My Romeo (Vkook)Âœ”ϸ LAST CHAPTER

All chapters are in My Romeo (Vkook)Âœ”ϸ
A+ A-

“බබා….”

“නැගිටින්නකෝ…”

“ම්ම්ම්”

“ම්ම් නෙවෙය් කෝ නැගිටින්න සුදූ දැන් නිදාගත්තා ඇතිනෙ ම්ම්?”

“හියු..න්..”

උදේ ටේහ්‍යුන්ග්ගෙ තුරුලෙ සැපට ගුලි වෙලා නිදාගෙන ඉන්න කුකී දිහා බලාගෙන පැය ගානක් භාවනා කරනව වගේ බලන් ඉදල් බැරිම තැන කුකීව නැගිට්ටවන්න හැදුවෙ තාමත් හා පැටියා වගේ ටේහ්‍යුන්ග්ගෙ තුරුලෙ නිදි නිසා…

” ඔයා නැගිට්ටෙ නැත්නම් මං තව round එකක් යන්න පටන් ගන්නද ?”

ටේහ්‍යුන්ග් කුකීගෙ කන ලගට ලං වෙලා ඩීප් වොය්ස් එකෙන් කොදුරද්දි කුකී හෙන ගැහුවා වගේ නැගිට්ටා…

“අහ්හ් ඔය නැගිට්ටෙ යස අගේට ළමයා…”

ටේහ්‍යුන්ග් හිනා වෙවීම කුකීගෙ කම්මුලක් හපද්දි කුකී ලැජ්ජාවෙන් ටේගෙ පපුව අස්සෙ ඔලුව ගහගත්තා.ඊයෙ රෑ එයාලා අතර උන දේවල් film එකක් වගේ ආයෙ ආයෙ මතක් වෙද්දි කුකීගෙ කම්මුල් ගිනිගන්නවා වගේ දැනුනා..

“මොකෝ මේ රතු වෙලා ම්ම්ම්…ඊයෙ කරපුවා මතක් කරනවද ම්ම්? බබාට ඕනිමනම් morning round එක-…”

“යහ්හ්හ් හියුන් කටවහගන්නකෝඕඕඕ වල් හියුන්…”

ටේහ්‍යුන්ග් මහ හය්යෙන් හිනා උනේ කුකීගෙ හුරතලේට…

“මේ බබා “

“ම්ම්ම්”

” ඊයෙ රෑ අර ෆය්ල් එකේ තිබ්බ මෙඩිකල් රොපෝට්ස් බොරුවක් උනා නෙහ් බලන්නකො ඉතින් ඒකෙත් හැටි”

ටේහ්‍යුන්ග් දුක හිතෙන මූනක් මවාගෙන කුකීට කින්ඩියට කියද්දි කුකීගෙ ඇස් ටොම්බ සය්ස් උනේ මේ මනුස්සයට කොහෙන්ද යකෝ ඒක අහු උනේ කියල හිතන ගමන්.

“හියු..න් මං මේ කිව්වෙ..හියු.න්ට කොහෙන්..ද ඒක හම්බු..නේ “

කුකී තඩි කෙල ගුලියක් ගිලින ගමන් එයාව කන්න වගේ බලන් ඉන්න ටේහ්‍යුන්ග් දිහා බැලුවෙ අදනම් එයා ඉවරය් කියල හිතන ගමන්

“ඔයාගෙ අත්ජාට මිත්‍රයා මගෙ නමට ඒක පාර්සල් කරල උදේ පාන්දර room එකට එවල තිබ්බා”

“මුගෙ ආච්චිට යකෝ හෙන හත වදින්න එපෑ..අමාරුවෙන් හදාගත්ත පව්ල එක දවසෙන් විනාස කරන්න හදනව මේ පාපතරයා…යසය් යසය්….”

“මොනාද බබා මුමුනන්නෙ…? මටත් ඇහෙන්න මුමුනන්නකො”

ටේහ්‍යුන්ග් එක ඇහිබැමක් උස්සල කියද්දි AC එක
අස්සෙත් කුකීට දාඩිය දාන්න ගත්තා.

“මු.කුත් නෑ හියුන් මේ නි.කන් à·„à·’à·„à·“….”

කුකී ගොන් හිනාවක් දාල කියද්දි ටේහ්‍යුන්ග් කටකොනෙන් හිනා උනා…

“මේ බබා අපි කෝකටත් ආයෙ චෙක් කරල බලමුද අර රිපෝට්ස් ඇත්තද බොරුද කියල ම්ම්?”

“හියු…න් අහ-“

“ශ්ශ්ශ් බේබි හියුන් නෙවෙය් දැන්…ඩැඩී කියන්න….”

එහෙම කියන ගමන්ම ටේහ්‍යුන්ග් කුකීගෙ චෙරි තොල් අල්ලගත්තෙ ආයෙමත් රාග ගින්නකට ආරාධනා කරමින්…

දවස් ගෙවුනේ හීයක වේගෙන්…ටේකුක් වෙඩින් එකෙන් පස්සෙ ටේහ්‍යුන්ග්නුය් කුකීය් එයාලට තෑග්ගක් විදිහට අප්පලගෙන් හම්බුන අලුත් ගෙදරට ආවා…වෙන්දට වඩා හැමෝම සතුටෙන් හිත් වල තිබ්බ සේරම ප්‍රශ්න ඉවර උනා වගේ දැනෙන්නෙ..අර සීත කාලෙකට පස්සෙ වසන්තය එනව කියනවනෙ…ඉතින් දැන් මේ ඇවිල්ල තියෙන්නෙ වසන්තය…ඒකෙන් කියවෙන්නෑ ඉස්සරහට ආයෙමත් සීත කාල එන්නෑ කියල අනිවාර්යයෙන් ආයෙමත් සීත කාල එය්..ඒ හැමකාලෙකටම ශක්තිමත්ව මුහුණ දෙන්නත් වෙය් ..ඉතින් ඒ හැමදේටම හොදින් මූන දුන්නට පස්සෙ මේ වගේ ලස්සන වසන්තයක් ආයෙ එය්…

අද ටේකුක් ගෙදර හරිම කාර්‍යබහුල වෙලා අද family දෙකම එකතු වෙන දවස ..කොච්චර වැඩ තිබ්බත් සතියට වතාවක් හැමෝම එක තැනකට එකතු වෙන එක පුරුද්දක් වෙලා කුකීගෙ යාලුවො ජිමින්ල හොබීල ජැකීලා පවා අනිවාර්යයෙන් එනවා මේ දවසට..ඉතින් අද ඒ හැමෝම ආදරේ ඉතිරෙන ටේකුක් කැදැල්ලට එකතු වෙලා….

කුකී හිටියෙ හැමෝටම ජූස් හදන ගමන්…ඒත් එකපාරටම පිටිපස්සෙන් ආපු අත් දෙකක් එයාව හිරකරගෙන බෙල්ල පුරා හාදු වලින් නාවන්න ගත්තේ කුකී එකපාරටම ගැස්සිලා යද්දි..

“හියුන්….අය්න් වෙන්න ඔම්මල දකී….”

“ම්ම්ම්ම්….”

ටේහ්‍යුන්ග් ට ගානක් නෑ එයා කුකීගෙ බෙල්ලත් එක්ක කාර්‍යබහුල වෙලා…

“කෝ කෝ….අය්න් වෙන්න හොද ලමය වගේ කෝ ඉතින්…”

කුකී අමාරුවෙන් එයාව වෙලාගෙන ඉන්න ලොකු අත් එයාට කරල ටේහ්‍යුන්ග්ව එයාගෙන් ටිකක් ඈත් කරේ ඔම්මලා කෙසේ වෙතත් මෙහෙම ඉන්නවා ජිමින්ල දැක්කොත් එහෙම රෙදි නැතුව පාරෙ බැහැල යන්න වෙන බව දන්න නිසා..

“ආය්ශ්ශ්…..ඔයා නපුරුය් කුකී.”

“ඔය ඉතින් පොඩි ළමයෙක් වෙන්න එපා හියුන්…ඔම්මල ගියාට පස්සෙ ඕන තරම් දෙන්නම් හරිද..”

කුකී හිමීට ටේගෙ බෙරි කරගත්ත මූන අතගගා කියද්දි අන්න එතකොට ටේගෙ මූනට පැනි හිනාවක් ආවා…

“ඔන්න එහෙනම් ප්‍රොමිස් උනා බබා හොදේ මෙයාලා ගියාම ඕන තරම් මං ගන්නව හොදේ….”

“ආය්ශ් යන්න අප්පා…..”

ටේ එහෙම කියාගෙන කුකීගෙ තොල් උඩින් පෙක් එකක් තියාගෙන යද්දි කුකී රතු උන කම්මුල් එක්ක ලැජ්ජාවෙන් ආයෙමත් ජූස් හදන්න ගත්තා…

ටික වෙලාවකින් කුකී ලිවින් රූම් එකේ ඉන්න හැමෝටම ජූස් හදාගෙන ගිහින් ටේගෙ එහාපැත්තෙන් වාඩි වෙද්දි ටේ කුකීගෙ කරට අතක් දාගෙන එයාගෙ ඇගට හේත්තු කරගත්තා

“කුකී ඔයය් ජිමිනුය් දැන් ආයෙ කරාතෙ ක්ලාස් එක කරන්න ගන්නව කිව්ව නේද?..”

” ඔව් ඔම්මා ඉස්සර වගේම ආයෙ ක්ලාස් එක පටන් ගන්නවා..”

“හ්ම්ම් ඒක හොදය්”..

යූන කතාව නවත්ටද්දිම mr.ජෝන් කතාව පටන් ගත්තා..

“ඉතින් මේ යන විදිහට තව වෙඩින් එකකුත් ඉක්මනට ගන්න වෙය් වගේ නේද ටේ”

“ඒකනම් ඇත්ත අප්පා කොහෙද ඉතින් අපේ ඇසුත් වහලා ජයටම දෙන්නෙක් ආදර වැස්සෙ තෙමිලනෙ…”

ටේහ්‍යුන්ග් කුකීටත් ඇහැක් ගහල හිමීට ජිමිනුය් යුන්ගිය් දිහා බලන් කියද්දි හැමෝම හිනා උනා…

“සිරාවට ජිමින් ඔයය් යුන්ගි හියුනුය් affair එකක් පටන් ගත්තෙ කොහොමද? හොබී කියනකම් අපි කවුරුත් ඔය ගැන දන්නෑ..මාර යාලුවො මටත් ඉන්නෙ à·„à·„à·Š..?”

කුකී ජිමින්ට බොරුවට ඔරෝන ගමන් කියද්දි ජිමින්නම් හිටියෙ සසර කල කිරිල වගේ…ඇය් යකෝ මිනියක් මරල කට උත්තර දෙන්න පොලීසියට යන එක හොදය් මුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා..

අන්තිමට ජිමින් හැමෝම ඉස්සරහ හොද හුස්මක් අරගත්තා..

“හොදය්ය්ය් හොදය්ය්ය් ඔන්න එහෙනම් අහගන්න මොකද්ද උනේ කියල

මං යුන්ගි හියුන්ව දැක්කෙ ටේ හියුන් එක්ක යූනා ආන්ටිගෙ birthday party එකට ඇවිල්ල ඉද්දි…ඉතින් අන්න එදාම තමා යුන්ගි හියුන් ගැන කැමැත්තක් ඇති උනේ.ඉතින් කොහොමින් කොහොම හරි මට තේරුනා හියුනුත් මං දිහා හොරෙන් හොරෙන් බලද්දි එයාගෙ හිතෙත් මං ගැන පොඩි අදහසක් හරි ඇති කියල …

“බොරු කියන්න එපා ජිමින් මං ඔයා දිහා බැලුවෙ නෑ එහෙම…”

යුන්ගි ටේහ්‍යුන්ග්ගෙ කින්ඩි හිනාව දරාගන්න බැරි තැනම එහෙම කියද්දි ජිමිනගෙ flower එක පැන්නා.

“අනේ යනවා පූසෝ යන්න මං යන යන තැනට cctv එක වගේ ඇස් දෙක ඔබාගෙන ඉදියෙ මන්ද එහෙනම් එනවා මෙතන බබා වෙන්න…”

යුන්ගි නිශ්ශබ්දය්…කොහොමත් ජිමින් එයාගෙ රෙදි ගැලව්වා දැන් හැමෝ ඉස්සරහම.. ආයෙ කට හෙල්ලුවට වැඩක් නෑ.

“ඉතින් ඔහොම යද්දි කුකීගෙ ප්‍රශ්නෙත් එක්ක අපි apartment එකට යද්දි එහේදි යුන්ගි හියුන් මගේ number එක ඉල්ලගත්තා.ඒකත් හැමෝටම හොරෙන්…ඉතින් ඔන්න එදා ඉදන් ටික ටික අපි දෙන්න ක්ලෝස් වෙන්න ගත්තා.ඊට පස්සෙ එදා කුකීගෙ වෙඩින් එකට කලින් දවසෙ ටේහ්‍යුන්ග් හියුන්ගෙ බොරු රිපෝට්ස් ටික හදාගන්න මං මගෙ යාලුවා ලග–

“කැහ් කැහ් කැහ්…..”

කොහෙදෝ නැති කැස්සක් එකපාරටම කුකීට….

“කොහෙන්ද නැවැත්තුවෙ මං?..

“මගේ බොරු රිපෝට්ස් හදන්න ගිය ගමන ළඟින්…

ජිමින් කුකීගෙ කැස්සෙන් බාධාවක් උන කතාව ආයෙමත් ටේහ්‍යුන්ග්ගෙ උදව්වෙන් පටන් ගනිද්දි කුකීනම් හිටියෙ අදෘශ්‍යමාන කෙනෙක් වගේ මොකද එවෙලෙ ටේහ්‍යුන්ග්ගෙන් එයාට ලැබෙන බැල්මවල් දරාගන්නවට වඩා අදෘශ්‍යමාන වෙන එක ඇගට හොද උනා..

“ඉතින් අන්න ඒ රිපෝට්ස් ටික ගන්න මගේ යාලුවගෙ ගෙදරට එන්න කියල තිබ්බ ඉතින් මං එහෙට යද්දි යුන්ගි හියුන් එහේ හිටියා..මං කීයටවත් හිතුවෙ නෑ එහේදි යුන්ගි හියුන්ව හම්බෙය් කියල …ඉතින් මගේ යාලුවගෙ හියුන් කාය් ..යුන්ගි හියුන්ගෙ යාලුවෙක්.. එදා කාය් හියුන්ව හම්බෙන්න තමා යුන්ගි හියුන් එහේ ගිහින් තියෙන්නෙ ..ඉතින් මට යුන්ගි හියුන්ට සේරම දේවල් කියන්න උනා..ඉතින් එදා හවස් වරුවෙම මං යුන්ගි හියුන් එක්ක ඇවිදින්න ගියා..ඔන්න එදා තමය් හියුන්ගෙ හිතේ තියෙන් දේවල් මගෙන් ඇහුවෙ..ඉතින් මගේ හිතේ හංගං හිටපු දේවලුත් මං එදා හියුන්ට කිව්ව..ඉතින් එදා ඉදන් අපි දෙන්නා boyfriends ලා උනා..සරලය් සුගමය්…ප්‍රස්න තියේද ප්‍රස්න.?…

“අපෝ නෑ මං අහපු හොදම කෙටි කතාව නියමය්..”

ජැකී එහෙම කියද්දි හැමෝම හිනා උනා ජිමින් යුන්ගි ඇරෙන්න…

ඉතින් ඔන්න ඔහොම පැය ගානක් එක එක්කෙනාගෙ කියවිලි අතරිනුත් හැමෝගෙම හිනාවන් අතරිනුත් මුලු ගේම දෝංකාර දුන්නා.

ඉතින් අවසානෙ හැමෝම එයාලගෙ comfortable zone එක හොයාගෙන…ඉතින් ජීවිතේ කෙලවර වෙනකන්ම සැනසීමෙන් ඒ අයගෙ බැදීම් මොන ප්‍රශ්නෙ ආවත් එයාල රැකගනීවී….මේ කොහෙත්ම හැමෝගෙම කතාවල අවසානෙ නෙවෙය් මේක තමා ඒ හැමෝගෙම කතාවල ආරම්භය ……..

ඉතින් අවසරය් සමුගන්න රෝමියෝගෙන්…..

හාය් ලමය්….❤️
ඔන්න එහෙනම් MY ROMEO අදින් අවසානය්…හරියටම 2023 july 1 පටන් අරන් 2024 july 1 වෙනකන් මට මේක ඉවරකරගන්න බැරි උනා..ඒකට සමාවෙන්න මං අතින් මෙච්චර පරක්කු උන පලවෙනි පොත මේක ඒ වගේම අවසාන එකත්…කවදාවත් ආයෙ මේ වගේ ඊලග පොත් පරක්කු වෙන්න දෙන්නෑ ❤️

කොහොම මේ කාලෙම මාත් එක්ක ඉදපු හැමෝටම ගොඩක් ආදරෙය් ❤️
සැරෙන් සැරේ Comment අස්සෙ පිස්සු නටපු හැම බබෙක්ටමත් ආදරෙය් 🤭❤️

ඉතින් ලස්සන ලමය්නේ හියා සමුගන්නම් ! අලුත් ෆැන්ටැසියකින් ආයෙමත් හමුවෙනකම් ….❤️

හැමෝම පරිස්සමෙන් ඉන්න ❤️
사랑해💜️

Tags: read novel My Romeo (Vkook)Âœ”ϸ LAST CHAPTER, novel My Romeo (Vkook)Âœ”ϸ LAST CHAPTER, read My Romeo (Vkook)Âœ”ϸ LAST CHAPTER online, My Romeo (Vkook)Âœ”ϸ LAST CHAPTER chapter, My Romeo (Vkook)Âœ”ϸ LAST CHAPTER high quality, My Romeo (Vkook)Âœ”ϸ LAST CHAPTER light novel, ,

Comment

Leave a Reply

Chapter 32