Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 47

A+ A-

“හෙලෝ.. ඔව් අයියෙ කියන්න”

“මොකෝ මල්ලි හෙට වෙන්නෙ දැන්?”

“ආ.. අටට විතර එහෙට යන්න තියෙන්නෙ අයියෙ. යුගාට සැක හිතෙන්නෙ නැති වෙයි නෙහ්?”

“ශේප් කරගන්න පුලුවන් වෙයි එව්නාට ළං වෙද්දි යුගාන්ට තේරෙයි මල්ලි”

“ඔව් හැබැයි. එවුනාට යුගා අම්මව දැක්කම තමා හරියට ම සප්‍රයිස් වෙන්න”

“ඔව් බං. යුගාන් අම්මා ගැන කියනවා වෙලාවකට. “

“ඌ නොකියා හිටියට උට නැන්දා ළඟ නැති එක අවුල් අයියෙ. අපි එක්ක ඉද්දි හරි යුගා පිස්සු නටලා ඉන්න නිසා හොඳයි. ඌ ඉස්සරත් නැන්දා යද්දි අවුල් ගන්නවා දවස් ගනන්.”

“එහෙමද? හරි මල්ලි හෙට සෙට් වෙමු එහෙනං. තිබ්බා..”

“හරි අයියෙ එලම”

නැන්දා හෙට රෑ අට වෙද්දි මෙහෙට එනවා කිව්වෙ. අපි එතකොට ඒ වෙද්දි පෝට් එකට ගිහින් හිටිය ම හරි. යුගාට ඕක වැඩිය නෝට් නොවෙන්න එක්කන් යන එක තමා සීන් එක. මුට සිහිනැති කරන්න වෙයි වගේ.

මං ප්ලේ වෙන්න ගත්ත ඇඩ් එක ස්කිප් කළා. The polar express කියන්නෙ මං හෙන හිම්මිජි කාලෙ ඉඳන් ම බලන ෆිල්ම් එකක්. වැඩේ කියන්නෙ ඒක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. අද උදේ ඉඳන් ම දවසම මං ෆිල්ම් බලපු එක කළේ. අන්තිම සතිය නිසා ක්ලාසුත් දැන් නිවාඩු දීලනෙ තියෙන්නෙ. ආයි ඉතින් ෆුල් ෆ්‍රී. එහෙමයි කියලා එහෙමත් නෑ. වැඩත් කරන්න ඕනෙ මොනා කළත් වැඩ මග ඇරුනොත් නොකර හිටියොත් කම්මැලි හිතෙනවා ඊටපස්සෙ.

“මේකෙ පැණි ගතිය මදිද සෞ?”

“ඇති නෙහ්?
අම්මෝ මොන මදිද මේ එකට ඇලිලත් එක්ක අම්මෙ.”

අම්මා බෝල් එකකට පැණි දාලා හදපු පොප්කෝනුත් පුරවන් ඇවිත් මං ගාවින් වාඩි උනාට පස්සෙ මං ආපහු ෆිල්ම් එක ප්ලේ කළා. මෙහෙම නත්තලට ලංකාවටත් හිම වැටුනොත් කොහොම තියෙයිද දන්නෙ නෑ.

“ඒකත් ඉවරයිනෙ. මොකද්ද අයියෝ බලන්නෙ?”

“Home alone බලමුකො සෞ”

“ඊයෙත් කෑම කද්‍දි දාන් බැලුවා නේද? එපා වෙන්නෙ නැද්ද දෙයියනේ”

“දැන් ඔයාව හැමදාම දැක්කා කියලා එපාවෙනවද නෑනෙ?”

“අනේ මේ.. ඔයා එක්ක බෑ”

“à·„à·„à·Š à·„à·„à·Š.. සෞ මේ..”

“ඕ..”

“ලයිබ්‍රි යන්නැද්ද දැන්?”

“යන්න බැරි උනා අම්මෙ. යන්න ඕනෙ තමා. කාලෙකින් ගිහින් නෑ නේ මං?”

“ඔව් මැනිකෙ. කතාපොතක් කියවන එක ඔලුවට හොඳයි. ඒවා මගෑරගන්න එපා.”

“හාකො හාකො ඉතිං. ඔයාට මොකද්ද ඕනෙ මේ පාර?”

“ම්.. මන් කියවන කාගෙ හරි එකක් ම ගේන්නකො බලලා.”

“හා”

අම්මා ඕනෙ කිව්ව නිසා අපි ආපහු මුල ඉඳන් hom alone බැලුවා. ඒකත් ආතල් ඉතිං. පොඩ්ඩක් අවුස්සන්න මං හැපෝ හැපෝ ගෑවට මාත් මේක බලන්න පට්ට ම ආසයි. ඒ පොඩි කොල්ලගෙ ගැජමැටික් තමා නියම. හහ් හහ්..

ෆිල්ම් බලලා ඉවර වෙද්දි කාපු කෑම ලොට් එකේ හැටියට දැන් නම් අපිට රෑට කන්න බෑ වගේ. හෙහ්. පස්සෙ මායි අම්මයි ස්ටෝ’ රූම් එකට ගිහින් තිබ්බ අලිපත බොක්ස් ටික උස්සන් ආවා. යාහ්…. මං අවුරුද්දක් පුරාවට ම බලන් ඉන්න ආසම වැඩක් තමා මේක.

“සෞ මේකේ කොළ වැටෙනවා මේ..”

“වින්ටර් එක නිසා වැටෙන්න.”

“ඔව් ඔව් ඔය කිව්වෙ කතාවක්”

අම්මයි මායි එකතු වෙලා හතක් විතර උසට තියන නත්තල් ගහ සවි කරලා ඒකෙ එකේක ඩෙකර්ස් එල්ලුවා.
Tinsels,Baubles,Bells, gift boxes, candy canes, චූටි චූටි santaල, snowflakes, reindeersලා වගේ ගොඩක් ඩෙකර්ස් තිබ්බා එතන. ඕවා එකින් එක එල්ලන් යද්දි පොඩ්ඩ පොඩ්ඩ ගහ පිරෙන විදිහ හරි ලස්සනයි. මම දන්න තරමින් christmas tree එකෙන් represent වෙන්නෙ Jesus christගෙ birth & resurrection එක. ආච්චි පොඩි කාලෙ කිව්ව විදිහට එහෙම වෙන්න ඕනෙ. මට මතක නෑනෙ ඉතින්. බෑනෙ කරන්න.
Tree එකේ සේරම ඩෙකෝස් කරලා ඉවර උනාට පස්සෙ අන්තිමට තිබ්බෙ උඩ ම තරුව තියන්න. තරුවෙන් නම් symbolize වෙන්නෙ jesus christගෙ birth එක වෙලාවෙ ඒ පායපු තරුව වෙන්න ඕනෙ. හරියන්නෑ ආච්චි ගාවට ගිහින් ආපහු සේරම දේවල් අහගන්න ඕනෙ. මං ආස නෑ ඒ දේවල් අමතක වෙනවට. මං තරුව අතට අරන් ඒක දිහා ටිකක් වෙලා බලන් ඉද්දි අම්මා කතා කරපු නිසා මන් ගිහින් තරුව උඩින් ම රැදෙව්වා. දැන් හරි. අන්තිමට ගෝල්ඩ් කලර් tinsel එකක් යවපු බෙල් දෙකක් එල්ලලා තිබ්බ wreath එකක් ගෙනිහින් මන් ඉස්සරහ දොරෙන් එල්ලුවා.

සේරම හදලා ඉවර වෙලා මන් ආච්චිට වීඩියෝ කෝල් එකක් ගත්තා මේ ටික පෙන්නන්න කියලා.

“හොඳයි නේ? ලස්සනයිද?”

“ම්.. ගොඩක් ලස්සනයි. මගෙ කොල්ලත් ලස්සන වෙලාද කොහෙද. ඉලන්දාරියෙක් නෙ දැන් ඉතින්.”

“නෑ නෑ එහෙම නෑ”

“ආ.. ඇයි නැත්තෙ?”

“ඉලන්දාරි කියන්නෙ ඉල්ලන් දැරිවි කියන එකට. මන් දැරිවියො ඉල්ලුවෙ නෑනෙ. මුනුපුරා හොඳ කොල්ලෙක් කෙල්ලේ..”

“අපෙ අප්පේ ඉතින්. හා හා. මොකෝ මේ පාර සෞ පරක්කු වෙලා ඩෙකරේෂන්වලට..?”

“අප්පා එහෙමත් වෙලාද? හෙහ්.”

හරි සෞව්වො යමන් දැන්ම ආච්චිලගෙ ගෙදර. ගනිං ඇඳුම් ටික.
ආච්චි මාත් එක්ක කතා කරලා අපේ අම්මත් එක්කත් කියවන්න ගත්තා. ඒ දෙන්නා අම්මයි දුවයි වගේ තමා ඉතිං. ආච්චි ටිපිකල් නැන්දම්මා රෝල් එක ප්ලේ කරන කෙනෙක් නෙමේ අපේ අම්මාට එයාගෙම දුවෙක්ට වගේ ආදරේ කරනවා. එයා මාරම ලව්ලි ඇන්ඩ් ස්වීට් කෙනෙක්. මගෙ උරහිස ගාවට විතර ආච්චි උස. හිනාවෙද්දි එහෙම ඇස් දෙක ඉරක් ගානට චූටි කරලා ලස්සනට හිනාවෙනවා. දකින කෙනෙක්ට උනත් ආස හිතෙන තරම් සිරියාවන්ත පාටයි ඉතිං.

.
.

“වොහ් සුවඳයි අම්මේ!!! කෝ දෙන්න මං ලුණු බලන්න”

“නෑ නෑ කමක් නෑ මහත්තයා මං ඕවගෙ ලුණු බලලා තියෙන්නෙ. නැතුවට කමක් නෑ.”

“එහෙම බෑනෙ. වැඩි හොඳට බලමු..
ම්… ලුණු නම් හරී.. ආපහු බලමු සීනි හරිද කියලා”

“සෞ දෙනවා පාරක් දැන් මං..”

“ස්… කෝප නොගන්න මව් බිසවුනි කෝප නොගන්න.”

මං අම්මගෙ කම්මුලට චුක්කියකුත් දීගෙන ආපහු එතන තිබ්බ චොක්ලට් චිප්ස් ටිකකුත් උස්සලා කකා ආවා. අම්මා එකේකේවා බේක් කරනවා දැන් ගෙදර ඉන්න බැරි තරමට සුවඳයි. ඉන්න බෑ කියන්නෙ බඩගිනි එනවනෙ. හෙට වෙනකන් මං කොහොමද අප්පා ඉවසන්නෙ. ආ… අම්මා උදේ ඉඳන් ඔය අනං මනං හදන්නෙ. මාත් උදව් කර කර තමා හිටියෙ. පස්සෙ මගෙ කටයි බඩයිත් උදව් කරනවා කියලා මාව එලෝගත්තා. ඒකත් උදව්වක්නෙ මං කියන්නෙ.

දැන් ඔය හවස් වෙන්න කලින් සේරම ලෑස්ති කරලා ඉවර කරන්න හදන්නෙ පෝට් එකට යන්න ඕනෙ නිසා. අම්මගෙ යාළු මාළුවව පිළිගන්න යන්න එපැයිනෙ ඉතිං. ඔය දැන් ඉන්නෙත් හෙන හැපි එකේ. ආවට පස්සෙ දෙන්නට කරන්න වැඩ ඕන තරම් තියනවා. එතකොට මායි යුගයි කැලේ. දැන් ඕකට චූටිනැන්දත් එකතු වෙලානෙ. සුදුනැන්දත් රට හිටියට ට්‍රිබල හෙනට සෙට් වෙලා ඉන්නෙ. වෙලාවකට වීඩියෝ කෝල් එහෙම අරන් කියෝ කියෝ ඉන්නවා.

මන් තිබ්බ එකේක වැඩ කර කර ඉඳලා හයට විතර ලෑස්ති උනා. Oversized black hustle hoodie එකකට powder blue ඩෙනිම් එකක් ඇඳලා සුදු ෂූස් දෙකකුත් දාලා මං අම්මා එනකන් එලියට වෙලා ඇවිද ඇවිද ඉන්නකොට අම්මත් දිග ගවුමක් ඇඳලා තිබ්බා. දැන් නෙ තේරෙන්නෙ ඇයි ඩෙනිම් එකේ කලර් එක ඇහුවෙ කියලා. අම්මා උස නිසා දිග ගවුම් ඇන්දම මාර ලස්සනයි. දිග කොණ්ඩෙත් කඩලා දාලානෙ තවත් ලස්සනයි. මං හිනාවෙලා අම්මා දිහා බලන් ඉද්දි එයත් මං ගාවට ඇවිත් බලන් හිටියා.

“ලස්සනයි”

“මං දන්නවා අනේ..”

“හාකො හාකො”

මං අම්මත් එක්ක ගේට් එකත් වහන් එළියට බැස්සෙ අයියලාව හම්බෙනකන් යන්න. අපරාදෙනෙ ඉතිං මෙහෙට එන්නෙ. අපි ටිකක් ඉස්සරහට ගිහාම ලේසිනෙ. ටික දුරක් යද්දි කා එක ආපු නිසා අම්මයි මායි ගිහින් නැග්ගා. ආ.. අද අයියා පිටිපස්සෙ නැන්දා ඩ්‍රයිව් කරන්නෙ. ඒකත් ශෝක්. මං අම්ම ඉස්සරහින් නැග්ගට පස්සෙ පිටිපස්සට ගිහින් ඩෝ එක වැහුවා විතරයි බට්ටිච්චි මගෙ ඔඩොක්කුවේ.

“අම්මයි පුතයි අද කලර් මැච් කරලා ඇඳලා ලස්සනේ බෑ”

“ඔයාගෙ යාලුවගෙ වැඩ තමා චූටි නැන්දෙ”

“නරකයි නෙ නේද අනූ?”

“ඒක තමා. à·„à·„à·Š à·„à·„à·Š..”

මං අයියා දිහා බලද්දි එයත් හිනාවෙලා අම්මයි මායි දිහා බලලා මට සද්ද නැතුව තොල්වලින් ලස්සනයි කියලා කිව්වා. මාත් ඇහැක් ගහලා හිනාවක් දැම්මා. අයියත් අද බ්ලැක් ටී එකකට මට වඩා ටිකක් තද පාට ඩෙනිම් එකක් ඇඳලා ඒකෙ එයාගෙ ශේඩ්ස් දෙක දාලා හිටියෙ. අද කියන්නෙ මේ මනුස්සයා බැලුවොත් කළු තමා ඉතිං අඳින්නෙ. හැබැයි එහෙම ඇන්දම අයියට ලස්සනයි. මගෙ ටුබී හැන්ඩි රිළවා. හික්ස්.

“අම්මා ඉස්සරහින් අයින් කරලා ඉමු. හැමෝම මෙතන්ට එනවා කිව්වා.”

“ආ හා. අභී තාත්තට කෝල් එකක් අරන් දෙන්නකො. එහෙන් පිටත් වෙලාද දන්නෙ නෑ. මගෙ එකේ සල්ලි නෑ.”

“ම්.. ආ ගන්න”

————————————————————

මං ආපහු ආවා.. 🙋

ආ.. කියවන්න දෙයක් නෑනෙ. ඔවාලා කැමති colour collaborations මොනාද? ජොලියට වගේ කියන් යන්න. මං ගොඩක් ම full black චමා. හිතුනොත් ඒ එක්ක white,red or dark blue. හෙහේ..👻🙃

(සෞව්වයි අයියයි උඩ පික්කුවේ අද ඉන්නෝ.)

ඒනම් මං යන්නාම්.. අද ඡන්දෙ ඤෙහ්? 🗳️
සූට්ටක් විතර ආතරෙයි 🤏♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 47, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 47, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 47 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 47 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 47 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 47 light novel, ,

Comment

Leave a Reply

Chapter 49