Spring Of Life 🍀28🌪️

All chapters are in Spring Of Life
A+ A-

මම හිතන්නේ මට හිරුන් අයියා එක්ක අඩි දහයට වඩා යන්න බැරි වුනා…. එක පාරටම පිටි පස්සෙන් ආව අතක් මගෙ අතින් අල්ල ගත්තා… ඒ වගෙම හිරුන් අයියා මගෙ අත අල්ලන් හිටිය තැනින් චතුක අයියා ඇවිත් අපි දෙන්නාගෙ අත් දෙක ඈත් කරා…..මාව අල්ලන් ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි මහත්තයා …..

” මූ යන් කිව්වාම මූ එක්ක ඔහොම යනවද …. ආ….. “

” යුගාෂ් …. කොල්ලාට බනින්න ලැස්ති වෙන්න එපා….”

කටකොනින් හින වුනු මහත්තයා මගෙ කට දෙපැත්තෙන් මිරිකලා අල්ල ගත්තේ මම හිතුවේවත් නැති විදිහට…

” මම උබෙන් දෙයක් ඇහුවා…. හ්ම්…අනික උබ හිරුන් පාඩුවේ හිටපන් …. මේක හස්බන්ඩ් ඇන්ඩ් හස්බන්ඩ් අතර ප්‍රශ්නයක් …..”

” පුතා පැහැසර ..මේක උසාවිය …අපි ගෙදර යමු… “

” ඔව් මල්ලී, අර ඇන්ද්‍රියාත් ඇවිත්….”

” ගිහින් නැගපන් කා එකට…. මිතුන් ඔන්න ඔය මහා ලොකු අනුන්ගෙ දුක් ගන්න අයියට කියපන් අපෙ ගෙදරට එන්න කියලා…මගෙ මිනිහගේ බඩු ටික අරන් යන්න….ගිහින් නැගපිය කා එකට….අන්න අර මගුලත් එක්කන් වරෙන් ගෙදරට …. “

එයා මගුල කිව්වේ එයා බදින්න ඉන්න කෙනාට… එයා මාව වාහනේට නග්ගන් එන්න ආවා…ඔව් අපි දෙන්නා විතරක්… අම්මා නම් තාත්තාට සමාව දිලා තිබ්බා…මම ගෙදරට එන්කන් කලේ ෂටර් එකෙන් එලිය බලාගෙන ආව එක විතරයි ….එයා අඩුම මාත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ…

එයා මගින් නවත්තලා කඩේකට ගියා… මල්ටී ෂොප් එකක් වගේ…විනාඩි 20කට පස්සේ විතර එයා ආවා…හැබැයි අතේ මොකුත් නෑ… එයා සාක්කුවේ තිබ්බ වොලට් එක අරන් මගෙ ඔක්කේට දැම්මා…වචනයක්වත් නෑ… මට මේක බලන්න කියනවද… නැත්තම් අල්ල ගන්න කියනවද කියන්න මට තේරෙන්නේ නෑ…

මම ඒ වොලට් එක අතේ තියා ගත්තා මිසක් බලන්න ගියේ නෑ… අපි ගෙදර එනකොට කට්ටියම ගෙදර ඇවිත්…හිරුන් අයියා පාරේ… දිනු අක්කා පව්… එයාට ගොඩක් දුක ඇතී… ඒත් අදින් පස්සේ හැමදෙම හරියයි….

” මල්ලි ගේ හරිම පිළිවෙලට ලස්සනට තියෙනවා ඕයි…. කවුද ගේ මේ තරම් හොදට බලා  ගත්තේ… “

” අරයා තමා…..”

” අදූ… මට හිතුනා…”

” ඒ මෙහෙට වරෙන්… ඒ … උබේ ප්‍රේමවන්තයාට කතා කරන්න… මූව විතරක් නෙවෙයි මුගෙ බඩු ටිකත් අරන් යන්න කියපන්….”

” මල්ලී….”

” අනේ පුතේ…. “

” ආ හරි… අරන් යනවා තමා යකෝ…සෙතික ගිහින් ඇදුම් අරන් එනවා…”

මම කොහොමත් දැන් මේ ගෙදරින් මගෙ රෙදි ටික අරන් යන්න එපැයි… මම ලැස්ති වුනේ කාමරේට ගිහින් මගෙ රෙදි ටික අරන් එන්න….මම බලාගෙන අම්මා ,අක්කා මොනවද කියනවා  .. ඒත් එයා නෙවෙයි ඒවා කනකට ගත්තේ….

‘ මේ කාමරේට ප්‍රශ්න අරන් එන්න එපා කියපු එයා අද මට මේ කාමරෙන් යන්න කිව්වා… මම අඩපු….මම එයාගෙම වුන…මගෙ හැම ආදරණිය ම මතකයන් තියෙන එකම තැන…ඉතින් දැන් මම යනවා… මම වෙනුවට වෙන කෙනෙක් මේ කාමරේට එයි…

මම නැතත් එයා සතුටින් ඉන්න ඕන හැමදාම… එච්චරයි ‘

මම මගෙ චුටි බඩට අත තියාගෙනම් පඩිපෙල බැහැල පහළට ආවා… එයා පඩිපෙල දිහා බලාගෙන පුටුවක් තියාගෙන වතුර එකක් බොන ගමන් ඉන්නවා… ඇන්ද්‍රියා එයා දිහා බලගෙන ඉන්නවා… ලොකු හුස්මක් පහතට හෙලපු මම මහත්තයා ළගට ගියා… එයා මගෙ ඇස් දිහා බලාගෙන ඉන්නවා… වචනයක්වත් නෑ..මම එයාට වැන්දා.. එයාට විතරක් නෙවෙයි ගෙදර හැමොටම…ඒත් එයා නෙවෙයි මන් දිහා හැරිලවත් බැලුවේ….මම ගේන් අඩිය එලියට තියන්න යනකොට එයා කතා කරා…

” මගෙ කියලා තියෙන කිසි දෙයක් උබට අරන් යන්න බෑ… ඔයාගෙ විතරක් කියලා දෙයක් තියෙනවා නම් ඒක අරන් යන්න පුලුවන් ….”

” ඈ…”

“මගෙ/දේවල්/මට /ඕන…..ඇහුනානේ…”

මගෙ ඇදුම් යට ඇදුමේ ඉදන් එයා අරන් දුන්න දෙවල්..මට මේ ගෙදරින් අරන් යන්න කියලා දෙයක් නෑ…හරිනම් මට ඇදන් ඉන්න ඇදුමවත් අරන් යන්න විදිහක් නෑ …මම් බැලුවේ එයා දිහා  ..

” ඇයි….”

“මට මේ ඇදන් ඉන්න ඇදුමවත්…..”

” බෑ…

ආ අම්මා අරන් දුන්න ඇදුමක් තිබ්බා… උපන් දිනේට..මම බෑග් එකෙන් ඒක අරන් බාත් රුම් එකට ගිහින් ඒක ඇදගෙන ආවා…මම ඇදුම වොශින් මැෂින් දැම්මා…

” සෙතික මල්ලියෝ… මට පරක්කු වෙනවා..මේ නාඩගම් බලන්න බෑ… වරෙන් යන්න….”

” හ්ම්…”

මම යන්න හදනකොට එයා ආයෙම අතා කරා…

” සෙතිකට දැන් කණ ඇහෙන්නෙම නෑ නේද…. “

” අයියා….”

” අනේ මේ යුගාෂ් … උබ නටපන්… එහෙ වරෙන් යන්න මල්ලි…”

හිරුන් අයියා මගෙ අතෙන් අලන් ඇදගෙන වගෙ යන්නයද්දි ඒයා එක පාරටම ඇවිත් හිරුන් අයියාගෙ අත අබරලා වගෙ අල්ල ගත්තා….

” මම උබට හොදින් කියන්නේ… සෙතිකට අත තියන්න එපා… “

එයා හිරුන් අයියා පැත්තට තල්ලු කරලා මගෙ අත් ගොබෙකින් මිරිකලා එයා ලගට ඇදලා ගත්තා.

” මම උබට කිව්වේ මගෙ කියලා ගැවිච්ච දෙයක්වත් අරන් යන්න එපා කියලා….ඈ….”

” මේක…අම්මා…..ආ….ව්….අනේ රිදෙනවා මහත්තයා “

එයා අත බුරුල් කරා…

” අම්මා, ඇදුම අරන් දුන්නේ අම්මා වෙන්න ඇති මම නෑ කිව්වේ නෑ .. මම උබට කිව්වේ මගෙ කියලා ගැවිච්ච දෙයක්වත් උබට අරන් යන්න බෑ කියලා…..”

” මම මොකුත් ඔයාගෙ අරන් යන්නේ නෑනේ….ඇයි ඔහොම කරන්නේ… මගෙ හිත තවත් රිද්දන්න එපා… මට අඩන්න බැරි කමට ඉවසගෙන ඉන්නේ…ආම වදින්නම් කියන දෙයක්…”

” තේරෙන්න තමයි යකෝ කිව්වේ..මගෙ කියලා ගැවිච්ච දෙයක්වත් අරන් යන්න බෑ කියලා… “

” බබා… ඔයාගේ මල්ලිට යන්න දෙන්න… රිලැක්ස් වෙන්න “

ඒ ඇන්ද්‍රියා…… එයා මගෙ මහත්තයාට බබාලූ..මම හංගන් හිටපු කදුලු පල්ලම් බැස්සා … එයාට  අයිතිය කියන්න දැන් කෙනෙක් ඉන්නවා….

” ඇන්ද්‍රියා … තමුසේ කට වහාගෙන ඉන්නවා… මේක මගෙයි මගෙ හස්බන්ඩ්ගෙයි දෙයක්…. මූ මගෙ මල්ලි නෙවෙයි …මේ ඉන්නේ මගෙ හස්බන්ඩ් , මගෙ දරුවගෙ අම්මා… මට ඔය බබා කියන එක නවත්තන්න … “

මගෙ ඇස් ලොකු වුනා… එයා මට එයාගේ හස්බන්ඩ් කිව්වා එයා බදින්න ඉන්න කෙනාට…එයාට බබා කියන්න එපා එපාලු..අපෙ දරුවා ගැන කිව්වා…..මම එයා දිහා බලන් ඉන්නකොට එයා එක පාරටම මාව ඇදලා එයාගෙ හුස්ම ගැවෙන තරමට ලගට ගත්තා….

” මම කියපු දේ තේරුනාද… මම උබට කිව්වේ මගෙ දෙවල් තියලා යන්න කියලා….හ්ම්…ඔය බඩෙ ඉන්න පැටියා කාගෙද ….හ්ම්…”

” අපේ…..”

” අපේ කියන්නේ… කට නැද්ද කාගෙද කියන්න බය නැතුව… !!”

එයා බෙරිහන් දුන්නා…මගෙ කදුලු තව වැඩි වුනා විතරයි

” ඔයාගෙයි…මගෙයි මහ….නෑ…පැහැසර අයියා “

” හ්ම්…ඔයාගෙයි මගෙයි ,ඒ හිරුන් උබට ඇහුනනේ… මුගෙයි මගෙයි… පැටියගේ අප්පා මම නම්…උබයි මායි කවුද…හ්ම්….උත්තර දෙන්න ..”

” ඔයා මගෙ මහත්තයා  “

” එහෙනම් කොහෙද à·„à·”## මේ යන්නේ… පල කාමරේට …. මගෙ යකා අවුස්සන්නේ නැතුව… උඩදාගෙන යන්න මෙතන…. මම මිට කලින් උබට කියලා තියෙනවා යුග්…. ගහා මරා ගත්තා වුනත් මම ඒ කාමරේවත් උබ ඒ කාමරේවත් තනි වෙන්න බෑ කියලා…

මම පිළිගන්නවා මාත් බොරුවක් කරා කියලා… ඒත් උබට මාව දලා යන්න බෑ… තේරුනාද… සමාව වෙන දෙයක්… ඒත් අපේ බැදිම වෙන දෙයක්… උබ හින්දා මට මගෙ පවුල නැති වුනා වගෙම මට උබ හින්දම තව පවුලක් ලැබුනා..පවුලක් නෙවෙයි මගෙ කියලා ලෝකයක්…. ඒ නිසා පලයන් කාමරේට

හිරුන් උබට මේ මම හොදින් කියන්නේ… උබට මගෙ අක්කා ඕනේ නම් ඒ විදිහට වරෙන්…හැබැයි යුග්…..මගෙ… සෙතික යුගාෂ්වර යාපා….මගෙ…. ඔන්ලී මයින්…. අනුන්ගෙ දුක අහන අයියා වෙන්නේ නැතුව පාඩුවේ හිටපන් ..බුරුවා….”

එයා ඒ ටික කිව්වේ මාව පපුවට තුරුල් කරන් … මට ඇඩුනා… මම ඇත්තටම බය වුනා මට දරුවා එක්ක තනි වෙන්න වෙයි කියලා… එත් ඇන්ද්‍රියා …..මම බැලුවේ එයා දිහා…..එයා මට රවාගෙන ඉන්නවා….

” පැහැසර අයියා …මම කොයි කාමරේට ද යන්න ඕන….”

” යුග්…. අයියාලා මල්ලිලා à·„à·”## ළමයි හදන්නේ නෑ නේද… හ්ම්… මම උසාවියේ දි දෙයක් කිවා… මම දැන් ආයෙ කියනවා…සමාව දුන්නා නැතා…මම උබෙ හස්බන්ඩ් ,හ්ම්…ඒ නිසා මහත්තයා කියලා කතා කරනවා…

අනික කොයි කාමරේ ද කියලා අහන්නේ… තමුසේ කෝමා එකක හිටියේ නෑනේ බබා… හ්ම්… අපෙ කාමරේට ……”

“යුගා…මට මොකද වෙන්නේ …. ඔයා මට පොරොන්දු වුනා මාව මැරි කරන්න…”

” එත් ඇන්ද්‍රියා දුව…මගෙ පුත මැරි කරලා ඉන්නේ.. එයා දැන් තාත්තා කෙනෙක් වෙන්න … ඉතින් කනගාටු වෙනවා පුතේ අපෙ පුතා අතින් වුන වැරැද්දට …. ඒත් ඔයාට තේරෙනවනේ…”

ඒ ලොකු නොනා…නෑ…අම්මා…

” ඇන්ද්‍රියා …මට සමාවෙන්න …මම දන්නවා ඔයා ගොඩක් හොද කෙනෙක් …එත් මම හැරෙන්න බැරි තරම් දුව ඇවිත් ඉන්නේ…”

” ඔයාට ඕන වුනේ මෙයාගෙන් පලි ගන්න… දැන් ඉතින් හරිනේ බබා..මෙයාව අත ඇරලා මන් ගාවට එන්න… දරුවා නම් ප්‍රශ්නේ ..එයාව නැති කරමු….. “

මට මම එයාව අල්ලන් හිටපු අතාත ඇරුනා… මම අඩි දකක් පස්සට වුනා එයාගෙන්… මහත්තයා මන් දිහා අමුතුවට බැලුවේ මම බය වුනා කියලා එයාට තෙරුන නිසාම වෙන්න ඇතී..එයා මට යන්න දෙන්නෙ නැත්තේ ඒ නිසාද…..

” ආයේ කියපන් ඒක….ඇන්ද්‍රියා කියපන් ඉතින් කියපු එක….”

” අපි දරුවා නැති කරමු… එත්….”

” චටා……..ස්, චටාස් “

එක පාර කම්බුල් පාරවල් දෙකයි……

” යකෝ…මුගෙ බඩේ පණ ගැහෙන්නේ මගේ ලේ…. කවලන් නෑ…ඔරජිනල් මගෙ ලේ…. තෝ මොන කටකින්ද යකෝ ගැණියෙක් වෙලත් දරුවෙක් නැති කරමු කිව්වේ…

යකෝ මෙකා මම සමාව දෙන්න බෑ කියද්දිත් මූ කිව්වේ මම තනියෙම හාරි මගෙ දරුවා…නෑ.අපෙ දරුවා හදා ගන්නවා කියලා… “

” ඔයා මට අත ඉස්සුවා….යුගා….ඔයාට මේ හිගන්නා ලොකු වුනා… ඉතින් ඔයාට පුලුවන් නේ මාත් එක්ක දරුවෙක් හදා ගන්න…”

” පුලුවන් ..එත් ඒ මගෙ පළවෙනි දරුවා වෙන්නේ නෑනේ ඇන්ද්‍රියා ..මට සමාවෙන්න මම කැමති නෑ ඔයාට අත උස්සන්න ,එත් මේ සම්බන්දේ මට මිට වඩා දුර අරන් යන්න බෑ… “

“ඔයා බොරු කරේ මට..ඔයා කිව්වේ පලි ගන්න විතරයි මෙයාට ලන් වෙන්නේ කියලා…”

“හ්ම්..එකේ බොරුවක් නෑ..එත් මට වැරදුන තැනක් තිබ්බා… මූ නැත්තම් අද මට මේ අයත් නෑ…අවුරුදු 10ක් මගෙ පොඩි නංගි දුක්විඳ විද බලා ගත්තේ මූ… මට ඒ වැරැද්ද කරන්න බෑ .. සමාවෙන්න … ඔයා හෙට උදේන්ම මෙහෙන් යන්න…

අනික මම ඔයාට බදින්න පොරොන්දු වුනාට මේ වෙනකන් මම ඔයාට අතවත් තියලා නෑ…අනික නළලට දෙන හාදුවට වඩා දුර කොහොමත් නෑ… අනික අවුරුද්දක් විතර එහෙමවත් අපි ලන් වුනේ නෑ  ..ඉතින්… ඔයාව පිරිසිදුව මම තිබ්බා    …. ඒත් යුග්…එහෙම නෑ… මම ඌට කරන්න පුලුවන් හැමදෙම කරා..අවසානේ බඩට දරුවෙකුත් දුන්නා…

ඔයාට තේරෙනවා මම කියන දේ… කසාදේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි ඇන්ද්‍රියා … සමාවෙන්න මම ඔයාට වන්දියක් දෙන්නම්… කියක්ද ඕන…ඔයාගේ කාලේ නාස්තිකරාට මම….”

“ඔයා එහෙමද දැන්…”

” හ්ම්..ඔව්….”

“මේකට ඔයාට පසුතැවෙන්න වෙයි යුගාෂ් …මතක තියා ගන්න….මට කෝටි 50 ක් ඕන… ඩිල්…”

” හ්ම්… පසුතැවෙන එක මම බලා ගන්නම් … ඔයාගෙ සල්ලි ඔයාට ලැබෙයි… යුග් …මගෙ ෆෝන් එක අරන් දෙන්න… අතන ටේබල් එක උඩ ඇත්තේ  .”

මම…. එයා මට රැව්වා ..මම ඉක්මනට එයාට එයාගේ ෆෝන් එක අරන් දුන්නා…

” හ්ම්..සල්ලි ලැබෙන්න ඇතිනේ…හරිනේ…”

ආ… ඒත් …ඇයි ඔයා එහෙම කරන්නේ මහත්තයා

” හ්ම්…මිස්ටර් හිරුන්…මාව මේ ලග තියෙන හොඉටලේකට අරන් යන්න…මේ වගෙ ජරා මිනිස්සු එක්ක මට ඉන්න බෑ…”

” සමාවෙන්න ..මගෙ වයිෆෙන් අහලා ඉන්න ඕන… නැත්තම් ඕකිත් මාව බදින්න බෑ කියයි…සුදු නෝනා…මොකො කියන්නේ මේ අසමත්ජාති බකපන්ඩිතයගෙ වෙන්න හිටපු  කැල්ල ගිහින් දාන්නද… මගෙ මැණිකත් එනවද….”

ඒ හිරුන් අයියා… එයා කියපු දේට මට බකස් ගාලා හිනා ගියා ..

” තෝ මොකද හිනා වෙන්නේ… උබටත් ඉතින්මොකාට හාරි සිරික්කිය දාන්න තියෙනවා නම් ඒ ඇතී… මේ වරෙන් යන්න…

බලා ගමු මසිනේ…මේක මෙතනින් ඉවර නෑ…හරිද…”

මහත්තයා ව්හෙම කියන ගමන් මාව එක්කගෙන ආවේ අපේ කාමරේට ..මම දලා යන්න ගියපු කාමරේට ….

 
………………………………………………..

ඔන්න අරන් ආවා……

à·„à·“….කොහොමද

යුගා…ඇත්තටම සමාව දෙන එකක්ම නැද්ද…..

ඇන්ද්‍රියා ඇත්තටම යයිද……

එතකොට සෙනුකගෙ වදේ ඉවර වෙයිද……

ඔයාල අමතක වුන තව ප්‍රශ්නයක් තියෙනවා….උත්තරයක් නැතී……..මතක් කරලා බලන්න මොකක්ද කියලා…අමතක නම් ආසද දැන ගන්න කියලා මට කියන්නකෝ….

මම මේ කොටස දෙන්න හිටියේ මෙහෙම නෙවෙයි …එත් ඉතින් සමහර අය මාව පොලේ ගහන්නත් හැදුවා…අනික මගෙ පැටවුන්ට වැඩිය දුක දෙන්න බෑ කියලා හිතුනා….🥺❤

අයෙත් හමුවෙමු

හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න

😊❤ming ji

Tags: read novel Spring Of Life 🍀28🌪️, novel Spring Of Life 🍀28🌪️, read Spring Of Life 🍀28🌪️ online, Spring Of Life 🍀28🌪️ chapter, Spring Of Life 🍀28🌪️ high quality, Spring Of Life 🍀28🌪️ light novel, ,

Comment

Leave a Reply

Chapter 29