේවා කර කර ඉඳලා මං නිදාගන්න කියලා ඇඳට ආවට පස්සෙ කෝල් එකක් ආවා. බලද්දි යුගා. මූ දැනගෙනවත්ද දන්නෑ.

“තෝ මැරිලද පගෝ?”

“ඔව් කියපන්. මේ වලේ ඉඳන් කතා කරන්නෙ”

“සිග්නල් තියනවද දන්නෑ?”

“ඒවා එල. මොඩිවයි කරපු පෙට්ටියක ඉන්නෙ.
දැන් තෝ මොකෝ ගත්තෙ. වදදෙන්නැතුව කියපන් ගත්තෙ ඇයි කියලා”

“ආ තෝ එහෙමයි නේ. තොගෙ ඔය මිනිහට කලින් මන් තොගෙ මිනිහා උනේ සෞ ඇටයෝ. තෝ ඕවා අමතක කරන්න එපා”

“එහෙම කොරනවද මිනිහො. ඔවා මගෙ ලෝකෙ ඒයි.
කියපිය දැන්වත්”

“ආ මේ උබට කියන්න ඕයි අද මාර වැඩක් උනානෙ. අද මන් ෆ්ලෙමින්ගෝ එක ගාවදි අර මිනූ ද මනූ ද මන්දා කෙල්ලව දැක්කා කියහංකො.”

“සිරාවට?”

“ඔව්. ඒ කෙල්ල හිටියෙ තව කොල්ලෙක් එක්ක බං. උබ කෝකටත් පරිස්සම් වෙලා ඉඳපන්. මට වැඩිය සීන් එක අල්ලන්නෙ නෑ වගේ ඕයි.”

“කොල්ලා ගැනද උබ කියන්නෙ?”

“සේර ම ගැන බං. හිතහංකො නිකං පැත්තත් එක්ක”

“ම්.. උබ මොකෝ ඒ පැත්තෙ ගියෙ?”

“ආ.. ඔව් ඔව් තමුසෙ කුස්සිය ගිනිතියපන්කො මන් මරනවා තෝව.
මොකද්ද කිව්වෙ. ආ.. මායි අයියයි ඒ පැත්තෙ පාරකින් ආවෙ. මේ මනුස්සයට මොනවද ගන්න ඕනෙ වෙලා.
මොකද්ද පෙරළුවෙ ඒ පාර. අම්මපා..!!! බිඳහන් සේරම.”

“කන යකෝ.. බලහන් ගිහින්. මන් තියනවා ගිහින් මරාගනිං උබලා දෙන්නා”

“හරි මයෙ සව් ඇටේ. උම්මා..
මිස්ටර් අයෝන් ඉන්සර!!!”

බී එස්, ඩීපී, ආර් අයි පී, ඒබීසීඩී සේරම. අයෝන් අයියව නැවතත් මේ ලෝකය තුල දකින්නට ලැබේවා! ඒස්වාහ් පුඃ

මිනුච්චිත් ලේසි පහසු නෑ වගේ. කොල්ලෙක් ඉන්න එක හා කියමුකො. දැන් ඒ කෙල්ල ක්ලාස් එකේදිත් හැරි හැරු බලනවයි මල මගුලයි. සර් දැක්කොත් සේරම හරි. යකෝ ඉන්න එකා තියාගෙන හිටපන්කො මගෙ පස්සෙ එන්නෙ. මේක මාර උට්ටක් උනානෙ. අපේ කාලෙ මේවා උනේ නෑ අපේ හාම්දුර්වනේ!!

දැන් මං මේ හදන්නෙ තරහ උන රිළවෙක්ව යාලු කරගන්න. කලින් මගෙ අර සුදු දෝණි කෑල්ල ඇහිලා මූන හට්ටියක් කරන් හිටියෙ. මේකනෙ ඉතින් මන් කතා කරපු අනික්වා මුකුත් ඇහෙන්නෙ නැතුව ඇති හුළං සද්දෙට. එතකොට අරක ඇහුනෙ කොහොමද නේද? ඇත්ත වසයෙන් ම කිව්වොත් මාව ඒවෙලාවෙ එක්සයිට් වෙලා මගෙ වොලියුම් බට්න් එක එබිලා පොඩ්ඩක් සද්දෙ වැඩි උනා. ඔහොම තමා ඉතින් මගෙ ටුබියා උරණ වෙන්න මග පෑදුනෙ. ඉහික්.

📱ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න.
The ** you call is not…

ඔයා කියන්න ඕනෙ නෑ අක්කෙ මන් දන්නවා මුට චාරයක් නෑ කියලා. බලපං දැන් මේකා ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑනෙ.  මෙහෙම ගිහින් මූ මට පොල්ල තියලා එහා ගෙදර එකත් එක්ක පැනලා යයිද? අප්පටසිරි එහෙම උනොත් එහෙම.. ආ නෑ එහා ගෙදර ඉන්නෙ තඩි බලු තඩියෙක් ඉන්න හරහට උස හෙන ස්වීට් නැන්දෙක්. ටුබිය නැන්දා ලෝලියෙක් වෙන්න බෑ. එහෙම උනොත් මං ඕකාව මරලා හංගනවා.  නෑ එක්කො හංගලා මරනවා. ඒක ලේසි. ඊටපස්සේ.. ආ ආන්සර් කළා.

“හෙල්..”

“කවුද සෞරාෂ් ඒ?”

හික්ස්. මන් කිව්වෙ. හඤේ ඉතින් මයෙ රිළවා. එව්නාට මෙව්වා එකපාරට කියන්න හොඳ නෑ. හෙහේ..

“කවුද?”

“කවුද අහන්නෙ අර කතා කළේ එද්දි”

“ආ.. එයාද?  ඔයාට මං  කියන්න හිටියෙ හරිද. මං පොඩි කාලෙ මඟුලක් තීන්දු කළා හොඳේ. එතකොට ඔය කතා කළේ එයා තමා”

“ඇත්තද කියන්නෙ?”

“මොකද්ද? ආ ඔව් ඉතින් මොකටද මං බොරු කියන්නෙ. හැබැයි කෙල්ලයි කොල්ලයි මාර ලස්සනයි හොඳේ.”

“What? කොල්ලා? ඔයාට කිව්වෙ එහෙනං.”

“කව්ද මට කිව්වෙ? පිස්සුද හලෝ?”

“තේරෙන්න කියපන් පිස්සු කියවන්නෙ නැතුව.”

“තව්සෙනෙ පිස්සු කියවන්නෙ. මං පොඩි කාලෙ යුගාලෑ දිහා යද්දි එහෙ හිටියා අක්කෙක්. මගෙ කස් එක ඉතින්. කොහෙද නැන්දා අක්කව වෙන අයියෙක්ට කතා කරලා බැන්ඳුවනෙ. ඒක ගැන කිව්වෙ. තව්සෙ මොකද්ද හිතුවෙ.

” එතකොට කතා කලේ උබේ ඔය ක්‍රශ් එකද?”

“පිස්සුද හලෝ කතා කලේ නැන්දා. ලංකාවට එනවා කියන්න.”

“….”

මන් එයා කිව්වෙ මඟුල කතා කරපු නැන්දට ඉතිං. මෙයා මේ වෙන එයෙක්ව හිතාගත්තා කියලා මං මොනා කරන්නද? නැද්ද?

“ඒ කෝ ඔයා?”

“…”

“ආ තව්සෙ එහෙමයි නේ? මං කට් කරනවා එහෙනං. හිටපිය ඔහොම. බායි”

ටීක් ටීක්

මං ගැම්මට කට් කළා. හොඳවෙලාවට මනා අත්දැකීම් තියෙන්නෙ හිනා නොවී ඉන්න. මන් කට් කළාට ටුබියගන්නවලුනෙ ආපහු ඉතින්. හෙහේ.. එකාතකට දෙන්නම බොරුවට කියලා දැනගෙන සීරියස් දාගන්න වලි ආතල් අප්පා. හරේ..මේ ගන්නේ…

————————————————————

සොරි හොඳේ පරක්කු උනාට. මේක ලියාගත්තෙත් කැඩි කැඩි. අවුල් ද දන්නෙත් නෑ. එහෙම නම් කියන්න. එකදිගට නිදහසේ ලියන් යන්න හම්බුනේ නෑ මේ ටිකේ. 🥲 වැරදි බැලුවෙත් නෑ. තිබ්බොත් ඒවත් කියන්න. 🫠

මේ අනික් එක මට කතාවෙ මග ඇරෙන තැන් එහෙම තිබ්බොත් කියන්න හරිද? කතාව මුල ඉඳන් කියවන්න බෑ අලෙව්🥲
මේ චුක්කා චුක්කිලාගෙ සහයෝගය අවස්ස මොහොතයි🧐

ඒ අස්සෙ කියන්න හිටියෙ හලෝ මන් මේ meet you at the blossom බලලා අමන්දානන්දයට පත් වෙලා ඉන්නෙ😌♥️
ඒක ලස්සනයි හත්වලාමේ😫
බලපු අය ඉන්නවදෝ.. 👀

එහෙනම් මන් ගියෝ.. දුවන්න බලාගෙන මේ වට්ටිය පැත්තට ආවෙ.😪✋
ආතරෙයි ගොම්ඩක්♥️
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 46, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 46, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 46 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 46 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 46 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 46 light novel, ,

Comment

Leave a Reply

Chapter 48